IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


නායකත්වයේ වෙනසක් අවශ්‍යයි කියලා මේ අවස්ථාවේ මම දකින්නේ නෑ

එක්සත් ජාතික පක්ෂයේ පත් කළ 
මන්ත්‍රී ආශු මාරසිංහ

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද ගිනි පුළිඟු දැල්වෙමින් තිබේ. කුමක් වෙයිද? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි.  


 ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මොනවද මේ වෙන්නේ?  


පිළිතුර - එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පක්ෂයක්. මේ පක්ෂය හරියට දැවැන්ත වෘක්ෂයක් වගේ. ඒ නිසා සමහර කාලවලට මේ වෘක්ෂයේ පිළිල ඇති වෙනවා. අතු දිරනවා. නමුත් දැවැන්ත වෘක්ෂය තියෙනවා වගේ මේ පක්ෂයත් තියෙනවා.  


 ප්‍රශ්නය - ඔබ පිළිල තියෙනවා කියලා කිව්වා. කවුද ඒ?  


පිළිතුර - පිළිල නම් කරන එකනම් හොඳ නෑ. පිළිල කියන්නේ සමහර වෙලාවට ප්‍රශ්න ඇතිවෙනවා. විවිධ මතවාද වෙන්න පුළුවන්. පක්ෂයට තරම් නොවන විසංවාද වෙන්න පුළුවන්. එහෙම දේවල් පක්ෂයට පොදුයි. සමහර වෙලාවට පරාජයත් එක්කම දැඩි ආවේගශීලී පුද්ගලයන් නිසා ඇතිවන විසංවාද තියෙනවා.  


 ප්‍රශ්නය - පක්ෂයේම සමහරු තර්ජනය කරන්නත් පටන් අරගෙන?  


පිළිතුර - ඔව්, එහෙමත් පේන්න තියෙනවා. තව සති දෙකයි දෙන්නේ. නායකයා අයින් වෙන්න ඕනෑ කියනවා. මේ දේවල් දිහා බැලුවම මට නම් හිතෙන්නේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොන තරම් ප්‍රශ්න ආවත් ඒ සියල්ල දරා සිටිය හැකි දැවැන්ත පක්ෂයක්. මේ පක්ෂයට කිසිම දෙයක් වෙන්නේ නෑ.  

 ප්‍රශ්නය - පක්ෂ නායකත්වය ඉවත් විය යුතුයි කියලා දැවැන්ත හඬක් මතුවෙනවා. ඔබ ඉන්නේ මොන ස්ථාවරයේද?  


පිළිතුර - මම ඉන්නේ පක්ෂ නායකයාට ගරු කළ යුතුයි කියන ස්ථාවරයෙයි. ඒක තමයි මගෙ ප්‍රතිපත්තිය. නායකයා සමග සාකච්ඡා කළ යුතුයි. නායකයා සමග වාද විවාද කරන්න ඕනෑ. හැබැයි එකතු වෙලා තීරණ ගන්න ඕනෑ. ඒ නිසා මේ අවස්ථාවේ මම දකින්නේ නෑ නායකත්වයේ වෙනසක් අවශ්‍යයි කියලා. නායකත්වයේ වෙනසක් අවශ්‍ය වෙලාවට ඒක සිද්ධ වෙයි.  


 ප්‍රශ්නය - අවශ්‍ය වෙලාවටත් ඒක නොවන එකයි ප්‍රශ්නය.  


පිළිතුර - රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා තියෙන්නේ මම දිගටම ඉන්නේ නෑ. මම ඉක්මනින්ම ඉවත් වෙනවා කියලයි. නමුත් මේ වෙලාවේ අවශ්‍ය මේ දැවැන්ත පක්ෂයේ නායකයා පක්ෂයෙ අනිකුත් සියලුම නායකයන් සමග අපේ පක්ෂයෙ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, කථානායක කරු ජයසූරිය මැතිතුමා ඉන්නවා.  


 ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වුණා?  


