(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවයේ නිරත තැපල් සේවකයෝ අද (22) අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට දි උද්ඝෝෂණයක නිරත වුහ.
නව ව්‍යවස්ථාවක් ඇති කිරිම සහ 3 වැනි ශ්‍රේණිය ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයන් දීප ව්‍යාප්ත මට්ටමින් සිදුකරනු ලබන වර්ජනයට සහය පළ කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
විවිධ බැනර්, පෝස්ටර් රැගෙන සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුණු තැපැල් සේවකයෝ පැවසුවේ තම ඉල්ලිම් ඉටුවන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.