IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අටලුගම පවුල් සෞඛ්‍ය සේවා සායනයේ වෛද්‍යවරියට තර්ජන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුස්ලිම් කාන්තාවන් පලදින අබායා පිළිබඳ ප්‍රශ්නයක් මුල් කර ගිනිමින් බණ්ඩාරගම  අටලුගම පවුලේ සෞඛ්‍ය සේවා සායනය වෙත කඩා වැඳුණු මුස්ලිම් තරුණයන්  සිව් දෙනෙකු  එහි සිටි අතිරේක වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව බණ්ඩාරගම පොලිසිය කියයි.

මෙම සිද්ධියත් සමඟ එම පවුල් සෞඛ්‍ය සේවා සායන මධ්‍යස්ථානය වසා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එහි කාර්ය මණ්ඩලය පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව පොලිසිය කියයි.

මේ දිනවල රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් හා ගැබිණි කාන්තාවන් පරීක්ෂා කිරීම හා එන්නත් ලබා දීමේ පහසුව සඳහා අබායා ඉවත් කර සායනයට පැමිණෙන ලෙස හා මුහුණු ආවරණ ඉවත් කර සායනයට ඇතුළු වන ලෙස මාතෘ සායනය ඉදිරිපිට දැන්වීමක්ද ප්‍රදර්ශනය කර තිබූ බව පොලිසිය කියයි.

අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ගැබිනි මාතාවන් පරීක්ෂා කරන කාමරය වෙත කඩා වැඳුනු පුද්ගලයින් සිව් දෙනෙකු ජංගම දුරකතනයක වීඩියෝවක් පෙන්වමින් අබායා ඉවත් කිරීම පිළිබඳව ප්‍රශ්නයක් මතු කරමින් වෛද්‍යවරියට බැන වැදී තර්ජනය කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

 

 



අදහස් (1)

අටලුගම පවුල් සෞඛ්‍ය සේවා සායනයේ වෛද්‍යවරියට තර්ජන

Asanka Thursday, 09 May 2019 02:28 PM

ඇගේ ලේ කෝපවෙන ප්‍රවෘත්ති, එක සිංහල තරුණයෙක් හිටියේ නැද්ද ඔතන. සුළු ජාතීන්ගේ ඡන්ද වලට වහල්වුන නායකයෝ සිටින තුරා අපිට මෙවැනි ලේ කකියන ප්‍රවෘත්ති වලින් අඩුවක් නැතිවෙයි.

:       104       63

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site