IMG-LOGO

අපු‘ර නගර සභා මූල්‍ය වංචාවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

(උපාලි ආනන්ද)
 
අනුරාධපුර මහ නගර සභාවේ  සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි  අසූ හත් ලක්ෂයේ මුදල් වංචා සිද්ධියට සැකපිට අත් අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර කර සිටින ප‍්‍රධාන සැකකාරිය ඇතුලූ සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීම ප‍්‍රතික්ෂේප කළ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා   විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා සියළු සැකකරුවන් මේ මස 20  දක්වා  තවදුරටත් රිමාන්ඩ්  කරන  ලෙස නියෝග කළේය.

 
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල අද (15) අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ  යළි කැඳවූ අවස්ථාවේය.

 
අනුරාධපුර මහ නගර සභාවේ  වැටුප් විෂය බාරව කටයුතු කළ  යුත්තේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු වුවද එම  මහ නගර සභාවේ  වැටුප් විෂය බාරව රාජකාරි කර ඇත්තේ කම්කරු සේවිකාවක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය  මීට පෙර වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැන්වීය.
 

වසර පහක පමණ කාලයක් මහ නගර සභාවේ වැටුප් විෂය බාරව රාජකාරි කර ඇත්තේ මෙම මූල්‍ය වංචා සිද්ධියට දැනට  රිමාන්ඩ් කර සිටින කම්කරු සේවිකාව බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය    මහ නගර සභාව සතු මුදල් බැංකු ගත කළ ලේඛන මේ  වන විට නගර සභාව සතුව නැති බවත් ඒවා අස්ථාන ගත කරන්නට හෝ විනාශ කරන්නට ඇති බවට සැකයක් පවතින බවත් තවදුරටත් අධිකරණයට දැනුම් දැන්වීය.
 

 එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුවේ  වානිජ අපරාධ විමර්ශන අංශය තවදුරටත් අධිකරණයට කියා සිටියේ මෙම මූල්‍ය වංචාවට සැකපිට   රිමාන්ඩ් බාරයේ රඳවා සිටින පළමු සැකකාරියගේ(මහ නගර සභාවේ වැටුප් විෂය නිලධාරිණිය ලෙස රාජකාරි කල කම්කරු සේවිකාවගේ)    දරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් වලටද නගර සභාව සතු මුදල් රුපියල් ලක්ෂ ගනනක් බැර කර ඇති බවත් ඒ පිළිබදව තවදුරටත් කරුණු අනාවරණ කර ගැනීම සදහා පරික්ෂණ ක‍්‍රියාත්මක බවත්ය.



අදහස් (0)

අපු‘ර නගර සභා මූල්‍ය වංචාවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site