IMG-LOGO

2023 දෙසැම්බර් මස 08 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ අනාගතය හැදෙන්නේ නවෝත්පාදන හා පරික්ෂණ මතයි

(අංජුල මහික වීරරත්න හා ගයාන් සූරියආරච්චි)

 ශ්‍රී ලංකාවේ අනාගතය සැකසෙන්නේ නවෝත්පාදන සහ පර්යේෂණ මත යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.

”අතීත රජ දවස ඉදි කෙරුණු මහා දාගැබ්, වැව් අමුණුවල ඉංජිනේරු ක‍්‍රියාදාමයන් ලෝකය පුදුම කරන බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතීතයේ ශක්තිමත් පදනම මත සිට නවෝද්පාදන සහ පර්යේෂණ මූලික කරගත් ශක්තිමත් හෙට දවසක් බිහි කිරීම යහපාලන රජයේ දැක්ම බවද ප‍්‍රකාශ කළේය. 

ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ පැවසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශය සිවුවැනි වරටත් සංවිධානය කළ විදුලි හා විද්‍යුත් පර්යේෂණ සමුළුවේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී සමුළුව පැවැත්විණි.

පර්යේෂණ සහ නව්‍යකරණ ජාතික දියුණුවට මඟ තේමාවෙන් පැවැත්වුණු සමුළුවේ ප‍්‍රධාන අරමුණු වී පැවතියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ උපාධි අපේක්ෂක විද්‍යුත් හා පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගේ නව පර්යේෂණ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමත් ඒ තුළින් ජාතික සංවර්ධනයට නව මංපෙත් පාදා දීමත්ය.

විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ සෑම අංශයක්ම අදාළ පර්යේෂණ හා නව්‍යකරණ ව්‍යාපෘති 40කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිසු සිසුවියන්ගේ නවෝත්පාදන නැරඹීමටද සහභාගී විය. 
සමුළුවේදී තව දුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

”පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ මගේ පවතින සම්බන්ධතාව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මගේ සීයාගේ කාලයේ සිට පැවතෙන්නක් වනවා.

විශේෂ ගෘහ නිර්මාණ ශිල්පයෙන් ඉදි වූ මේ විශ්වවිද්‍යාලය ඉතා අලංකාරයි. එහෙත් නීතිය හැදෑරීමට තීරණය කළ නිසා මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වුණා. නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලයට ගෙන යනු ලැබූ නිසා මට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු වීමේ අවස්ථාව ලැබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ගෙන ආ එකම පීඨය නීති පීඨයයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය නව්‍යකරණය කිරීම සඳහා වන යෝජනාවක් උප කුලපතිවරයා විසින් මට දුන්නා. එහි වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ගණිතය, කෘෂිකර්ම සහ කලා ක්ෂේත‍්‍රය තුළ යෝජනා ඇතුළත් වෙනවා. සමාජ විද්‍යාව පිළිබඳව එහි ඇතුළත් නොකළේ ඇයි දැයි මා දන්නේ නැහැ.

යෝජනාව ඉදිරිපත් කිරීමේ ඔබේ කොටස කර තිබෙනවා. මා රජය පැත්තෙන් ඔබට මුදල් දෙන්නම්. ඉතිරිය පෞද්ගලික අංශයෙන් ගනිමු. අප දෙපිරිසම එක්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිධාරීන් බිහිකරමු. එය ගැටලූවක් වන එකක් නැහැ. එය වානිජමය නවෝත්පාදන නිෂ්පාදනයක් වනු ඇත.

රටේ අනාගතය රඳා පවතින්නේ නවෝත්පාදන සහ පර්යේෂණ මතයි. ගෝලීය වශයෙන්ද එසේ වනු ඇති. 2030 වන විට විශාලතම ආර්ථිකය සමහර විට චීනයේ විය හැකියි. එහෙත් ඔවුන් සමහර නවෝත්පාදන සහ තාක්ෂණයෙන් තවත් සන්නද්ධ විය යුතුයි. තම රටට විශාල පිරිසක් ගෙන්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඒ නිසයි.

අද ආසියාවේ ජාතික සම්පත් නැති රටවල් පවා ප‍්‍රධාන කර්මාන්තවලට විදේශ ආයෝජකයන්ට රට විවෘත කළා. යුරෝපය ඒ නිෂ්පාදන මිලදී ගනන්වා. ජපානය චීනය සහ දකුණු කොරියාව යන රටවල් ඉදිරියෙන් සිටිනවා. නවෝත්පාදන මගින් ඉන්දියාව ප‍්‍රමුඛත්වය ගන්නවා. 

