IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


එද‌ා තෙල්මිල සූත්‍රයට කෑගැසූ කල්ලිය අද පොල් සූත්‍රයක් ගෙනත්


(*** අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවට කෙළවී ඇති ආකාරය කොතරම්ද කියනවානම් එදා තෙල් මිල සූත්‍රයට කෑගසූ කල්ලිය අද පොල් මිල සූත්‍රයක් දාගෙන දඟලන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

පරිප්පු නොකා බඩඉරිඟු කාපන් යැයි කිව්වා සේ ජනතාවට එළවළු නොකා තණකොළ කාපන් යැයි කියන දිනය වැඩි ඈතක නොවේ  යැයිද හෙක්ටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ 28 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීවේය.

“අප ආණ්ඩු කළ සමයේ මේ උදවිය බඩු මිල ගැන දිගින් දිගටම කතා කළා. එකල ස්ථාන කිහිපයකදීම මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා. අද ජනතාව නොමැරී මැරෙමින් ජීවත් වෙනවා. ගොවීන් ඉතා අසීරු තත්ත්වයට පත්වෙලා. ආණ්ඩුව කොතරම් බංකොලොත්ද කියනවා නම් ගොවීන්ට තවම පොහොර දී ගන්නට නොහැකි වෙලා.

පොහොර නැතිවීමෙන් රටට ලැබෙන්න තිබෙන අස්වැන්න භාගයකින් අඩු වෙනවා. එවිට ගොවීන්ගේ ආදායම අඩු වෙනවා. පරිභෝජන භාණ්ඩවල මිල දෙගුණයකින් වැඩි වෙනවා. ආණ්ඩුවේ කළමනාකරණය මෙයද?

ආණ්ඩුවට කෙළ වී ඇති ආකරය කොතරම්ද කියනවා නම් එදා තෙල් මිල සූත්‍රයට කෑගසූ කල්ලිය අද පොල් මිල සූත්‍රයක් දාගෙන දඟලනවා. වත්මන් අගමැති එදා පොල් ගෙඩි පෙන්වා ජනතාවගෙන් සැපදැයි ඇසුවා. එවැනි සමච්චලයකට ජනතාව ලක් කරන්න අප නම් සූදානම් නැහැ. ජනතාවට දැන් සැප නැති බව අප දන්නවා. ඒ නිසා සැපදැයි ඇසීම ජනතාවට කරන අගෞරවයක්.

පරිප්පු නොකා බඩඉරිඟු කාපන් යයි ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් කිව්වා. හෙට අනිද්දා වනවිට එළවළු නොකා තණකොළ කාපන් යයි කියාවි. ජනපතිට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සත පහකටවත් විශ්වාස නැති බව පෙනෙන්න තිබෙනවා. ඇමැතිවරුන් ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට ගජරාමෙට ගල් වැලි බොරලු කපන්න පටන්ගෙන තිබෙනවා. වනාන්තරය විනාශ කරමින් සිටිනවා.

විසි වැනි සංශෝධනය හමුවේ අග්‍රාමාත්‍ය ධුරයේ බලය රැකගැනීම සඳහා අගමැතිවරයා දැවැන්ත සටනක යෙදෙමින් සිටිනවා. පාර්ලිමේන්තුවේ දී විස්ස එපා යයි අප කෑගසන විට ඒ අයත් හොරෙන් අපට කිව්වේ අපටත් 20 එපා, ඒත් මොනවා කරන්නද යන කාරණයයි.

විසි වැනි සංශෝධනය ගෙන ඒමෙන් පසු මෙරට ඉඩම්වලින් බාගයට බාගයක් විදේශවලට විකුණන්නට යනවා. ආණ්ඩුව කරගෙන යන්න වෙන ක්‍රමයක් නැහැ. මේ අය සිංහල බෞද්ධ යයි හඬ නැඟුවාට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ගෙන ඒම තුළින් විශාල අනතුරකට අත වනමින් සිටිනවා. මොවුන් ජනතාවට පෙන්වා තිබෙන්නේ වෙන මුහුණුවරක්.

මෙරට පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපට දැවැන්ත සටනක් දීමට සිදුව තිබෙනවා. ඒකාධිපති පාලනය රටින් තුරන් කිරීමට ඉදිරියේදී අපට ලොකු සටනක් දීමට වේවි.”

හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා මෙසේ පැවසීය.

“මෙහෙම විහිළු කරන රාජ්‍ය පාලනයක් ඉතිහාසයේ කිසිම දිනක අප දැක නැහැ.

විසි වැනි සංශෝධනය යටතේ අනාගත විගණකාධිපතිත් ගෝඨාභය සමග හමුදාවේ එකට සිටි මේජර් ජනරාල්වරයකු විය හැකියි.
හිට්ලර් යනු ඔස්ට්‍රියා ජාතිකයකු බව ජර්මන් ජනතාව දැනගෙන සිටියේ නැහැ. ඒ බව දැනගත්තේ අවසානයේදීයි. මේ රට පාලනය කරන්න හදන්නේ ඇමෙරිකන් කණ්ඩායමක් බව බහුතරයක් දන්නේ නැහැ. ඇමරිකන් පුරවැසියන්ගේ ජංගම සේවා සඳහා අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට හදනවා.

එක පවුලක් වෙනුවෙන් රටේ සමස්ත ක්‍රියාවලිය වෙනස් කරනවා නම් ඒ රටට දෙයියන්ගේම පිහිටයි. කවුරුන් හෝ විසි වැනි සංශෝධනයට අත ඔසවනවා නම් ඔවුන්ගේ දරුවන්ටත් සාප වෙනවා.”

 



අදහස් (3)

එද‌ා තෙල්මිල සූත්‍රයට කෑගැසූ කල්ලිය අද පොල් සූත්‍රයක් ගෙනත්

Bamunuarachchi Tuesday, 29 September 2020 06:13 AM

පොල්ගෙඩියක් මොකක්ද හලෝ..? පොල් බෑයත් පාර්ලිමේන්තු ගේන කාලයක් තිබුණා. ඒ කාලේ ඔහේ හිටියේ තාත්තා ගාව.

:       1       1

Bamunuarachchi Tuesday, 29 September 2020 12:27 PM

ඔහෙලගේ ඔය කතාව මිනිස්සු සතේකටවත් ගණන් ගන්නේ නැති බව ඡන්ද දෙකෙන්ම පෙන්නුවා නේද? පවුල් පාලනය හොඳ හින්දා තමයි අපි ලක්ෂ 69ක් ඡන්දය දුන්නේ තව මොනවද කතා? ඔහෙලා බලයට ආවා නම් අපිට ක්‍රෝටන් කොළ තමයි කන්න වෙන්නේ.

:       1       0

NimalWednesday, 30 September 2020 05:20 AM

මෙහෙමත් වහල්කමක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site