පිළිතුර - නෑ එතුමා ඉල්ලා අස්වෙලා නෑ. එතුමා ඒක ලිඛිතව පක්ෂයට දැනුම්දීලා නෑ. මම නම් එහෙම එකක් දැක්කේ නෑ. එතුමා මාධ්‍ය ඉස්සරහා එහෙම කිව්වට පක්ෂයට ලිඛිතව දැනුම් දීලා නෑ. ඒ නිසා එතුමා තවමත් නියෝජ්‍ය නායකයා අපේ. එතුමා වර්තමානයේ විපක්ෂ නායකතුමා. මේ සියලුම නායකයෝ එකතු වෙලා මේ මොහොතේ කළ යුත්තේ නායකත්වය වෙනස්විය යුතු කාලයට වෙනස් වෙයි. ඒක අනිවාර්යයෙන්ම සිද්ධවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැහැදිලිවම කිව්වා මම සදාකාලිකවම පක්ෂයෙ නායකයා වෙලා ඉන්න ලෑස්ති නෑ කියලා. මට මතකයි 2015 ජනාධිපතිවරණ කාලෙදි එතුමා කියපු කතාවක් තමයි මම තව අවුරුදු 8ක පමණ කාලයක් තමයි නායකත්වයෙ ඉන්නේ කියලා. එතුමා හරියටම ගණන් හදල කිව්වා. ඉතින් මම විශ්වාස කරනවා එතුමා ඉතාමත් ඉක්මනට මේ නායකත්වය වෙනත් කෙනෙකුට ලබාදෙයි කියලා.  


 ප්‍රශ්නය - වෙනත් කෙනෙකුට කිව්වේ සජිත්ට නොවෙයි?  


පිළිතුර - කාට දුන්නත් ප්‍රශ්නය තියෙන්නේ නායකත්වය ලබාදෙන්න එතුමා ලෑස්තියි. නමුත් නායකත්වය බලෙන් ගන්න බෑ. එහෙම තමයි පක්ෂයෙ ව්‍යවස්ථාවේ තියෙන්නේ. පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකයා ඉවත් කරන්න බෑ. ඒක මහා සම්මේලනයකින් සම්මත වෙච්ච දෙයක්. එහෙම නම් නායකයා අයින් වෙන්න ඕනෑ. ඊට පස්සේ තමයි අලුත් නායකයා පත්කරගන්න වෙන්නේ. කවුරුවත් කටමැත දෙඩෙව්වට තව දවස් 2යි දෙන්නේ, තව සති දෙකයි දෙන්නේ, අපි සිරිකොතෙන් ඇදලා දානවා කියලා කිව්වට කිසි කෙනෙකුට එහෙම නායකයා අයින් කරන්න බෑ. ප්‍රධානම ප්‍රශ්නය තියෙන්නේ මම අර මුලින් කිව්වා වගේ පක්ෂය ඇතුළේ විසංවාද තියෙනවා. ගෙදරකත් ඉන්නවනේ හොඳ පුත්තු ඉන්නවා. නරක පුත්තු ඉන්නවා. ළදරු කතා කියන අය ඉන්නවනේ. මේ වගේ හැම ජාතියකම අය ඉන්නවනේ. අපේ පක්ෂය ඇතුළෙත් එහෙම විවිධ කතා ඇතිවෙනවා. ඕනෑම පක්ෂයක එහෙම වෙනවා.  


 ප්‍රශ්නය - පක්ෂයේ ප්‍රශ්නයට තියෙන විසඳුම?


පිළිතුර - නායකයා මේ ප්‍රශ්නය හරියට විසඳයි. එතුමා පක්ෂයට දැවැන්ත ශක්තියක්. පක්ෂයත් කෙළින් කරගෙන ඉදිරියට යාම තමයි අපිට තියෙන්නේ.  


 ප්‍රශ්නය - අගමැති අපේක්ෂකයා වෙන්න පක්ෂ නායකත්වය අනිවාර්යයෙන්ම දිය යුතුයි කියලා සජිත් කියනවා?  


පිළිතුර - එතැනදි මට පෞද්ගලික අදහසක් තියාගන්න පුළුවන්. අගමැති අපේක්ෂකත්වයට හෝ ජනාධිපති අපේක්ෂකත්වයට හෝ මැතිවරණයකදී නායකත්වය දරනවා කියන එකයි පක්ෂයක නායකත්වය දරනවා කියන එකයි ඇත්තටම දෙකක්. ඒකට හොඳම උදාහරණය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාට පොදුජන පෙරමුණේ කිසිම නිලයක් නෑ. සාමාජිකයෙක් ද දන්නෙත් නෑ. ඒ අනුව එතුමා පෙන්වලා තියෙනවනේ නායකකම් අදාළ නැහැ කියලා. මැතිවරණ ජයග්‍රහණයක් කියන්නේ ඒක වෙනම කලාවක්. සමාජයේ පිළිගැනීමක් ඇතිවෙන්න ඕනෑ. මහජනතාව ඡන්දය දෙන්න ඕනෑ. ඒක වෙනම ආර්ට් එකක්. ජනාධිපතිවරණයෙදි අපිට පසුබෑමක් ඇති වුණා. ඒක පිළිගන්න ඕනෑ. ඒ නිසා ඒකයි මේකයි දෙකක් කියලයි මම කියන්නේ.  


