(දයාරත්න ඇඹෝගම)
දැන් සියළු දෙනාටම සතුටු විය හැකි ආකාරයට ගමට සංවර්ධනය එන්න පටන් අරන් තියෙනවා. වෙනදා ටිකක් දුකෙන්, බයෙන් හිටියා නම් , එපා වෙලා හිටියා නම්, ආණ්ඩුවත් එක්ක කළකිරිලා හිටියානම්, දැන් හැමෝටම ආයේ පාරක් ආණ්ඩුවත් එක්ක සිනා සිසී සිටිය හැකි යැයි වාරිමාර්ග ජල සම්පත් අමාත්‍යය දුමින්ද දිසනායක මහතා පැවසීය.
තලාව - තිරප්පනය මාර්ගය සංවර්ධනය කර දීමට අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ලබා දුන් පොරොන්දුව ඉටුකිරිම සම්බන්ධයෙන් තුති පුද කිරීම සඳහා ගම්වාසීන් සංවිධානය කළ උත්සවය අමතා ඇමැතිවරයා අද (16) මෙසේ පැවසීය.
දැන් ගම්පෙරළිය වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා, අනුරාධපුර දිස්ත්‍රික්කයට විතරක් මිලියන 1400 කින් (ලක්ෂ 14 000 ක් ) සංවර්ධනය වෙනවා. මාර්ග සංවර්ධනය කරන්න, විදුලිය ලබා දෙන්න, ස්ථිර සෙවිල්ලක් නැති නිවාස සඳහා ස්ථිර වහලයක් ලබා දෙන්න, නිවසට විදුලිය ලබා ගෙන නොමැති නිවාස සඳහා විදුලිය ලබා ගන්න ආධාර ලබා දෙන්න, වැව හදන්න ආදී විශාල සංවර්ධන වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න නියමිතයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකටම මිලියන 200 ගානේ බෙදා දීලා තියෙනවා. මේ වසරේ තව මාස කීපයකින් අයවැය එනවා, ඒ මගින් ලබන අවුරුද්ද සඳහා ආයේ මුදල් වෙන් වෙනවා. ඒ අලුතින් මුදල් වෙන් වුණාම ඒ මගින් තවත් සංවර්ධන වැඩ කළ හැකි වෙනවා.
ඒ වගේම නුදුරේදී ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් ආපදා වළක්වා ගැනීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කරනවා.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හැමෝටම ආණ්ඩුවත් එක්ක සිනා සිසී සිටිය හැකියි - දුමින්ද
Bamunuarachchi Sunday, 16 September 2018 09:38 AM
මෙච්චර කල් සංවර්ධනය වුණේ යාලු මිත්‍රයින්නේ.. ගෙවල් කුලීවලම සංග්‍රහ ලැබුවනේ...