IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘ගෝඨාභය බලයට පැමිණීමෙන් පසු බියෙන් - සැකයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන්‘‘

(චන්ද්‍රසේන ගමගේ)

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් සමඟ මේ රටේ සියළු ජාතීන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හැකි වන බවත් ඔහු සියළු ජාතීන්ට හිමි විය යුතු ගෞරවය හා ආරක්ෂාව සලසා දීමට කැප වෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා අද (08)  අගුණකොළපෑලැස්සේදී පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩ වෙසෙන මහා සංඝරත්නය සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මහින්ද අමරවීර මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා උතුරේ ජනතාව හමුවේ දහසක් පොරොන්දු දෙනවා. මේ බිමේ ක්‍රියාත්මක කරන්න බැරි පොරොන්දු මල්ලක් එතුමා දෙනවා. එම පොරෙන්දු වලට උතුරේ ජනතාව රැවටෙයි කියා අපි විශ්වාස කරන්නේ නෑ.

ගෝඨාභය රාජපක්ෂ  ජාතිවාදියෙක් නොවෙයි.එතුමා  ගැන අවිශ්වාසයක් උතුරේ ජනතාව තබා ගත යුතු නෑ. එමෙන්ම මේ රටේ බුද්ධාගමට හිමි නිසි තැන ලබා දෙමින් අනෙකුත් ආගම් වලටත් ලබා දිය යුතු ගෞරවය ලබා දෙන්නට එතුමා කටයුතු කරන බවට අප තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය එතුමා සමඟ ඉන්නා බව අද දිනයේ මා සමඟ කළ සාකච්ඡාවේදී පැහැදිලි වුණා.

ගෝඨාභය මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවීමෙන් වැඩ කරන බවද මම අවසාන වශයෙන් පවසන්නට කැමතියි.

 



අදහස් (11)

‘‘ගෝඨාභය බලයට පැමිණීමෙන් පසු බියෙන් - සැකයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන්‘‘

Kumar Friday, 08 November 2019 04:24 PM

මේ මහත්මයා සහෝදරයට වැඩකරන කාලේ සහෝදරයාගේ පාලනය විවෙචෙනය කළ කිහිපදෙනෙක් පරලොව යැව්ව කතාව ඇත්තද? ඒ අය බියෙන් පසු වෙන්න ඕනෙද? කැලේ මාරු කළාට කොටියගේ පුල්ලි මැකෙන්නේ නැහැ කියලත් අහලා තිබෙනවා...

:       1       38

කපුරුහාමි Friday, 08 November 2019 07:11 PM

මෙයාලගේ පවුල් පාලනේ කාලේ මුලු රටම උන්නේ කලේ නීතියට බයෙන් තමා. රටේ යුක්තිය, නීතිය, සාධාරණය වගේ ඒවා නැහැ. මේ කරපු හරිය අපිට අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහැ...

:       1       2

Mf Friday, 08 November 2019 08:57 PM

බයෙන්, සැකෙන් තොරව ඉන්න පුළුවන් වෙන්නේ අපායෙද දන්නේ නැහැ...

:       1       2

Raveendra Friday, 08 November 2019 09:19 PM

ඒ කාලේ සිරි අයියගේ හොඳම සගයෙක් නේද මේ ...? අනේ හැබෑට...

:       1       2

ජෝන් සිල්වා Saturday, 09 November 2019 01:15 AM

සහතිකම ඇත්ත... බලය ලැබුණාම උගුල් අදින්න වෙලාවක් නැහැනේ.. ඒවා කරන්න පුළුවන් විපක්ෂයේ ඉන්න වෙලාවට කියලා කියන්න පුළුවනි..

:       1       1

ranjith Saturday, 09 November 2019 02:03 AM

මොකද මහත්තයෝ ඔයා බියෙන්ද ඉන්නේ?

:       1       2

Warnakulasuriya Saturday, 09 November 2019 05:52 AM

කියන්න තියෙන එකම දෙය ඕක විතරයි. ඒ වුණාට "සුදුවෑන්" බියකින් ඉන්න වෙන බවට ජනතාව දනිති.

:       1       33

lalithm Saturday, 09 November 2019 07:58 AM

ඒ කියන්නේ ඔබත් ඇතුළුව කලින් මේ රට ආණ්ඩු කළ රජයන් තිබූ කාලවල රටේ මිනිසුන් බයෙන්, සැකෙන් ජීවත් වුණා කියන එක නේද? සුදු වෑන් කතා එහෙනම් ඇත්ත...

:       1       1

Rata Perata Saturday, 09 November 2019 08:28 AM

මිනිහෙක්ට උගත්කම කොච්චර ඕනෑද කියලා හිතෙන්නේ මේ වගේ කතා ඇහෙනකොට තමයි. බස් කොන්දොස්තර කෙනෙක්ගේ වුණත් මීට වැඩිය අවබෝධයක් තියෙන්න ඕනෑ. මහා මැතිවරණයකදී මිනිස්සු තීරණය කරයි.

:       1       1

Arachchi Sunday, 10 November 2019 12:06 AM

ජනාපති ධුරයට තෝරාපත් කරගත යුතු එකම තැනැත්තා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ඔහු තමා පුම්බවාගන්න කතාකරන්නේ නෑ. ඔහුට ඒක කරන්න අවශ්‍ය තාවයක් නෑ. අවුරුදු විස්සක් තම ජීවිතය පරදුවට තබා මරණයේ මුහුණ දැක දැක ත්‍රස්තවාදීන්ට මුහුණ දී වඩමාරච්චි ප්‍රහාරය ආදී සටන් වලදී ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කර යුද සටනේ සටන් කීර්ති ලබාගත් වීරෝධාර නායකයෙක්. ඔහු ජීවිතය නොතකා සටන් කළේ මේ රට වෙනුවෙන්. ඔබ අපි හා අපේ දරුවන් සඳහා රටක් ත්‍රස්තවාදයට බිලිවෙන්න ඉඩනොදී අපිවෙනුවෙන් අපට නිදහසේ හුස්මගන්න පුළුවන් වාතාරණයක් ලබා දුන් නායකයෙක්. ගෝඨාභය මැතිතුමා සජිත් වගේ තමා ගැනම කතාකරන්නේ නෑ. ඒ නිහතමානී පුද්ගලයෙක් නිසායි. ඒකයි නායකයෙකුගේ ලක්ෂණය. අද රටට අවශ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂයි. ඔහුට හොඳ දැක්මක් තියෙනවා. ප්‍රශ්නයක් මනුෂ්‍යත්වයෙ, ප්‍රායෝගිකව හා දර්ශනාත්මක ව්‍යුහයකින් බැලීමේ හැකියාවක් තියෙනවා. එතුමා මෙවර අපේ ජනාධිපති නොකළොත් ඒ අපේ හා රටේ අභාග්‍යයක්. .

:       1       1

Chanak los angeles Sunday, 10 November 2019 04:29 AM

ඔව් ඔව් නියමෙට ආරක්ෂාව දුන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

Party history

සියලු පුරවැසි අපේක්ෂා ඉටුවෙන රාජ්‍ය තන්ත්‍රයක්
2019 නොවැම්බර් මස 13 1649 8

ජනාධිපතිවරණය සම්බන්ධව දරන ස්ථාවරය කෙබඳුද? ජනතාවට දෙන පොරොන්දු ඉටුකළ හැකිද? බදු අඩුකිරීම ප්‍රායෝගිකද? ජාතික ආරක්‍ෂාව පිළිබඳව දෙන සහතිකය කුමක්ද? යනාදී


‘‘සියලු ආගම් - ජාතීන් සුරකින රටක් නිර්මාණය කරනවා‘‘
2019 නොවැම්බර් මස 10 427 0

බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අන් ජාතින් සුරක්ෂා කරන ජාතිආගම් බේද නැති ඒකීය ශ්‍රීලංකාවක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක


ජනවාරියේ රැකියා 54,000 ක් දෙනවා
2019 නොවැම්බර් මස 09 661 7

මේ වන විට රට පුරා උපාධිධාරින් 54,000 ක් සිටින බවත් දැනට රාජ්‍යය අංශයේ පවතින ලක්ෂයක පමණ රැකියා අබැර්තු වලින් ලබන ජනවාරියේ සිට එම උපාධිධාරීන්ට රැකියා දෙන බව


සජිත්ගේ ඉල්ලුම දෙගුණවෙලා
2019 නොවැම්බර් මස 09 978 0

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන්


‘‘එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙනවා‘‘
2019 නොවැම්බර් මස 08 4965 27

එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙන බවත්.කුඩු වෙළදාම , මත්ද්‍රව්‍ය වෙළදාමට ජනප්‍රිය දෙදෙනෙක් වේදිකාවට ගෙනත් දා ගත් බවත් වසන්ත සේනානායක මහතා පැවැසී


‘‘ගෝඨාභය බලයට පැමිණීමෙන් පසු බියෙන් - සැකයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන්‘‘
2019 නොවැම්බර් මස 08 574 11

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් සමඟ මේ රටේ සියළු ජාතීන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හැකි වන බවත් ඔහු සියළු ජාතීන්ට හිමි විය යුතු ගෞරවය හා ආරක


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 125 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 990 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1873 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site