IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


“පරිසරය සුරැකීම අංක එක විය යුතුයි“

(විනීතා එම්. ගමගේ)

පරිසර සංරක්ෂණයේ දී ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි ජනාධිපති අපේක්ෂකයන් තම මැතිවරණ ප්‍රතිඥාවල දී සහ මැතිවරණ ප්‍රකාශනවලදී හෙළි කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (29) ප්‍රකාශ කළේය. දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීමට අංක එක හිමිවිය යුතු යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පෙරේදා (29) පැවති ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවයේදීය.

රන් සම්මාන 12 ක් සහ ජාත්‍යන්තර සම්මානලාභීන් වෙනුවෙන් පරිසර සම්මාන 7ක් ජනාධිපතිවරයා විසින් එහිදී පිරිනමනු ලැබූ අතර පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කළ ආයතන හා පුද්ගලයින් වෙනුවෙන් ක්ෂේත්‍ර 20ක් යටතේ මෙවර සම්මාන පිරිනැමිණි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය

“2019 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඔබ හමුවීමට ලැබීම සතුටක්. මුළු ලෝකය පුරාම පරිසර සංරක්ෂණය පිළිබඳව හැම දෙනාගේම අවධානය යොමු වී තිබෙන කාලයක්. මෙහි ආරාධිතව පැමිණ සිටින සියලු දෙනා අතර පාසල්, රෝහල්, කර්මාන්ත විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල හිමිකරුවන් ආදී පිරිසක් සිටිනවා.

අද අපේ රටේ තද වර්ෂාවක් ආරම්භවෙලා තිබෙනවා. බොහෝ වේලාවට මඳ වැස්සක් ගියත් ඇතැම් අය පුරුදු වෙලා තිබෙනවා අයහපත් කාලගුණය කියල කියන්න. එය කොතෙක් දුරට සාධාරණ ද කියල හිතෙනවා.

අයහපත් කාලගුණය කියල හඳුන්වන්න ඕන වර්ෂාවේ වර්ධනයත් සමඟයි. දැන් පසුගිය මෑත ගෙවී ගිය දශකය ගත්තොත් අපේ අත්දැකීම් තමයි බස්නාහිර පළාත වර්ෂාවේ වැඩිකමක් පෙන්නුම් කරනවා. බස්නාහිර පළාතට වැටෙන වැස්ස සියල්ල ගලා යන්නේ මුහුදට.

පහුගිය මාසෙ වෙනතුරු රටේ ප්‍රදේශ කිහිපයක වර්ෂාව තිබුණත් දිස්ත්‍රික් කිහිපයක නියඟය නිසා ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන්න වුණා. රටේ ප්‍රදේශ කිහිපයක අධික වර්ෂාවත් තවත් ප්‍රදේශ කිහිපයක පානීය ජලය හිඟවන තරමට නියඟයත් තිබෙනවා.

මෑත දශක දෙකක වගේ කාලයේ සංඛ්‍යාලේඛන බැලුවොත් ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන පවා පෙන්වන්නේ කාලගුණ දේශගුණ විපර්යාස ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

කාලගුණ දේශගුණ විපර්යාසවලින් ඇතිවන නියඟය දුප්පත්කම සීඝ්‍ර ලෙස වැඩි කරනවා. ඒවගේම සෞඛ්‍ය සම්පන්නකමින් පිරිහුණු ජනතාවක් බිහිකරනවා. මේ නිසා අපි සැලකිල්ලට ගත යුතුයි අපි කොහොමද මේ තත්ත්වය ජයගන්නේ කියන එක ගැන. ඒ වගේම මේ විපර්යාස තත්ත්වයන්ට මුහුණදීම පිළිබඳ ප්‍රශ්නය විද්‍යාඥයන්ට පර්යේෂකයන්ට රාජ්‍ය පාලකයන්ට නිලධාරීන්ට මේ ගැන වගකීම පැවරෙනවා. මේ සම්මාන ගන්න ආයතන සියල්ල ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයකින් කටයුතු කළ නිසා අද සම්මානයට පාත්‍රවෙනවා.

