නාලක සංජීව දහනායක
දිවයිනේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම ආවරණයවන පරිදි අපනයන ගම්මාන 5,000ක් ඉදිකිරීමට සමාජ සුබසාධන හා ප‍්‍රථමික කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික වූ පළතුරු, ඖෂධ හා වෙනත් බෝග වර්ග මෙම ගම්මානවල වගාකිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීම තුළින් අපනයන ආදායම වැඩිකර ගැනීම රජයේ අරමුණ වී තිබේ.
එමෙන්ම දිවයිනපුරා අපනයන බෝග පැල දසකෝටියක් බෙදාහැරීම හා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගිවන අයට පැළයක් ලබාදීමටද අමාත්‍යංශය තීරණය කර ඇත.
වත්මන් රජයට වසර තුනක් පිරීම නිමිත්තෙන් මෙම මස 15 වැනිදා සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇත.
COMMENTS
පැලේකට රුපියල ගානේ තිබ්බොත්, රුපියල් දසකොටියකට වැඩේ දෙන්නයි යන්නේ. පැලේ ගණනේ දීලා , උදහරනේහට ගම්මිරිස් පැල ගනිමු, ගම්මිරිස් ඇට හුන්ඩුව ගණනේ එකතු කරලා අපනයනය නංවන්න පුළුවන් කියලා ගොන් අදහසක් දුන්නේ කවුද? අක්කර තුන හතරක්වත් තියෙන ගම්මිරිස් වගාවට කැමති අයට සේරම පැලටික දීල වවන්න කිව්වොත් ඉඩෝරෙට වතුර ගහල හරි වගාව ආරක්ෂා කරගන්නවා. අන්තිමේ රටටත් වැඩක් වෙනවා.
හොද වැඩක්. හැබැයි කෙරෙයිද කියලනම් විශ්වාසයක් නැහැ. වසර තුනක් ගියානම් වැඩපිළිවෙල ඉදිරිපත්කරන්න ඕවා කෙරෙන්න කොච්චර කල් යයිද දන්නේ නෑ. කොහොම උනත් රටේ තියෙන සම්පත් විකුණනවට ඇරෙන්න මේ වගේ අදහසක් හරි පහලවීම ගැන සතුටුයි.