IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


පෝදා අරක්කු විකුණූ ‘ආච්චි’ කොටුවෙයි

(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා සහ කළුබෝවිල - පින්සිරි ආරියරත්න)


පොහොයදා වැඩිමිලට අලෙවි කිරීමට ගෙනා  මත්පැන් බෝතල් විසි තුනක් ළඟ තබාගත් බව කියන සැකකාරියක අඟුලාන සයුරුපුරදී (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 


බුද්ධි අංශ නිලධාරි 38928 බණ්ඩාර යන අයගෙන් ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර අරක්කු කාලක් රුපියල් පන්සීය බැගින් ද බෝතලයක් රුපියල් දෙදහසකට අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි. 


වැඩිමහළු දරුවන් සිටින 63 හැවිරිදි සැකකාරිය පොහොය සහ නිවාඩු දිනයන්හිදී වැඩි මිලට මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමේ කලක සිට නිරත වී ඇති බවද පොලිසිය කියයි. 

සැකකාරිය අඟුලාන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර මොරටුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


අඟුලාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් උපපොලිස් පරීක්ෂක අලහකෝන්, පොලිස් සැරයන්වරුන් වන 29272 කුමාරසිංහ, 31433 මංගල, කොස්තාපල්වරුන් වන 70256 සූරියගොඩ, 81934 අරුණ, 34592 හේරත්, 80786 ලක්මාල්,_කාන්තා පොලිස් කොස්තාපල් 8176 ටි්‍රලීෂියා යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

 



අදහස් (5)

පෝදා අරක්කු විකුණූ ‘ආච්චි’ කොටුවෙයි

Nandalal DE SILVA - France Wednesday, 22 November 2017 10:31 AM

මේ ආච්චි පොහෝ දින සිල් අරන්, සිල් පවාරණය වුණාට පස්සෙද මේ ජොබ් එක කරන්නේ? වළ පයයි, ගොඩ පයයි තියන් ඉන්න මේ උපාසිකාව, හවසට හොඳටම බීලා බෝතලේ, කාලේ, බාගේ වගේ වෙළඳාම ජොලියේ කරගෙන ගිහින් තියෙන බව පැහැදිලිවම පේනවා. බය වෙන්න එපා ආච්චියේ, හෙට හවස ඔය සල්ලි වලින්ම ඇප අරගෙන ගෙදර එන්න පුළුවන් වෙයි ....

:       19       6

dasunThursday, 23 November 2017 01:11 AM

ආච්චි බුද්ධාගමේ කියලා කොතනද තියෙන්නේ. හොඳට කියවන්න. ජාතියක් ආගමක් මෙතන කොහෙවත් ලියලා නැහැ. හැම වරදිකරුවාටම බෞද්ධ ලේබලය අලවන්න ඉස්සෙල්ල ප්‍රංශ ආණ්ඩුවෙන්වත් ඉල්ලන් තේරුම් අරන් කියවීමේ (ඉංග්‍රීසියෙන් කියන්නේ - ලිටරසි හෝ රීඩින් ෆොර් මීනින් කියල) පාඨමාලාවකට යන්න.

:       2       56

Nimal Wednesday, 22 November 2017 01:48 PM

බොහෝ රට වල වයසට යනකොට ආණ්ඩුවෙන් මුදලක් දෙනවා ජීවත් වෙන්ට සෑහෙන්නට. පින් පඩිය වගේ සොච්චමක් නෙවේ. අපේ රටේ පාර්ලිපෙන්තුවේ අය විතරනේ වයසට යන්නේ

:       0       31

Sampath Thursday, 23 November 2017 04:07 PM

වයසක මිනිස්සු බලාගන්න ක්‍රමවේදයක් අවශ්‍යයයි. අනික ඔය වයස අයට එහෙම ලොකු සිහිකල්පනාවක් මතකයක් නැහැ පෝය කියලා.

:       0       10

Bamunuarachchi Monday, 27 November 2017 01:11 PM

500ට වික්කම මොකක්ද තිබෙන ලාභෙ?

:       0       2

ඔබේ අදහස් එවන්න

plus

පෝදා අරක්කු විකුණූ ‘ආච්චි’ කොටුවෙයි
2017 නොවැම්බර් මස 22 2128 5

පොහොයදා වැඩිමිලට අලෙවි කිරීමට ගෙනා මත්පැන් බෝතල් විසි තුනක් ළඟ තබාගත් බව කියන සැකකාරියක අඟුලාන සයුරුපුරදී (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


වැලිකඩ ලොක්කෝ බේකරි කෑම හොරෙන් කාලා
2017 නොවැම්බර් මස 06 776 0

වැලිකඩ බන්ධනාගාරයේ බේකරි නිෂ්පාදන අලෙවිසලේ තිබෙන ඇතැම් කෙටිකෑම වර්ග හොරපාරෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිල නිවාසවලට සැපයෙන බව බන්ධනාගාර ආරංචිමාර්ග ස


බියුටි සැලෝන්වලට ප්‍රමිතියක්
2017 නොවැම්බර් මස 06 1481 0

රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site