IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


අනුරපුර රෝහලේ තැලමීසියා වාට්ටුවට වෛද්‍යවරයකු නැතිකමින් රෝගීන් අමාරුවේ

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝගයෙන් පීඩාවට පත් දරුවන් නේවාසික ප්‍රතිකාර ලබන වාට්ටුව වෛද්‍යවරයෙකු නොමැතිකමින් වසා දැමීමට රෝහල් බලධාරින් ගෙන ඇතැයි කියන  තීරණයට විරෝධය පල කරමින් අද (27) දෙමාපියන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවී උද්ඝෝෂණයක නිරත විය.


මේ නිසා එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවු අතර පොලිසිය මැදිහත් වී අතුරුමාර්ග කිහිපයකින් වාහන ධාවනය කිරිමට සැලැස්වීය.


මෙම වාට්ටුව වසා දැමිම  නිසා තමන්ට සහ තම දරුවන්ට සිදුවන දුෂ්කරතාවය පිළිබඳව අදහස් දක්වමින් රෝගි දරුවෙකුගේ මවක් වන කහටගස්දිගිලිය කේ.එල්.එස්.සාගරිකා මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘අපේ දරුවෝ නේවාසිකව ප්‍රතිකාර ලබපු තැලසිමියා රෝගි වාට්ටුවට දොස්තර මහත්තයෙක් නැහැ කියලා  හෙට (28) ඉඳලා වහන්න යනවා.

ළමයින්ට ලේ දෙන්න වාට්ටුවක් නැහැ. වාට්ටුව වහපුවාම අපි දරුවන් තියාගෙන කොහේද ඉන්නේ? දැන් ඉන්නේ එක දොස්තර කෙනෙක්. එයාට තනිවම වැඩ කරන්න බැහැ කියලා වාට්ටුව වහන්න යනවා. දරුවන් පන්සියකට අධික පිරිසක් මේ වාට්ටුවේ ඉන්නවා...


අපි රෝහල් අධ්‍යක්ෂතුමාටත් මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කළා. එයා වටේටම කතා කරලා අන්තිමට කිව්වා කුරුණෑගල රෝහලෙන් වෛද්‍යවරයෙන් එනවා කියලා. කවදා වෛද්‍යවරයෙක් එයිද කියලා අපි දන්නේ නැහැනේ. මේ වාට්ටුවේ රජරට තැලසීමියා රෝගි දරුවන් පන්සියක් විතර ඉන්නවා.


මේ වාට්ටුව වැහුවොත් අපි කුරුණැගලට යන්න ඕනේ. කුරුණාගල දවස් දෙක තුනක් නතර වෙන්න ඕනේ. අපිට එහෙම වාතාවරණයක් නැහැ. සමහර ළමුන්ගේ ලේ අඩුම වෙනවා. ලේ දෙන්න දෙන්න ළමයින්ගේ යකඩ වැඩි වෙනවා. එතකොට අතුරුආබාධ ඇතිවෙනවා. මේක දරුවන් වෙනුවෙන්ම තියෙන වාට්ටුවක්. සුරක්ෂිතයි. විෂබීජ ඇතුලු වෙන්නේ නැහැ. වෙනත් වාට්ටුවල ලේ දෙන්න බැහැ. විෂබීජ ඇතුල් වෙනවා.


අපි කියන්නේ දොස්තර කෙනෙක් දෙන්න වාට්ටුව වහන්න එපා කියලයි...මේ දරුවන් සෑහෙන්න දුක් විඳිනවා. සමහර අම්මලා දවස් දහය පහළව නතර වෙලා ඉන්නවා. රජයෙන් මාසයකට රුපියල් තුන්දහසක් ලැබෙනවා අඩු ආදායම් ලාභින්ට... ඒක හැරෙන්නවත් මදි. අපි ජීවත්වෙන්නේ අමාරුවෙන්.‘‘ යැයි පැවසුවාය. මේ සඳහා සාධාරණ විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී මීට විරෝධය පලකරමින් උද්ඝෝෂණයක නිරත වන බවද ඇය පැවසුවාය.


මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ දුලාන් සමරවිර මහතාගෙන් කල විමසීමේදි හෙතෙම මේසේ පැවසීය.

 

‘‘මෙම වාට්ටුවේ වෛද්යලවරු දෙදෙනෙක් සේවය කරනවා. ඉන් එක් වෛද්යේවරයෙකු රෝගාතුරවී ප්රසතිකාර ලබනවා. මේ වනවිට ඔහු සැත්කමකටත් ලක්කොට තිබෙනවා. ඔහුට සුව වෙන්න තවත් මාසයක් පමණ ගතවෙයි.
ඒ අනුව දැනට මෙම රෝහල් වාට්ටුවේ සේවය කරන්නේ එක් වෛද්යවවරයෙක් පමණයි.


එමනිසා මෙම වාට්ටුවල ඉන්න රෝගී දරුවන් රෝහලේ අනෙකුත් ළමා රෝගින් ඉන්න වාට්ටුවලට ඇතුළත් කර ප්රකතිකාර කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වාට්ටුව වසා දමන්නේ නැහැ. මේක තාවකාලික පියවරක් පමණයි.


මම කුරුණැගල රෝහලෙන් ඉල්ලිමක් කර තිබෙනවා. තාවකාලිකව වෛද්‍යවරයෙක් මෙම රෝහලට අනුයුක්ත කොට දෙන්න කියලා. එලෙස වෛද්‍යවරයෙක් ලැබුනොත් මෙම වාට්ටුවේම දිගටම ප්‍රතිකාර සිදුකල හැකියි...‘‘ යැයි වෛද්‍ය දුලාන් සමරවිර මහතා පැවසීය.



අදහස් (1)

අනුරපුර රෝහලේ තැලමීසියා වාට්ටුවට වෛද්‍යවරයකු නැතිකමින් රෝගීන් අමාරුවේ

Perera Sunday, 28 October 2018 05:26 AM

කෝ අර රෝගීන් වෙනුවෙන් පෙනී සිටිනවය් කියන ජීඕඑම්ඒ එකේ පිරිස්???

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site