 ප්‍රශ්නය - ජනාධිපති ගෝඨාභයව පවා ඔබලා දැන් උදාහරණයට ගන්නේ සජිත්ට නායකත්වය නොදෙන්නම?  


පිළිතුර - නෑ එහෙම නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ නියෝජ්‍ය නායකතුමා. එතුමන් අපේ පක්ෂයෙ නායකයෙක්. නායකයා හැටියට එතුමට ඉදිරියට යන්න හොඳම දේ තමයි අපේ මන්ත්‍රී කණ්ඩායම හැටියට අපි කිව්වේ එතුමා නියෝජ්‍ය නායකතුමා, එතුමා විපක්ෂ නායකතුමා. එතුමා සිරිකොතට ඇවිල්ලා පක්ෂයෙ වැඩේ අතට අරගෙන නායකතුමත් එක්ක වාඩිවෙලා දෙන්නා එකට වැඩ කරනකොට ඉබේම එතුමාට නායකත්වය ලැබෙයි. එයයි කළ යුත්තේ. මම හිතන්නේ එතුමා ඒක දැන් තේරුම් අරගෙන තියෙන්නේ.  


 ප්‍රශ්නය - පක්ෂ නායකත්වය සජිත් ඉල්ලන්නේ ජනාධිපතිවරණයෙදි ලැබූ අත්දැකීම් නිසා වෙන්නැති.  


පිළිතුර - නෑ. එහෙම විශේෂ අත්දැකීමක් ලබන්න දෙයක් නෑනේ. හැමදාම සිරිකොත හැසිරෙන විදියට තමයි මේ පාරත් හැසිරුණේ. මෙතැනදි වුණේ වොක්ෂෝල් වීදියෙයි සිරිකොතෙයි ආදී වශයෙන් දෙතුන් තැනක කැම්පේන් එක ගිය නිසයි. මෙතැන ප්‍රධානම කැම්පේන් එක සිරිකොතේ තිබුණ නම් තමයි පක්ෂයක් හැටියට දැනෙන්නේ. නමුත් ජනාධිපතිවරණයෙදි ප්‍රධාන කැම්පේන් එක වුණේ වොක්ෂෝල් වීදියෙ. එතකොට පෙනුණ සිරිකොතේ මේක වෙන්නේ නෑ කියලා. නමුත් සිරිකොත ඒ විදියටම ක්‍රියාත්මක වුණා. නායකතුමා වැඩ කළා. මහ ලේකම්තුමා වැඩ කළා. අපි වැඩ කළා. පක්ෂයෙ සියලුම නිලධාරීන් ටික වැඩ කළා. හැමෝම එකාවගේ වැඩ කළා. කිසි කෙනෙක් පස්සට ඇද්දෙ නෑ. හැමෝම කැපවීමෙන් වැඩ කළා. ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.  


 ප්‍රශ්නය - ජනාධිපතිවරණයට ලැබුණු සල්ලි පවා ආගිය අතක් නෑ කියලා කියනවා?  


පිළිතුර - ඔතැන එක එක්කෙනා විවිධ කතා කියනවා. පක්ෂයක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණාම අපේක්ෂකයාට තමයි මුදල් දෙන්නේ. ඒ අපේක්ෂකයා වටා තමයි මුදල් එකතු වෙන්නේ. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආපු වෙලාවෙත් එහෙම තමයි වුණේ. ඒ මුදල් එකතු කිරීම සිද්ධ වුණේ වොක්ෂෝල් වීදියෙ හා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අපේක්ෂකත්වය තියෙන තැන. අපේ පක්ෂයට මුදල් නෑ. පක්ෂය හැමදාම කැම්පේන් එකක් කරනකොට පක්ෂයට ආධාර ලැබෙනවා. පක්ෂයේ වියදම් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ ටික හොයාගන්නෙත් විවිධ ආධාරවලින්. එහෙමනේ පක්ෂ දුවන්නේ. ඒ නිසා පක්ෂයට දාන්න මුදල් කැම්පේන් එකට ලැබුණේ නෑ කියන එක පට්ටපල් බොරුවක්.  


 ප්‍රශ්නය - ඔබ කියන්නේ සල්ලි පිල්ලි ගහලා තියෙනවා නම් එහෙම කළේ සජිත්ගේ පාර්ශ්වයෙන්මයි කියලද? 

 
පිළිතුර - නෑ මම එහෙම චෝදනා කරන්නේ නෑ. මං හිතන්නේ ඔතැන වෙන්න ඇත්තේ බලාපොරොත්තු වුණ මුදල් ප්‍රමාණය නොලැබෙන්න ඇති. ඒක තමයි වෙන්න ඇත්තේ.  