අනාගත මාර්ගය වැටී ඇත්තේ නවෝත්පාදන මතයි. අපට යටිතල පහසුකම් තිබෙනවා. කර්මාන්ත තිබෙනවා. නිෂ්පාදන තිබෙනවා. 
මහනුවරින් ආරම්භ කරන නව සංවර්ධන තීරය වයඹ හරහා ගාල්ල දක්වා දිවෙනවා. එසේම මාතර, හම්බන්තොට, වැල්ලවාය සිට හම්බන්තොට දක්වා දිවෙනවා. මෙය එකම විශාල සංවර්ධන තීරයක් ලෙස විහිදෙනවා.

මීට අමතරව අපේ සැලැස්ම වන්නේ ත‍්‍රිකුණාමලය සහ අවට ප‍්‍රදේශ සංවර්ධනයයි. අප ඉහත සියල්ල එහි ස්ථාපිත කරනවා. දැන් එය ආරම්භ කළ යුතුයි.
2030 වන විට සිටින්නේ කොහෝද යන්න අප විසින් තීරණය කළ යුතුයි. අපේ එකම මාර්ගය වන්නේ නිෂ්පාදනයයි. හෝටල් කර්මාන්දතයද සමගාමීව දියුණු කළ යුතුයි. 2030 වන විට රොබෝවරුන් පවා අපට සේවා සපයාවි.

2030 වන විට ඉරානය, නැගෙනහිර අප‍්‍රිකාව, පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් ලොව ආර්ථික ප‍්‍රමුඛයන් විය හැකියි. 

නවෝත්පාදන ඉලක්ක කර ගන්නා ඔබගේ ජීවිතය වඩාත් පහසු වේවි. විද්‍යා සහ තාක්ෂණ ඇමැති සුසිල් පේ‍්‍රමජන්ත මහතා සීමිත අයවැයක් යටතේ විශාල වැඩ කොටසක් කරනවා.

නැනෝ තාක්ෂණ ව්‍යාපෘතිය පෞද්ගලික ක්ෂේත‍්‍රය සමඟ හොඳින් සිදු වෙනවා. ජපානය සමඟ සකුරා වැඩසටහන සමඟ නවෝත්පාදන සිදු කිරීමට අප සාකච්චා කළා. 

ඇමරිකානු විශ්වවිද්‍යාල මඟින් මෙහි ඔවුන්ගේ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ඇති කිරීමට සාකච්ඡුා කර තිබෙනවා. මේ සඳහා ගම්පහ ඉඩමක් වෙන් කර තිබෙනවා.

ඉන්පසු අප අවධානය යොමු කරන්නේ මහනුවරටයි. ජපානය මේ සඳහා උදව් කරනවා. කර්මාන්ත නගරයක් ඉඳි කිරීමටත් විද්‍යා සහ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ඇති කිරීමටත් ඔවුන්ට අවශ්‍යයි.

මෙය ආරම්භයයි. මෙය කදිමයි කියා ඔබ සිතනවා ඇති. නමුත් මට නම් මෙය ප‍්‍රමාණවත් නැහැ. අපට තවත් බොහෝ දේ කිරීමට තිබෙනවා. 
අප උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන්නෙ ඔවුන් නවෝත්පාදන සඳහා යොමු කිරීමටයි. සියලූම සිසුන්ට වසර 13ක පාසල් අධ්‍යාපනය දෙන්න අවශ්‍යයි. අධ්‍යාපන ඇමැතිවරයා ඒ සඳහා දැඩි වෙහෙසක් ගන්නවා. හැම දෙනාම උසස් අධ්‍යාපනය ලැබිය යුතුයි. තමන් දක්ෂ දෙයින් ඉදිරියට යෑමට අවස්ථාව දිය යුතුයි. 

වඩු කර්මාන්ත නැටුම් සහ සංගීතය දක්ෂ නම් පාසලේ රැුඳී සිටිමින් ඉදිරියට යා හැකියි. එසේම ද්විතීය වෘත්තීය අධ්‍යාපනය හරහා ඉංජිනේරුවන් -ඩිප්ලෝමාධාරීන් ලෙස වෘත්තීය සහතික ගත හැකියි. අවසානයේ ඔබට නවෝත්පාදකයකු විය හැකියි.

කෘෂි කර්මාන්තය දෙස බලමු. විවිධ පැති තිබෙනවා. රජයට ශිෂ්ඨාචාරය ඉතා විශිෂ්ටයි. අපේ රටේ දාගැබ් ඉදිකිරීම් දෙස බලන්න. ඒවා සම්පූර්ණයෙන්ම ඉංජිනේරු ක‍්‍රියාදාම නොවේද? අප නැවත ආපසු එතැනට නොයන්නේ ඇයි? නවෝත්පාදන පර්යේෂණ සහ සංවර්ධනයට සියල්ල අනාගත මාර්ගයයි.

