IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


නිපෝන් පේන්ට් වෙතින් CoVid-19 අවදානම අවම කරන VirusGuard+

ආසියාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදකයා වන නිපෝන් පේන්ට්, ශ්‍රී ලංකාවට VirusGuard+ තාක්ෂණය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත මීට පෙර 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව යන රටවලට හඳුන්වා දෙන ලද අතර, එහිදී එම තීන්ත පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. 

Copper (Cu+) ION සහිත මෙම තීන්ත වර්ගය, දැනට පැතිර යමින් පවතින CoVid-19 ප්‍රභේද වලින් ඉහළ ආරක්ෂාවක් ලබාදෙයි. අඩු VOC (Volatile Organic Compounds) මට්ටමක් සහිත එම තීන්ත ආලේප කළ පසු, පහසුවෙන් සෝදා පිරිසිදු කළ හැකි ය. එමෙන්ම  VirusGuard+ තීන්ත වල හානිකර ද්‍රව්‍ය අඩංගු නොවන නිසා ඒවා වාණිජ හා පොදු ගොඩනැගිලි වලට මෙන්ම නිවාස වලටත් ඉතාමත් සුදුසු වේ. 

නිපෝන් පේන්ට් හඳුන්වා දෙන මෙම VirusGuard+ බැක්ටීරියා නාශක තීන්ත,බාහිර ස්වාධීන පරීක්ෂණාගාර වලදී සායනිකව පරීක්ෂා කර ඇති අතර, මානව Coronavirus වර්ග සහ සත්ත්ව Calicivirus වර්ග වලට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවට තහවුරු කර ඇත. එමෙන්ම සිංගප්පූරුවේ Green Building Council (SGBC) මගින් මෙම තීන්ත පරිසර හිතකාමී බවට තහවුරු කර තිබේ. 

මෙම පෙරළිකාරී නව හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිපෝන් පේන්ට් සමාගමේ විකිණුම් ප්‍රධානී මිහිර ඕපාත මහතා මෙසේ පැවසී ය. "වයිරස් වලට එරෙහිව ක්‍රියාකරන තීන්ත වර්ග දෙකක්ම (3-in-1 MediFresh සහ VirusGuard+) හඳුන්වා දුන් එකම සන්නාමය බවට පත්වීමට හැකිවීම අපට සතුටක්. නවෝත්පාදනයක් ලෙස බෙහෙවින් ඇගයීමට ලක් වූ MediFresh තීන්ත වර්ගය මගින් පොදුවේ ක්ෂුද්‍ර ජීවී වර්ග වලින් ආරක්ෂාව ලැබෙන අතර, නව VirusGuard+ නිෂ්පාදනය කර ඇත්තේ විශේෂයෙන්ම CoVid-19 රෝගය ඇතිකරන වෛරසයට එරෙහිව ක්‍රියාකරන ආකාරයටයි.

"එදිනෙදා ගැටලු වලට තීන්ත නිෂ්පාදන ඔස්සේ ප්‍රායෝගික, සාර්ථක සහ ලාභදායී විසඳුම් හඳුන්වා දීමට අප සෑම විටම උත්සාහ කරනවා. ඒ සඳහා අවශ්‍ය වන විශිෂ්ට මට්ටමේ පර්යේෂණ හා සංවර්ධන හැකියාවන් අප සතුයි. දැනටමත් තීන්ත ආලේප කර ඇති ඕනෑම මතුපිටක VirusGuard+ ආලේපනය කිරීමට පුළුවන්. එය වැඩි බිත්ති ප්‍රමාණයක ආලේප කළ හැකි අතර 'Curated Matte' වර්ණ 23 ක් අතරින් තමන් කැමති වර්ණය තෝරාගත හැකියි. මෙම නිෂ්පාදනය වෙළඳපොළේ පෙරළියක් ඇතිකරනු ඇතැයි කියා අප සිතනවා." මිහිරාන් ඕපාත මහතා වැඩිදුරටත් පැවසී ය. 

නිපෝන් පේන්ට් VirusGuard+ තීන්ත නිෂ්පාදනය, තඹ වල සංවෘත Cu+ IONs ස්වරූපයෙන් පවතින ක්ෂුද්‍රජීවී-නාශක ගුණාංග භාවිතා කර වෛරස් විනාශ කරයි. එමගින් වයිරස වල පිටත ස්ථර විනාශ කර ජාන වින්‍යාසය බිඳ දමනු ලැබේ. ආලේපනයට හානි නොවී තිබෙන තාක් කල් එම මතුපිට වයිරස් වලින් තොරව පවතිනු ඇත. මෙමගින් බිත්ති නිතිපතා විෂබීජහරණය කිරීමේ අවශ්‍යතාව මතු නොවන නිසා කාලයත් ශ්‍රමයත් ඉතිරි වේ. නිපෝන් පේන්ට් නිල වෙබ් අඩවිය (www.nipponpaint.lk) වෙතින් මෙම තීන්ත වර්ගය මිලදී ගත හැකි අතර, දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙන්වාගත හැකි ය. 

ශ‍්‍රී ලංකාව තුළ නිපෝන් පේන්ට් නිපදවනු ලබන්නේ, ජපානයේ නිපෝන් පේන්ට් සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමක් වන නිපෝන් පේන්ට් ලංකා (පුද්.) සමාගම විසිනි. . නිපෝන් පේන්ට් මෙරට විශාලතම තීන්ත නිෂ්පාදන සමාගම් අතරින් එකක් වන අතර, එහි මවුසමාගම  වන NIPSEA සමූහ ව්‍යාපාරය වාර්ෂිකව තීන්ත සහ කෝට් ලීටර් බිලියනයකට වඩා නිෂ්පාදනය කරයි. ඒ නිසාම එම සමාගම ආසියාවේ අංක එකේ ආලේපන සැපයුම්කරු මෙන්ම, නිෂ්පාදන ප්‍රමාණය අතින් ලොව විශාලතම තීන්ත නිෂ්පාදන සමාගම් අතරින් එකක් බවටද පත්වී ඇත. 



අදහස් (0)

නිපෝන් පේන්ට් වෙතින් CoVid-19 අවදානම අවම කරන VirusGuard+

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 565 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site