IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


ඇයි අපට බයද ?

ඇමැතිනියන් පාර්ලිමේන්තුවේ කළ සටන

පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු නොසන්සුන්කාරී ලෙස හැසිරෙද්දී රජයේ ඇමැතිවරියන් පිරිසක් කාන්තා අයිතීන් වෙනුවෙන් විරෝධතා පුවරු ඔසවාගෙන පාර්ලිමේන්තුව තුළ නිහඬ විප්ලවයක් කිරීම විශේෂ සිද්ධියක් විය.  


“කාන්තාවන්ට ඉඩ දෙන්න, කාන්තාවන්ට නැද්ද ඉඩක්? ඇයි අපිට බයද?” යනාදී වශයෙන් ලියැවුණ පුවරු ඔසවාගෙන මෙලෙස විරෝධය දැක්වූහ.  


ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ පරිසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජයසේන යන මහත්මීන් මෙලෙස විරෝධය දැක්වූ අය වෙති.

 

මෙම පිරිසෙන් ඇමැතිවරියන් කීප දෙනකුගේ විරෝධතාව පිළිබඳව විමසුවෙමි.  

 

 

අනෝමා ගමගේ , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , විජයකලා මහේෂ්වරන්

 

 


ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී  

අනෝමා ගමගේ

 
මීට පෙර කාන්තාවකගේ නමක්වත් මැතිවරණ ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමට අවස්ථාව නොලැබුණ බව නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ මහත්මිය කීවාය.  


ඒ මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය.

 
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන කාන්තාවන් සංඛ්‍යාව සියයට 5 කටත් අඩුයි. ප්‍රාදේශීය සභා පැත්තෙන් ගත්තොත් එයටත් වඩා අඩුයි. නමුත් ප්‍රාදේශීය සභා මට්ටමට සියයට 25 ක කාන්තා නියෝජනය මේ වන විට අනුමත වී තිබෙනවා. දැන් ඒක හරි. පළාත් සභා යටතේත් ඒ ක්‍රමය අනුමත කර ගැනීමට අපි උත්සාහ කළා. ඒකත් කරගත්තා.  
මේ පළමුවරට කාන්තාවන් නියෝජනය කරන අවස්ථාව නිසා, යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකියි. පළාත් සභා හා ප්‍රා​ෙද්ශීය සභා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අඩු පාඩු ඇති වුණත් යම් ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම ගැන බෙහෙවින් සතුටට පත්වෙනවා.  


වෙනද අපිට කාන්තාවකගෙ නමක් ලිස්ට් එකටවත් දාගන්න බැරුව ගියා. දැන් ලිස්ට් එකට හෝ කාන්තාවන්ගේ නම් ඇතුළත් කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා නීතියෙන්ම නියම වී තිබීම බොහොම වටිනා දෙයක්.  


මේක අපි ලබපු විශාලම ජයග්‍රහණයක්. මේ ගැන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් එක්වී සාකච්ඡා කළා. මෙලෙස කාන්තාවන් සඳහා විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම ගැන පොදුවේ සියලු මන්ත්‍රීවරියන් සතුටට පත් වුණා. ඒ වගේම එකම දිනක ඡන්දය පැවැත්වීමට ගන්නා ලද තීරණ​ෙයන් කාන්තාවන්ට විශාල සේවයක් වෙනවා. පසුගිය කාලය තුළ සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රයම එක් පළාතකට යොමුවී තිබුණා. එහිදී රජයේ මුදල් විශාල වශයෙන් නාස්ති වුණා. රාජ්‍ය නිලධාරින් දේශපාලනීකරණය වෙනවා.  


එදිනට පවතින රජයට බයට හෝ පක්ෂග්‍රාහීවම රජයේ සේවකයන් ඇතැම් විට පක්ෂපාතී විය හැකියි. මේ නව තීරණයට අනුව කොට්ඨාස මට්ටමින් මැතිවරණය පැවැත්වීමේදී කාන්තා නියෝජිතවරියන්ට පහසුවක් ඇති වෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත්, එකට මැතිවරණ තිබීමත් කාන්තාවන්ට සහනයක්. කාන්තාවන්ට තම කොට්ඨාසයට පමණක් අවධානය යොමු කිරීමට හැකි වෙනවා. එකිනෙකා අතර තරගයක් ඇති වන්නේ නැහැ.  


