(ඔගස්ටින් ප්‍රනාන්දු)
ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හලාවත ප්‍රදේශයේ පහත්බිම් සියල්ල යටවී, පවුල් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇත.
හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයික්කුලම, අසරප්පාවත්ත, වුඩ්ලන්ඩ් වත්ත, අලඹ, කොරයා වත්ත, සංගතට්ටාන, කාවාටියාවත්ත යන ප්‍රදේශයන්හි පවුල්වල පිරිස මෙසේ පීඩාවට පත්ව සිටිති.
වර්ෂාවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ මයික්කුලම අසරප්පා වත්ත ප්‍රදේශයේ ජනතාවට බව ඔවුහු කියති.
ඇළ මාර්ග අවහිර වන ලෙස තාප්ප ඉදිකිරීම, බෝක්කු තනා නොදීම, කාණු ඔස්සේ නිසි ලෙස ජලය ගලා නොයාම වැනි කරුණු හේතුවෙන් වැසි ජලය ගලා නොගොස් එහිම රැදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මේ අතර හලාවත ප්‍රාදේශීය සභාව බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන මයික්කුලම ප්‍රදේශයේ කාණු පවිත්‍ර කිරීම ආරම්භ කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd