IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ළමා සංවර්ධන මධ්යස්ථාන වල සිටින දරුවන්ගේ මාර්ගගත Online අධ්යාපනය සඳහා යූනියන් ඇෂුවරන්ස් සිසුමග+ මගින් අත්වැලක්

යූනියන් ඇෂුවරන්ස් සිසුමග+ මගින් දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිටින සෑම දරුවෙකුගේම අධ්‍යාපනයේ අවශ්‍යතාවය ඉටුකිරීම වෙනුවෙන් මාර්ගගත (Online) අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා පහසුකම් වැඩි දියුණු කිරීමට අත්වැලක් වෙමින් සිටියි.

මේ අනුව යූනියන් ඇෂුවරන්ස් සමග අත්වැල් බැඳගනිමින් තවත් සමාගම් 7ක් එක්ව දිවයින පුරා දරුවන් 10,632 ක් සිටින ළමා සංවර්ධන මධ්‍යස්ථාන 397ක් සඳහා ටැබ් යන්ත්‍ර (Tablets) හා ඩෙස්ක්ටොප් පරිඝණක (Desktop computers)බෙදා හැරීම සිදු කර තිබේ.

"සෑම දෙයකටම පෙර දරුවන්" මැයෙන් මෙවර පැවැත්වෙන ලෝක ළමාදින සැමරුමට සමගාමීව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත මෙවැනි ටැබ් යන්ත්‍ර (Tablets) හා ඩෙස්ක්ටොප් පරිඝණක (Desktop computers) 50ක් ලබා දීමටද යූනියන් ඇෂුවරන්ස් කටයුතු කර තිබේ.

මේ වනවිට පවතින වසංගත තත්වය හේතුවෙන් දරුවන් හා අධ්‍යාපනය අතර විශාල පරතරයක් නිර්මාණය කර ඇති අතර වර්තමානයේ අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය වී තිබේ. ඒ අනුව බොහෝ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත  වීමට පවා පරිගණකයක් හෝ ටැබ් යන්ත්‍රයක් මිල දී ගැනීමට අපහසු වීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ විය හැකිය.

යූනියන් ඇෂුවරන්ස් සිසුමග+ මගින් මෙරට දෙමාපියන්ට තම දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපන අවශ්‍යතා සුරක්ෂිතව සැලසුම් කිරීම සඳහා කදිම රක්ෂණ විසඳුමක් ලබාදෙන අතර,සෑම දරුවෙකු සඳහාම අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමේ ක්‍රියාවලියට එය මනා සවියක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේසාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, රු. බිලියන 16.6 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 45.3 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 2021 ජුනි  මාසය වන විට 300% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.



අදහස් (0)

ළමා සංවර්ධන මධ්යස්ථාන වල සිටින දරුවන්ගේ මාර්ගගත Online අධ්යාපනය සඳහා යූනියන් ඇෂුවරන්ස් සිසුමග+ මගින් අත්වැලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site