 ප්‍රශ්නය - ජනාධිපතිවරණයෙදී පරාජය වුණේ පක්ෂයද? සජිත්ද?  


පිළිතුර - පරාජයට හේතු රාශියක් තියෙනවා. ප්‍රධානම කාරණය බෞද්ධ ඡන්ද පදනම අපට අහිමි වීම. අනික් කාරණය සහරාන්. සහරාන් තමයි ඡන්දය පැරැද්දුවේ. එයා මේ ඡන්දය වෙනුවෙන් පාවිච්චි කළාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සහරාන් හැදුවේ කවුද? ඒක පිපිරෙව්වේ කොහොමද? ඒකට ජාත්‍යන්තර සබඳතා තියෙනවද? එහෙම කතන්දර ගොඩක් තිබෙනවා. අපේ සිලෙක්ට් කොමිටි වාර්තාවෙත් තියෙනවා. මේ ගැන ස්වාධීන මතධාරීන් විශ්ලේෂණය කළ යුතුයි. මධ්‍යම පාන්තික ඡන්ද තරුණ ඡන්ද අපට ආකර්ශනය කරගන්න බැරිවුණා.  


 ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණෙත් එහෙම වුණේ පක්ෂය නිසාද සජිත් නිසාද කියලයි.  


පිළිතුර - විවිධ කාරණා බලපෑවා. කැම්පේන් එකේ තිබුණ අඩුපාඩු බලපෑවා. සමහර වෙලාවට අපට අපේ අරමුණු කරා යන්න බැරිවුණා. ප්‍රතිපත්ති ප්‍රකාශනය අපට දෙන්න පුළුවන් වුණේ තැපැල් ඡන්දයෙන් දවසකට පස්සෙයි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෑම ගෙදරකටම ගියේ නෑ. එහෙම ප්‍රශ්න තිබුණා.  


 ප්‍රශ්නය - පක්ෂයනේ ඒ වගකීම බාරගත යුත්තේ?  


පිළිතුර - පක්ෂය විතරක් නොවෙයි, පොදුවේ කැම්පේන් එක ඒ වගකීම බාරගත යුතුයි. පක්ෂය හැටියට අපි ක්‍රියාත්මක වුණා. කැම්පේන් එකේ අඩුපාඩු තිබුණා. මම ඒකයි කියන්නේ අපි හැමෝම ඒ වගකීම බාරගත යුතුයි. අපේ අඩුපාඩු තිබුණා. ඒක මේ හිතාමතා කරපු අඩුපාඩු නෙවෙයි. කම්පිටිෂන් එකක්නේ තියෙන්නේ. ජනාධිපති අපේක්ෂකයො දෙන්නා අතර රැල්ල හැදෙන අපේක්ෂකයට දිනන්න පුළුවන්. ඉතින් අපිට ඒ රැල්ල හදාගන්න බැරිවුණා.  


 ප්‍රශ්නය - මට නැත්නම් වෙන කාටවත් ඕනැත් නෑ වගේ ස්ථාවරයක රනිල් වික්‍රමසිංහ හිටියා?  


පිළිතුර - නෑ එතුමා එහෙම ස්ථාවරයක හිටියේ නෑ. එතුමා හැමදාම දිවා රෑ නොබලා කැම්පේන් එකේ හිටියා. ඒ අදාළ තැන්වලට ගියා. විශේෂයෙන්ම එතුමාට බාරදීලා තිබුණේ උතුරේ හා නැගෙනහිර ඡන්ද ටික. එතුමා ඒක හරියට කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කතා කරලා කියපු ඒවා එතුමා කළා. මම හොඳටම දන්නවා එතුමා විවිධ කාරණා අපිත් එක්ක සාකච්ඡා කළා.  


 ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් රැස්වීම්වලට එන්න කියලා යනකොට ගේට්ටුවලට ඉබි යතුරු දාලා කියලා සජිත් පාර්ශ්වය කියනවා.  


පිළිතුර - මම ඒක දන්නේ නෑ. ඇහුවෙත් අදයි. 



අදහස් (0)

නායකත්වයේ වෙනසක් අවශ්‍යයි කියලා මේ අවස්ථාවේ මම දකින්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 266 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


මහත්මා ගාන්ධිගේ යාපනය සංචාරය
2025 මාර්තු මස 12 160 0

1920 දශකයේ මැද භාගයේ බිහිවූ , ආරම්භයේ දී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණ


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 222 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 47 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 45 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 65 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 836 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 310 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site