මනුල වික්‍රම
අනුරාධපුර ශ්‍රී මහා බෝධිස්ථානයට සේවා සපයන විහාර ගම්මාන නවයකට අයත් ග්‍රාම නිලධාරීවරු තිදෙනෙක් ජනතාව සිය පාරම්පරික ඉඩම් විහාර දේවාලගම් පනත යටතට පවරාගැනීමට එරෙහිව අද (8) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුහ.
මෙම ගම්මාන වන්නේ අංක 243 පුසියන්කුලම,291 විහාර කල්ලංචිය හා 292 විහාර පාලුගම යන ග්‍රාම සේවා වසම් ය.
වසර දහස් ගණනක් තිස්සේ පැවති එන මෙම ගම්මානවල දැනට පදිංචිකරුවන් පවුල් 6000 ක් පමණ සිටින බවත් ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිසම මගින් දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කර තිබියදී ඒ වෙනුවට මෙම ඉඩම් විහාර දේවාල ගම් පනත යටතට ගැනීමෙන් තම අයිතිය අහිමි කිරිමට එරෙහිම මෙම විරෝධතාවය දක්වන බවත් විහාර හම්මිල්ලකුලම ශ්‍රි සුගතාරාම විහාරයේ විහාරාධිපති ගෝනගල ඤාණාලෝක හිමියෝ කිහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අ’පුරේ ඉඩම් විහාර දේවාලගම් පනතට පවරා ගැනීමට එරෙහිව විරෝධයක්