IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඇයි අපට බයද ?

ඇමැතිනියන් පාර්ලිමේන්තුවේ කළ සටන

පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු නොසන්සුන්කාරී ලෙස හැසිරෙද්දී රජයේ ඇමැතිවරියන් පිරිසක් කාන්තා අයිතීන් වෙනුවෙන් විරෝධතා පුවරු ඔසවාගෙන පාර්ලිමේන්තුව තුළ නිහඬ විප්ලවයක් කිරීම විශේෂ සිද්ධියක් විය.  


“කාන්තාවන්ට ඉඩ දෙන්න, කාන්තාවන්ට නැද්ද ඉඩක්? ඇයි අපිට බයද?” යනාදී වශයෙන් ලියැවුණ පුවරු ඔසවාගෙන මෙලෙස විරෝධය දැක්වූහ.  


ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ පරිසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජයසේන යන මහත්මීන් මෙලෙස විරෝධය දැක්වූ අය වෙති.

 

මෙම පිරිසෙන් ඇමැතිවරියන් කීප දෙනකුගේ විරෝධතාව පිළිබඳව විමසුවෙමි.  

 

 

අනෝමා ගමගේ , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , විජයකලා මහේෂ්වරන්

 

 


ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී  

අනෝමා ගමගේ

 
මීට පෙර කාන්තාවකගේ නමක්වත් මැතිවරණ ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමට අවස්ථාව නොලැබුණ බව නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ මහත්මිය කීවාය.  


ඒ මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය.

 
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන කාන්තාවන් සංඛ්‍යාව සියයට 5 කටත් අඩුයි. ප්‍රාදේශීය සභා පැත්තෙන් ගත්තොත් එයටත් වඩා අඩුයි. නමුත් ප්‍රාදේශීය සභා මට්ටමට සියයට 25 ක කාන්තා නියෝජනය මේ වන විට අනුමත වී තිබෙනවා. දැන් ඒක හරි. පළාත් සභා යටතේත් ඒ ක්‍රමය අනුමත කර ගැනීමට අපි උත්සාහ කළා. ඒකත් කරගත්තා.  
මේ පළමුවරට කාන්තාවන් නියෝජනය කරන අවස්ථාව නිසා, යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකියි. පළාත් සභා හා ප්‍රා​ෙද්ශීය සභා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අඩු පාඩු ඇති වුණත් යම් ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම ගැන බෙහෙවින් සතුටට පත්වෙනවා.  


වෙනද අපිට කාන්තාවකගෙ නමක් ලිස්ට් එකටවත් දාගන්න බැරුව ගියා. දැන් ලිස්ට් එකට හෝ කාන්තාවන්ගේ නම් ඇතුළත් කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා නීතියෙන්ම නියම වී තිබීම බොහොම වටිනා දෙයක්.  


මේක අපි ලබපු විශාලම ජයග්‍රහණයක්. මේ ගැන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් එක්වී සාකච්ඡා කළා. මෙලෙස කාන්තාවන් සඳහා විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම ගැන පොදුවේ සියලු මන්ත්‍රීවරියන් සතුටට පත් වුණා. ඒ වගේම එකම දිනක ඡන්දය පැවැත්වීමට ගන්නා ලද තීරණ​ෙයන් කාන්තාවන්ට විශාල සේවයක් වෙනවා. පසුගිය කාලය තුළ සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රයම එක් පළාතකට යොමුවී තිබුණා. එහිදී රජයේ මුදල් විශාල වශයෙන් නාස්ති වුණා. රාජ්‍ය නිලධාරින් දේශපාලනීකරණය වෙනවා.  


එදිනට පවතින රජයට බයට හෝ පක්ෂග්‍රාහීවම රජයේ සේවකයන් ඇතැම් විට පක්ෂපාතී විය හැකියි. මේ නව තීරණයට අනුව කොට්ඨාස මට්ටමින් මැතිවරණය පැවැත්වීමේදී කාන්තා නියෝජිතවරියන්ට පහසුවක් ඇති වෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත්, එකට මැතිවරණ තිබීමත් කාන්තාවන්ට සහනයක්. කාන්තාවන්ට තම කොට්ඨාසයට පමණක් අවධානය යොමු කිරීමට හැකි වෙනවා. එකිනෙකා අතර තරගයක් ඇති වන්නේ නැහැ.  


 කාන්තාවන්ට මේ තත්ත්වය ලබාගැනීම සඳහා විශාල වෙහෙසක් දරන්න සිදුවුණා. නිහඬව ඒ සඳහා අපි කැපවුණා.

 

 
ළමා කටයුතු  රාජ්‍ය ඇමැතිනී  

විජයකලා මහේෂ්වරන්  

 

මේ රටේ සියයට 53 ක් කාන්තාවන් හිටියත් දේශපාලන​ෙය් යෙදී සිටින්නේ සියයට 4.8 ක ප්‍රමාණයක් බව ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කළාය.  