පසුගියදා මම ජපානයේ සංචාරයක යෙදුණා. එහිදී මම රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වුණා. ඊට දින කිහිපයකට පෙර එරට විශාල ගංවතුරක් ආවා. ඒ ගංවතුර ගැන අසතුටු වුණා, වගේම ඔවුන් තව පැත්තකින් සතුට පළ කර තිබුණා ගලා ගිය ජලයේ මඩ නැති වීම ගැන. එහි ගලා ගියේ පිරිසුදු වර්ෂා ජලය. මහ වැස්සෙන් බොර වතුර මඩ වතුර හෝ එහි පොලිතින් තිබුණේ නැහැ. ගලා ගියේ පිරිසුදු වැහි වතුර විතරයි.

කිසිතැනක අපවිත්‍ර දේ නැත්නම් කසළ නැහැ. පරිසර සංරක්ෂණය පිළිබඳව ජපානයේ මොනතරම් විනයක් ඇති වී තිබෙනවාද?

අපේ රටේ අපි දක්නවා මහවැලිය ගත්තොත් අපේ ශරීරයේ හෘදය වස්තුව පෙනහැලි ගලවගෙන යනවා වගේ දුඹුරු පාට වතුර යන්නේ. තාක්ෂණය වැදගත් වන්නේ පරිසර සංරක්ෂයේදී පසසෝදා යාම වැළැක්වීමටයි. ලොව විද්‍යාඥයන්ටත් දේශපාලනඥයන්ටත් රාජ්‍ය නායකයන්ටත් පරිසර සංරක්ෂණය පිළිබඳ අවධානය යොමු වුණේ දශක දෙකක් තරම් මෑත අතීතයේ. කර්මාන්ත දියුණු වෙමින් පැවති මීට වසර 30කට පමණ පෙර මේ ගැන අවධානය යොමු වුණේ නැහැ.

නමුත් ඉහළ සංවර්ධනයක් ඇති රටවල ඔක්සිජන් බෑගයක් කරේ දාගෙන යන තැනට ආවාට පසුවයි මේ ගැන අවධානය යොමුවුණේ. එතෙක් සිදුකළේ කැළෑ කපමින් කඳුවැටි කපමින් භෞතික සම්පත් දියුණු කිරීම විතරයි.
එහෙම නම් අපි සංවර්ධනය යන්න අදහස් කිරීමේදී පරිසර සංවර්ධනයත් ඉතා වැදගත්. සෑම දෙනකුටම මේ ගැන අවබෝධයක් දිය යුතුයි. පරිසර සංරක්ෂණයේ වැදගත්කම ගැන කතා කළ යුතුයි. ඉන්දියාවේ සිටි ජනාධිපති අබ්දුල් කලාම් මැතිවරණවලදී කිව්වා අපේක්ෂකයන් සියලු දෙනාම තමන් ජයගත් පසු පැළ මිලියනයක්වත් හිටවනවා කියා ඡන්දදායකයන් සමඟ ගිවිසුම් අස්සන් කළ යුතුයි කියා.

මේ දවස්වල අපේ රටෙත් ඡන්ද උණුසුම තියෙන කාලයක්. කිසිම අපේක්ෂකයෙක් පරිසර සංරක්ෂණයේ තියෙන පොරොන්දු මොනවද කියා කියනවා මට නම් ඇහුණෙ නැහැ. කිව්ව ද දන්නේ නැහැ. මැතිවරණ ප්‍රතිඥාවන්හි මූලික ලෙස තිබිය යුතු ප්‍රතිඥාවක් තමයි පරිසර සංරක්ෂණයේදී තමන්ගේ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීම.

පරිසරය සුරැකීම මිනිසා පමණක් නොවෙයි සියලු සත්වයන්ටම වැදගත් එකක් වෙනවා. සම්මාන දෙන්නේ ඔබ නියෝජනය කරන සියලු ක්ෂේත්‍රවල තව තවත් උනන්දුවෙන් කටයුතු කරන්නත් ඒ ගැන වැඩි වැඩියෙන් උනන්දුව ඇති කරගැනීමේ අවශ්‍යතාව මතයි.” යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

පරිසර හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, එම අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ද රජයේ නිලධාරින් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

“පරිසරය සුරැකීම අංක එක විය යුතුයි“

gamma Sunday, 03 November 2019 09:17 AM

පරිසරය සුරකින්නද දුවට වැව තාවුල්ලේ හෝටල් හදන්න අවසර දුන්නේ? දුවට එක නීතියක් අනික් අයට නීතියක්... අැයි බොරු කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29878 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12040 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10890 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 753 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 225 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 876 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site