(මොහොමඩ් ආසික්)
මහනුවර - මාතලේ මාර්ගයේ අකුරණ 7 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් ඇති බව අලවතුගොඩ පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අකුරණ කුරුගොඩ හුරීගොල්ල ප්‍රදේශයේ පදිංචි නිසාම්දීන් මොහමඩ් අසාම් නැමැති 17 හැවිරිදි තරුණයෙකි.
පොලොන්නරුව ප්‍රදේශයේ සිට අධ්‍යාපන චාරිකාවක් පැමිණි බස් රථයක් මෙම යතුරුපැදිය ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය තරුණයාගේ සිරුර අකුරණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd