IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


මේ කිසිම නායකයෙක් රටට හිතකර දේශපාලනයක් ගෙනාවේ නැහැ - ඇමති අමරවීර


(රන්න චන්ද්‍රසේන ගමගේ)

හැත්තෑ වසරක දේශපාලන ඉතිහාසය තුළ මේ රට   විවිධ දේශපාලන පක්ෂ විසින් පාලනය කළා.නමුත් අපේ රට පාලනය  කළ කිසිම නායකයෙකුට රටට  හිතකර දේශපාලන පරිසරයක් මේ රට තුළ නිර්මාණය කිරීමට නොහැකි වීම පිලිබදව මා තුළ තිබෙන්නේ මහත් කළකිරීමක් බව කෘෂිකර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා අද (22) සවස බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති දේශපාලන හමුවකදී පැවසීය.


එහිදී අමාත්‍යවරයා ‘‘අද මේ රටට අවශ්‍ය තමන් ගැන නොහිතන රට ගැන හිතන උගත්  පරපුරක්. මේ රටේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන එහෙම මිනිසුන්ගෙන්. අද මේ රටට සිදු වෙලා තියෙන්නේ කුමක්ද ? මේ රටේ කාන්තාවන් විදේශගත වෙලා බැල මෙහෙවර කම්  කරල එවන ඩොලර් ටිකෙන් යැපෙන ජාතියක් බවට අද මේ රට පත් කරල තියෙනවා. මේ රටේ මොනවද වගා කරන්න බැරි ? නමුත් මේ රටට මොනවද නොගෙනෙන්නෙ? සියළු දේම ගෙන්වනවා. කුඹුරු ටික කපා පෑගෙන කොට පිටරටින් හාල් ගේනවා. ලූණු ටික ගලවන කොට පිටරටින් ලූණු ටික ගේනවා. ඉතින් මේ රටේ ගොවියා රැකෙයිද?මින් පසු අස්වැන්න නෙළන කාල සීමාවේදී එහ ආහාර ද්‍රව්‍ය  මේ රටට ගෙන එන්නට නොහැකි ලෙස ඒවාට අධික බදු ගහනවා. එහෙම නොකර මේ රටේ ගොවියා රකින්න බැරි බව මම මෙහිදී සදහන් කරන්න කැමතියි.‘‘ ලෙසින් සඳහන් කළේය.


මුල්ගිරිගල ආසනයේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස වශයෙන් පත් කරන ලද නීතිඥ උපාලි මෙහොට්ටි මහතා පිළිගැනීම සදහා බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ පැවති උත්සවයේදී ඇමති වරයා එසේ අදහස් දැක් වීය.



අදහස් (3)

මේ කිසිම නායකයෙක් රටට හිතකර දේශපාලනයක් ගෙනාවේ නැහැ - ඇමති අමරවීර

Raveendra Saturday, 22 September 2018 04:36 PM

මේ උන්දා අද ඉපදුනා වගේනේ කතාව අම්මපා....? දැන් ඔය කියන නායකයන් පස්සේ ගොට්ට අල්ලාගෙන ගියේම නැද්ද ??? අහසින් පාත් උනාද ?? අපේ රටේ දේශපාලකයා යනු බොරු මවන්නන් යන්න මෙයද කදිම උදාහරණයකි.

:       92       79

Bamunuarachchi Sunday, 23 September 2018 12:27 AM

"මේ කිසිම නායකයෙක් රටට හිතකර දේශපාලනයක් ගෙනාවේ නැහැ - ඇමති අමරවීර" එහනම් මොන බම්බුවකටද එවැනි නායකයින් සිටි හා සිටින නායකයින් යටතේ දේශපාලනයට සම්බන්ධ උනේ. බයිලා තමයි

:       167       146

Senarath Sunday, 23 September 2018 04:32 AM

ඔබතුමාගේ කියමන වඩාත්ම අදාළ වෙන්නේ මේ රජයට. මේ රජය තමා රට අස්ථාවර කලේ සෑම අංශයකින්ම. අද ආර්ථික වශයෙන්, කාර්මිකවශයෙන්, අනෙකුත් නිෂ්පාදන වලින්, රට පස්සට ගිහින්. කොටින්ම කියනවනම් අපේ රටේ ඉතිහාසේ පළමු වරට පොල් පිටරටින් ගෙනාවා. ඒ විතරක්ද අද කිසිම දේක ස්ථාවර බවක් නැහැ. රුපියල දවස ගානේ පහළට යනවා, හැමතැන වැඩ වර්ජන, පාතාලයට ඕනේ විදියට මිනිස්සු මරනවා. රටේ රජයක්තියෙනවද කියල හිතන්නවත් බැහැ. මෙහෙම කියලාද 2015 දි රට බාරගත්තේ.....

:       212       218

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 2181 11

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘
2025 ජනවාරි මස 13 339 2

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක



සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්
2025 ජනවාරි මස 09 852 5

ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 2886 21

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 1364 11

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 204 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 551 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 298 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site