 කාන්තාවන්ට මේ තත්ත්වය ලබාගැනීම සඳහා විශාල වෙහෙසක් දරන්න සිදුවුණා. නිහඬව ඒ සඳහා අපි කැපවුණා.

 

 
ළමා කටයුතු  රාජ්‍ය ඇමැතිනී  

විජයකලා මහේෂ්වරන්  

 

මේ රටේ සියයට 53 ක් කාන්තාවන් හිටියත් දේශපාලන​ෙය් යෙදී සිටින්නේ සියයට 4.8 ක ප්‍රමාණයක් බව ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කළාය.  


ඇය මෙසේ ද කීවාය.  


පළාත් සභාවල කාන්තා නියෝජනය පිළිබඳව මහින්ද රාජපක්ෂගෙ කට්ටිය උදව් කළේ නැහැ. ප්‍රාදේශීය සභා මැතිවරණයට සියයට 25 ක කාන්තා නියෝජනය ලැබුණා. පළාත් සභාවලට එවැනිම කාන්තා නියෝජනයක් ලබාදෙන ලෙසට ඉල්ලුවා.  


 නමුත් මේ කට්ටිය කරදර කරමින් අපිට සපෝට් එකක් දුන්නේ නැහැ. කෑකෝ ගසමින් කඩාකප්පල් කරන්න උත්සාහ කළා.  


සියයට 53 ක් මේ රටේ කාන්තාවන් ඉන්නවා. නමුත් දේශපාලනයෙ ඉන්නෙ බොහොම සුළු පිරිසක්. ඒක සුදුසු නැහැ. කාන්තාවන්ටත් දේශපාලනයෙ යෙදීමට පූර්ණ අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒ වුණාට මහින්ද රාජපක්ෂගෙ කට්ටිය ඒකට ඉඩ නොදෙන්නයි හැදුවෙ. කොයිතරම් වැරදිද? ඒ අය හැසිරුන හැටි බොහොම නරකයි.  


 අද කාන්තාවෝ සියයට 4.8 ක ප්‍රමාණයක් දේශපාලනයෙ යෙදිල ඉන්නවා. මේ තරම් විශාල පිරිසක් කාන්තාවො සිටියදී දේශපාලන කටයුතුවල යෙදිල ඉන්නෙ බොහොම සුළු පිරිසයි. ඒක කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මේක හොඳ යහපත් රජයක්. ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය උදව් කළා. විරුද්ධ වුණේ මේ ඒකාබද්ධ විපක්ෂයෙ අය විතරයි. කොයිතරම් වැරදිද? චන්ද්‍රිකාගෙ කාලෙයි, මහින්දගෙ කාලෙයි කාන්තා නියෝජනයට නිසි තැන ලැබුණේ නැහැ.  


 දැන් බොහොම හොඳ රජයක් පවතිනවා. කාන්තාවන්ට නිසි තැන ලබා දීමට ​ෙම් රජය පසුබට වෙන්නේ නැහැ.  

 


නගර සැළසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැතිනී  

සුදර්ශනී ප්‍රනාන්දුපුල්​ෙල්

 
කාන්තාවන්ට නිසි නියෝජනය ලබාදීම වෙනුවෙන් අපි බලයේ සිටින කාලේ හඬක් නැගිය යුතුව ඇතැයි නගර සැළසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.  


ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද කීවාය.  


පාර්ලිමේන්තුව තුළත් කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවන බව අපිට පෙනෙන්න තිබෙන දෙයක්. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මේ කාලයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම ම​ෙග් වගකීමක් හා යුතුකමක් ලෙස සළකනවා.  


