කැමති ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ආණ්ඩුවෙන් පිටව යාමට හැකි බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
එසේ ආණ්ඩුවෙන් ඉවත් වුවා යැයි කියා ආණ්ඩුව දුර්වල නොවන බවත් 2020 තෙක් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන බවත් අමාත්‍යවරයා කීවේය.
‘සද්ද දාන අය බුරන විදිහට හපන්නේ නැහැ කියලා අපි දන්නවා. එහෙම සද්දෙ දාලා යම් යම් උදවිය බය කරගන්න හදනවා. එහෙම බව වෙන කවුරුවත් නැහැ. ඒ අයට ගියා කියලා යන්න තැනක් නැහැ. සද්දෙ දදා මෙතැනම ඉන්න තමයි හැමෝම බලන්නේ. කෙනෙක් යනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙකුට ඕනෑම වෙලාවක යන්න පුළුවන්. එහෙම කියලා ආණ්ඩු වැටෙන්නේ නැහැ. 2020 මීළග මැතිවරණයට යනකම් ආණ්ඩුව ශක්තිමව යනවා.‘ යැයි ද ඇමැතිවරයා පැවසීය.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ 2020න් පස්සේ ආණ්ඩුව වැටෙනවා කියන එකද ?