පේරාදෙණිය නවෝත්පාදන මධ්‍යස්ථාන බවට පත් කරමු. අප අවශ්‍ය සහයෝගය දෙනවා. ඔබට කිරීමට ඇත්තේ එක්ව ගමන් කිරීමයි. මතක තබා ගන්න. අනාගතය වන්නේ නවෝත්පාදනය සහ පර්යේෂණය යයිද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති උපුල් දිසානායක මහතා, 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ විද්‍යුත් පීඨය කිසිම විශ්වවිද්‍යාලයක පිඨයකට දෙවැනි වෙන්නේ නැහැ. මේ ප‍්‍රදර්ශනය අපේ හැකියාවන් පෙන්නුම් කරන අවස්ථාවකි. 

අප නොම්මර එකේ විශ්වවිද්‍යාල බවට පත්ව සිටිනවා. ප‍්‍රදර්ශනයේ අරමුණ වන්නේ අධ්‍යාපනික කර්මාන්ත රැකියා වෙළෙඳපොළ සහ අපේ විෂය නිර්දේශයේ අවශතාවයයි. අපේ අනෙක් අරමුණ රටේ සංවර්ධනයට දායක වීමයි”

එල්.ටී.එල්. හෝල්ඩින්ස් සමාගමේ යූ.ඞී. ජයවර්ධන මහතා, 
”තරුණ උපාධිධාරීන් නව සොයා ගැනීම් කරන්නේ නැහැ. වර්තමාන තත්ත්වය අනුව උගන්වන්නේ උගතකු වීමට පමණයි. 

රනිල් වික‍්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයාව සිටියදී ඉදිරිපත් කළ ධවල පත‍්‍රිකාව නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට ලැබුණේ නැහැ. අප අනවශ්‍ය උපාධිධාරීන් බිහි කරමින් සිටිනවා. ඉන්දියාවේ බස් කොන්දොස්තරවරුන් ලෙස සේවය කරන වෛද්‍යවරුන් සිටිනවා. අපේ රටේ එසේ වීමට ඉඩ දිය යුතු නැහැ.

මේ අවස්ථාවට විශ්වවිද්‍යාල මාහාචාර්යවරුන්, නව නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 



අදහස් (5)

ශ්‍රී ලංකාවේ අනාගතය හැදෙන්නේ නවෝත්පාදන හා පරික්ෂණ මතයි

siri Thursday, 14 September 2017 09:36 PM

"කතාව දෝලාවෙන්, ගමන පයින්"

:       0       58

mahee Friday, 15 September 2017 08:55 AM

බතල වනාහි ඉතා අනගි ජනතාව වශී කල හැකි ආහාරයකි. එය අතින් පමණක් නොව කටින්ද සිටවිය හැකිය.

:       0       95

RaveendraFriday, 22 September 2017 03:01 AM

ඔබගේ අදහස 100% නිවැරදි වන අතර අප රටේ සැමවිටම සිදුවන්නේ මෙයිය. තවද මෙම වාක්‍ය මෙසේ වෙනස්වියුතුමය. ශ්‍රී ලංකාවේ අනාගතය හැදෙන්නේ "" සුද්දන්ගේ "" නවෝත්පාදන හා පරික්ෂණ මතයි

:       0       5

rohana Friday, 15 September 2017 09:24 AM

ශ්‍රී ලංකාවේ අනාගතය සැකසෙන්නේ දේශපාලකයන් කරන දූෂණ නතර කිරීමෙනි. එය ක්‍රියාවෙන් පෙන්වන්න ....

:       0       3

upali Sunday, 17 September 2017 02:09 AM

මම ඒ කතාවට එකඟයි. අලුත් අත්හදා බැලීම් පුළුවන් තරම් කරන්න ඕන තමයි. දැන් ඔය මහ බැංකු ක්‍රීඩාව වුනත් මීට කලින් රටේ සිදුනොවුන, මුදල් සෙවීමේ නවීනතම ක්‍රමෝපායන් හඳුන්වාදෙන අලුත්ම නිෂ්පාදනයක්නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් බන්දුලට විවාදයකට අභියෝගයක්
2023 නොවැම්බර් මස 24 234 0

ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය


’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’
2023 නොවැම්බර් මස 23 880 18

මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා
2023 නොවැම්බර් මස 22 2822 12

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස


‘‘බඩගොස්තරවාදී දේශපාලනය රටින් තුරන් කරනවා‘‘
2023 ඔක්තෝබර් මස 16 574 13

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත ද


ශ්‍රී ලංකාව හැම විටම සියලු දෙනා සමග එක්ව වැඩ කරන්න කැමති රටක් - රුවන් විජයවර්ධන
2023 ඔක්තෝබර් මස 15 383 1

චීනයේ නිල සංචාරයක් සඳහා ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (15දා) පිටත් වෙයි. එහිදී චීන ජනාධිපතිවරයා සමග ද්වීපාර්ශ්වික සාකාච්ඡා සඳහා ජනාධිපතිවරයා


‘‘පරිසර තීන්දු ගත යුත්තේ පරිස්සමින්‘‘
2023 ඔක්තෝබර් මස 11 395 1

පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බැවින් සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 991 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 745 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4726 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site