2012 වසරේදී මිශ්‍ර ක්‍රමයක් මත සියයට 25 ක කාන්තා නියෝජනයක් ඉල්ලා සිටියත් එයත් ප්‍රතික්ෂේප වුණා. මැතිවරණ වේදිකාවලදී වුවත් කාන්තාවන් ලවා අවශ්‍ය ප්‍රචාරක වැඩකටයුතු කරවා ගත්තත්, ඉන්පසුව කාන්තාවන් ගැන සැලකිලිමත් වන්නේ නැහැ. මැතිවරණ ප්‍රකාශයට අනුව සියයට 25 ක කාන්තා නියෝජනයක් සඳහන් කර තිබුණත් එය සංශෝධනය වී බලන විට කාන්තා නියෝජනය සියයට 10 ක් දක්වා අඩුවන අවදානමක් තිබුණා. 2016 දීත් ඒකාබද්ධ විපක්ෂය කාන්තා නියෝජනය වැඩිකර ගැනීමට ඒ පනත සම්මත කර ගැනීමට ඉඩ ලබා දුන්නේ නැහැ.  
පළාත් සභා සඳහා කාන්තා නියෝජනය වැඩිකර ගැනීමට අවස්ථාව සැලසෙන වෙලාවෙත් ඒකාබද්ධ විපක්ෂය බාධා කරමින් පනත සම්මත කර ගැනීමට ඉඩ දුන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටියා.  


පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබුණේ කාන්තාවන්ට වැදගත් වන පනතක්. මේ වෙලාවෙ කාන්තා නියෝජනය වැඩිකර ගැනීමට අපට සිදුවෙනවා.  


ඒ වෙනුවෙන් පෙනී සිටියා. අවස්ථාවේ හැටියට අපි එලෙස ක්‍රියාකිරීමට සිදුවුණා.   

 

 

 

 

දයාසීලි ලියනගේ



අදහස් (0)

ඇයි අපට බයද ?

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

ජනපති ප්‍රේමදාසගේ “ සන්තෝෂ ගම ” උදාවුණ හැටි
2025 ජනවාරි මස 22 15 0

1977 දී පළාත් පාලන නිවාස ඉදිකිරීම් සහ සභානායක ධුරයටත් ඉන් පසුව 1978 දී අගමැති ධුරයටත් පත් ආර්. ප්‍රේමදාස ආරම්භ කළ උදාගම් ව්‍යාපාරය ඒ ඒ ප්‍රදේශයට ආවේණික වූ සු


ජන කැලඹිලි මැද ධුරය අත්හැර ගෙදර ගිය අගමැතිවරයා
2025 ජනවාරි මස 22 18 0

1952 මැයි මාසයේදී පැවැති මහ මැතිවරණයෙන් බලයට පත්වූයේ අග්‍රගණ්‍ය ප්‍රජාතන්ත්‍රවාදියකු වූ එක්සත් ජාතික පක්‍ෂයේ නායක ඩඩ්ලි සේනානායක ය.


අතුරු මැතිවරණ ජයගෙන සැමියා වෙනුවට මැති සබයට ගිය බිරින්දෑවරු
2025 ජනවාරි මස 22 13 0

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය අධ්‍යයනය කරන විට මහා මැතිවරණ ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේ අසුන් ගත් පසුව ඡන්ද පෙත්සම හේතු කරගෙන මන්ත්‍රී ධූරය අහිමි වූ ස


මැතිසබේ කැත කරන අනංගයො
2025 ජනවාරි මස 20 69 0

මෙරට උත්තරීතර ස්ථානයක් ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ සිදුවන බව කියන ඇතැම් සිදුවීම් මේ රටේ සාමාන්‍ය ආයතනයකවත් සිදු නොවන පන්නයේ හිරිකිත යුගුප්සාජනක ඇඟ ලො


ක්ලින් විය යුතු දුම්රිය ටිකට් නිකුතුව
2025 ජනවාරි මස 20 69 0

ඇල්ල යනු දෙස් විදෙස් සංචාරක නේත්‍රාකර්ෂණය නොමඳව දිනාගත් සංචාරක පාරාදීසයකි. මෙරට පිරිසුදු ම හා සිසිල් ම වාතාශ්‍රය ලබමින් සිරිලක සුන්දරත්වය සියැසින් ද


මැතිවරණ වියදම් නියාමනය ශක්තිමත් විමට නම්..
2025 ජනවාරි මස 20 13 0

මැතිවරණ වියදම් නියාමන නීතිය හඳුන්වාදීමෙන් පසුව මේ වනවිට මැතිවරණ තුනක් පවත්වා තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හැරුණු විට ඉන් මැතිවරණ දෙකක් ජාත


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 468 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 625 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site