( තිලකරත්න දිසානායක)
පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම සූදානම්ව සිටිය යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයට අධික වර්ෂාවක් ඇද නොහැලුනද ඉහළ ප්‍රදේශයන්හි පවතින වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් අද පෙරවරු 8 වනවිට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 3 දශම 52 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර මෙය සූදානමින් සිටිය යුතු මට්ටමක් බැවින් පහළ ප්‍රදේශයන්හි අමුණු විවෘත කිරීමට පියවර ගනු ලැබූ බවත් ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා පැවසීය.
මෙම ජල මට්ටම මීටර් 4 දශම 3 ක් දක්වා ඉහළ ගියහොත් එය සුලු ගංවතුර තත්ත්වයක් බවත් ම්ටර් 5 දශම 5 ක් දක්වා ඉහළ ගියහොත් එය මහ ගංවතුර තත්ත්වයක් බවත් ඉංජිනේරු වරයා පෙන්වා දෙනු ලැබූ අතර වැසි තත්ත්වය වර්ධනය වුවහොත් අත්තනගලු ඔය ආශ්‍රිතව සහ පහල ප්‍රදේශයන්හි පදිංචි කරුවන් විමසිල්ලෙන් සිටිය යුතු බවද සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
225
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට