IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ජනතාව නොමඟ යැවීමට ඒකාබද්ධය උත්සාහ ගන්නවා - මලික් සමරවික්‍රම

නාලක සංජීව දහනායක

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලයකදී ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජන ලැබුණු බවට තමන් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය විකෘති කරමින් ජනතාව නොමඟ යැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා උත්සාහ ගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි.

නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලය ඇතුළතදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 16 ට වැඩි සෘජු ආයෝජන සඳහා වන යෝජනා සිංගප්පූරු සමාගම්වලින් ලැබී ඇති බව සභාව කල්තැබීමේ විවාදයේදී තමන් කළ ප්‍රකාශය හැන්සාඞ්ගතවී ඇති බැවින් ඒ පිළිබඳ සත්‍යතාවය ඕනෑම පුද්ගලයකුට පරික්‍ෂාකර බැලිය හැකි බවද අමාත්‍යවරයා කීය.

 අමාත්‍යවරයා මෙසේද පැවසීය.

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසාවෙන් දැනටමත් විදෙස් ආයෝජන රාශියක් ලැබී තිබෙන බවත් පසුගිය මාස දෙකහාමාර ඇතුළතදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 16කට වැඩි සෘජු ආයෝජන සඳහා වන යෝජනා සිංගප්පූරු සමාගම් වලින් ලැබුණා.

ඒ අනුව සියයට සියයක් අපනයන අරමුණුකරගත් ඇමරිකානු ඩොලර් බිලියන 14.8ක ආයෝජන සහිත තෙල්පිරිපහදු සංකීර්ණයක් , වානේ නිපදවන කර්මාන්ත ශාලාවක් ,  ඇමරිකානු ඩොලර් මිලියන 50 වටිනාකමක් සහිත තිරිඟු පිටි සහ ඇමරිකානු ඩොලර් මිලියන 200 වටිනාකමක් සහිත සීනි පිරිපහඳු සංකීර්ණයක් සඳහා වූ යෝජනා ලැබී තිබෙනවා.

මේ සියල්ලේම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 16 වැඩියි. ආයෝජන මණ්ඩලය මඟින් මේ සඳහා දැනටමත් අවසරය දී තිබෙනවා. ඉඩම් නිදහස් කිරීමෙන් පසුව නිසි පාරිසරික බලපෑම් අධ්‍යයනයෙන් පසුව එම ව්‍යාපෘති ආරම්භ කරන බවත් මම පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විවාදයේදී ගිවිසුම පිළිබඳව සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට හෙළිදරව් වීම නිසා ඒකාබද්ධ විපක්‍ෂය බලාපොරොත්තු වූ දේ ඉටුවුනේ නැහැ. ඒ නිසා මා විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම විකෘති කර ජනතාව නොමඟ යැවීමට ඒකාබද්ධ විපක්‍ෂය උත්සාහ ගන්නා බවද කීය. 

            

        



අදහස් (1)

ජනතාව නොමඟ යැවීමට ඒකාබද්ධය උත්සාහ ගන්නවා - මලික් සමරවික්‍රම

Raveendra Friday, 27 July 2018 05:57 PM

අම්මපා.. හරිම අවංක හීනෙන්වත් වංචාවක් ගැන නොසිතන සතර පෝයට 8 සැරයක් සිල්ගන්න අම්බරුවෙක් කියන කතා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 38 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site