Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 26 වන ඉරිදා
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආරක්ෂක අංශ පරිහරණය කරන අත්බෝම්බ දෙකක් හා දැලි පිහියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (15) මොරන්තුඩුව ආරියගමදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මාමා සහ බෑනා වන බව පොලිසිය සඳහන් කරයි.
මොරොන්තුඩුව උත්සව ශාලාවක දෙපිරිසක් අතර බහින් බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග යන අවස්ථාවේදී සැකකාර බෑනා එහි සිට ඇති අතර ඔහු දෙපාර්ශවය අතර ගැටුමට සම්බන්ධ නොවී එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
පසුදින එම පුද්ගලයා ආරියගම දී යතුරුපැදියකින් යමින් සිටියදී පුද්ගලයන් කිහිප දෙදෙනකු පෙරදින ගැටුමට සහයෝගයක් ලබා නොදුන්නැයි තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අත්බෝම්බ ලද ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරිමේදී හිටපු හමුදා සෙබලෙකු ලබාදුන් බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.