IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෝදා අරක්කු විකුණූ ‘ආච්චි’ කොටුවෙයි

(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා සහ කළුබෝවිල - පින්සිරි ආරියරත්න)


පොහොයදා වැඩිමිලට අලෙවි කිරීමට ගෙනා  මත්පැන් බෝතල් විසි තුනක් ළඟ තබාගත් බව කියන සැකකාරියක අඟුලාන සයුරුපුරදී (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 


බුද්ධි අංශ නිලධාරි 38928 බණ්ඩාර යන අයගෙන් ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර අරක්කු කාලක් රුපියල් පන්සීය බැගින් ද බෝතලයක් රුපියල් දෙදහසකට අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි. 


වැඩිමහළු දරුවන් සිටින 63 හැවිරිදි සැකකාරිය පොහොය සහ නිවාඩු දිනයන්හිදී වැඩි මිලට මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමේ කලක සිට නිරත වී ඇති බවද පොලිසිය කියයි. 

සැකකාරිය අඟුලාන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර මොරටුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


අඟුලාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් උපපොලිස් පරීක්ෂක අලහකෝන්, පොලිස් සැරයන්වරුන් වන 29272 කුමාරසිංහ, 31433 මංගල, කොස්තාපල්වරුන් වන 70256 සූරියගොඩ, 81934 අරුණ, 34592 හේරත්, 80786 ලක්මාල්,_කාන්තා පොලිස් කොස්තාපල් 8176 ටි්‍රලීෂියා යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

 



අදහස් (5)

පෝදා අරක්කු විකුණූ ‘ආච්චි’ කොටුවෙයි

Nandalal DE SILVA - France Wednesday, 22 November 2017 10:31 AM

මේ ආච්චි පොහෝ දින සිල් අරන්, සිල් පවාරණය වුණාට පස්සෙද මේ ජොබ් එක කරන්නේ? වළ පයයි, ගොඩ පයයි තියන් ඉන්න මේ උපාසිකාව, හවසට හොඳටම බීලා බෝතලේ, කාලේ, බාගේ වගේ වෙළඳාම ජොලියේ කරගෙන ගිහින් තියෙන බව පැහැදිලිවම පේනවා. බය වෙන්න එපා ආච්චියේ, හෙට හවස ඔය සල්ලි වලින්ම ඇප අරගෙන ගෙදර එන්න පුළුවන් වෙයි ....

:       19       6

dasunThursday, 23 November 2017 01:11 AM

ආච්චි බුද්ධාගමේ කියලා කොතනද තියෙන්නේ. හොඳට කියවන්න. ජාතියක් ආගමක් මෙතන කොහෙවත් ලියලා නැහැ. හැම වරදිකරුවාටම බෞද්ධ ලේබලය අලවන්න ඉස්සෙල්ල ප්‍රංශ ආණ්ඩුවෙන්වත් ඉල්ලන් තේරුම් අරන් කියවීමේ (ඉංග්‍රීසියෙන් කියන්නේ - ලිටරසි හෝ රීඩින් ෆොර් මීනින් කියල) පාඨමාලාවකට යන්න.

:       2       56

Nimal Wednesday, 22 November 2017 01:48 PM

බොහෝ රට වල වයසට යනකොට ආණ්ඩුවෙන් මුදලක් දෙනවා ජීවත් වෙන්ට සෑහෙන්නට. පින් පඩිය වගේ සොච්චමක් නෙවේ. අපේ රටේ පාර්ලිපෙන්තුවේ අය විතරනේ වයසට යන්නේ

:       0       31

Sampath Thursday, 23 November 2017 04:07 PM

වයසක මිනිස්සු බලාගන්න ක්‍රමවේදයක් අවශ්‍යයයි. අනික ඔය වයස අයට එහෙම ලොකු සිහිකල්පනාවක් මතකයක් නැහැ පෝය කියලා.

:       0       10

Bamunuarachchi Monday, 27 November 2017 01:11 PM

500ට වික්කම මොකක්ද තිබෙන ලාභෙ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site