ඇය මෙසේ ද කීවාය.  


පළාත් සභාවල කාන්තා නියෝජනය පිළිබඳව මහින්ද රාජපක්ෂගෙ කට්ටිය උදව් කළේ නැහැ. ප්‍රාදේශීය සභා මැතිවරණයට සියයට 25 ක කාන්තා නියෝජනය ලැබුණා. පළාත් සභාවලට එවැනිම කාන්තා නියෝජනයක් ලබාදෙන ලෙසට ඉල්ලුවා.  


 නමුත් මේ කට්ටිය කරදර කරමින් අපිට සපෝට් එකක් දුන්නේ නැහැ. කෑකෝ ගසමින් කඩාකප්පල් කරන්න උත්සාහ කළා.  


සියයට 53 ක් මේ රටේ කාන්තාවන් ඉන්නවා. නමුත් දේශපාලනයෙ ඉන්නෙ බොහොම සුළු පිරිසක්. ඒක සුදුසු නැහැ. කාන්තාවන්ටත් දේශපාලනයෙ යෙදීමට පූර්ණ අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒ වුණාට මහින්ද රාජපක්ෂගෙ කට්ටිය ඒකට ඉඩ නොදෙන්නයි හැදුවෙ. කොයිතරම් වැරදිද? ඒ අය හැසිරුන හැටි බොහොම නරකයි.  


 අද කාන්තාවෝ සියයට 4.8 ක ප්‍රමාණයක් දේශපාලනයෙ යෙදිල ඉන්නවා. මේ තරම් විශාල පිරිසක් කාන්තාවො සිටියදී දේශපාලන කටයුතුවල යෙදිල ඉන්නෙ බොහොම සුළු පිරිසයි. ඒක කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මේක හොඳ යහපත් රජයක්. ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය උදව් කළා. විරුද්ධ වුණේ මේ ඒකාබද්ධ විපක්ෂයෙ අය විතරයි. කොයිතරම් වැරදිද? චන්ද්‍රිකාගෙ කාලෙයි, මහින්දගෙ කාලෙයි කාන්තා නියෝජනයට නිසි තැන ලැබුණේ නැහැ.  


 දැන් බොහොම හොඳ රජයක් පවතිනවා. කාන්තාවන්ට නිසි තැන ලබා දීමට ​ෙම් රජය පසුබට වෙන්නේ නැහැ.  

 


නගර සැළසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැතිනී  

සුදර්ශනී ප්‍රනාන්දුපුල්​ෙල්

 
කාන්තාවන්ට නිසි නියෝජනය ලබාදීම වෙනුවෙන් අපි බලයේ සිටින කාලේ හඬක් නැගිය යුතුව ඇතැයි නගර සැළසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.  


ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද කීවාය.  


පාර්ලිමේන්තුව තුළත් කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවන බව අපිට පෙනෙන්න තිබෙන දෙයක්. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මේ කාලයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම ම​ෙග් වගකීමක් හා යුතුකමක් ලෙස සළකනවා.  


2012 වසරේදී මිශ්‍ර ක්‍රමයක් මත සියයට 25 ක කාන්තා නියෝජනයක් ඉල්ලා සිටියත් එයත් ප්‍රතික්ෂේප වුණා. මැතිවරණ වේදිකාවලදී වුවත් කාන්තාවන් ලවා අවශ්‍ය ප්‍රචාරක වැඩකටයුතු කරවා ගත්තත්, ඉන්පසුව කාන්තාවන් ගැන සැලකිලිමත් වන්නේ නැහැ. මැතිවරණ ප්‍රකාශයට අනුව සියයට 25 ක කාන්තා නියෝජනයක් සඳහන් කර තිබුණත් එය සංශෝධනය වී බලන විට කාන්තා නියෝජනය සියයට 10 ක් දක්වා අඩුවන අවදානමක් තිබුණා. 2016 දීත් ඒකාබද්ධ විපක්ෂය කාන්තා නියෝජනය වැඩිකර ගැනීමට ඒ පනත සම්මත කර ගැනීමට ඉඩ ලබා දුන්නේ නැහැ.  
පළාත් සභා සඳහා කාන්තා නියෝජනය වැඩිකර ගැනීමට අවස්ථාව සැලසෙන වෙලාවෙත් ඒකාබද්ධ විපක්ෂය බාධා කරමින් පනත සම්මත කර ගැනීමට ඉඩ දුන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටියා.  


පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබුණේ කාන්තාවන්ට වැදගත් වන පනතක්. මේ වෙලාවෙ කාන්තා නියෝජනය වැඩිකර ගැනීමට අපට සිදුවෙනවා.  


ඒ වෙනුවෙන් පෙනී සිටියා. අවස්ථාවේ හැටියට අපි එලෙස ක්‍රියාකිරීමට සිදුවුණා.   

 

 

 

 

දයාසීලි ලියනගේ



අදහස් (0)

ඇයි අපට බයද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 76 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 367 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site