චන්ද්‍රසේන ගමගේ
‘‘පවතින සමාජ ක්‍රමයේ දුෂ්කර තාවය නිසා මේ රටේ සමාජ විරෝධී ක්‍රියා ඉහළ ගොස් තිබෙනවා. මේ සමාජ ක්‍රමය වෙනස් නොකොට මේ උවදුරෙන් අපේ සමාජයට ගැලවීමක් නැහැ.‘ යැයි ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ඇඹිලිපිටිය ප්‍රාදෙශීය සභාවේ සභාපති එම්.කේ.අමිල මහතාගේ සුවදුක් බැලීමට අද දින (29) දහවල් පැමිණි වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.
‘‘මේ වන විට රජයේ බොහෝ අංශවල අල්ලස් ගැනීම සිදු වෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන අධිකරණ පද්ධතිය තුළත් අල්ලස් ගැනීම තිබෙනවා. ඒ වගේම තත්ත්වයක් බන්ධනාගාරය තුළත් සිදු වෙනවා. රජයේ දෙපාර්තමෙන්තුවලත් කොන්ත්‍රාත් වලදීත් පමණක් නොවෙයි මේ රටේ සමහර මන්ත්‍රී වරුනුත් අයුතු ලාභ ගැනීම් කොමිස් ගැනීම් සිදු කරනවා. බන්ධනාගාරය තුළත් නිළධාරීන්ට යමක් ලැබෙන්නේ මත් ද්‍රව්‍ය වෙළදාම තුළින් පමණයි. වෙන මුදල් උපයන්න ක්‍රමයක් නෑ. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් මේවාට යොමු වෙනවා.
ඇයි මෙහෙම වෙන්නේ? මේක ක්‍රමාණුකූලව වැඩි වූ තත්වයක්. මෙහි මූලාරම්භය වන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරනු ලැබූ විවෘත ආර්තික ප්‍රථිපත්තිය යි. දැන් හැම දේම මුදල මත තීරණය වෙනවා. රජයේ සේවකයාට ලැබෙන වැටුපෙන් මාසෙ භාගයක් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මේ තත්ත්වය තුළ බන්ධනාගාර නිලධාරීන් මුදල් හොයන්න පෙළඹෙනවා.
අද මෙයින් පිළිබිඹු වෙමින් තිබෙන්නේ මේ සමාජයේ පවතින අර්බුදය යි. අද මේ සමාජය රෝගී වී තිබෙනවා. රෝගී වූ සමාජයකින් මීට වඩා යමක් බලා පොරොත්තු වෙන්න බෑ. අද මම අගුණකොළපෑලැස්ස බන්ධනාගාර කොමසාරිස් තුමාගෙනුත් මේ ගැන විමසුවා. එතුමා කියන්නේත් මේ වන විට බන්ධනාගාර නිළධාරීන් දැඩි ආර්ථික පීඩනයකට හසුව සිටින බවයි. මේ සිදුවීම් වල පසු බිම දුප්පත් කම බව වැටහෙනවා. මේ සමාජ ක්‍රමය පවතින තාක් කල් අල්ලස වගේම මත් ද්‍රව්‍ය උවදුර තුරන් කරන්න පුළුවන් කමක් වෙයි කියා මම හිතන්නේ නෑ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
අල්ලස වැඩි පතතින ක්‍රමය නිසයි - වාසු
Janahitha Monday, 30 July 2018 05:39 PM
ගිහින් බලන්න වරායේ රේගු අධිකාරියට..