

අලුත් කුමරා
බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන පස් වැන්නාද පසුගියදා මෙලොව එළිය දුටු බැව් වාර්තා වේ. ඔහු කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා වන විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ තුන් වැනි පුත‍්‍රයා ලෙස අප්‍රේල් 23 දා දහවල් 11.01ට ලන්ඩනයේ පැඩිංග්ටන්හි සාන්ත මේරි රෝහලේදී උපත ලබා තිබේ.
අප්‍රේල් 24 දින සවස් යාමයේ විලියම් කුමරු හා කේට් කුමරිය විසින් බිලිඳා කෙන්සිංග්ටන් මාලිගය වෙත රැගෙන යන ලදී. කුමරුවා දැකගැනීම සඳහා විශාල පිරිසක් බ්‍රිතාන්‍ය කොඩි ලෙළවමින් රෝහල ඉදිරිපිට රැඳී සිටියහ. දීප්තිමත් රතු පැහැති කබායකින් සැරසුණු කේට් කුමරිය බිලිඳා තුරුලු කරගෙන රැස්ව සිටි පිරිසට අත වනමින් විලියම් කුමරු සමඟ රෝහල් ගොඩනැඟිල්ලෙන් නික්ම ගියාය. දරුවා කූඩයක හොවාගෙන තම මෝටර් රථයට ගොඩවීමට පැමිණි විලියම් කුමරු ඡායාරූප ශිල්පීන් හමුවේ සිය සුරතේ ඇඟිලි ළුතුනක් පෙන්වමින් මෙතෙක් පැවැති කරදර තුන් ගුණයකින් වැඩි වූයේ යැයි විහිළුවක්ද කළේය.
කුඩා බිලිඳාගේ උපත සිදුවූයේ ඔහුගේ සොහොයුරා සහ සොහොයුරිය උපත ලද සාන්ත මේරි රෝහලේ එම කාමරයේදීමය. අති සුඛෝපභෝගී රෝහලක් වන එහි කේට් කුමරිය රැඳී සිටි කාමරයේ දිනක ගාස්තුව පවුම් 7500කි. සාන්ත ජෝජ්ගේ දිනයේ උපත ලද දරුවා රාත්තල් 8 අවුන්ස 7ක බරින් යුතුයැයි පැවසේ.
චාල්ස් කුමරුගේ හා ඩයනා කුමරියගේ වැඩිමහලු පුත‍්‍රයා වන විලියම් කුමරු, කැත්රින් (කේට්) මිඩ්ල්ටන් සමඟ විවාහ වූයේ 2010දීය. ඔවුන් දෙපළගේ පළමු දරුවා ජෝජ් කුමරුය. දෙවැන්නිය චාලට් කුමරියයි. තුන් වැන්නාට තවම නමක් තබා නොමැති අතර බ්‍රිතාන්‍ය කිරීටයට හිමිකම් ඇති පස් වැනි දරුවා ඔහුය. වර්තමාන කිරුළේ හිමිකාරිය දෙවන එළිසබෙත් රැජින වන අතර ඇයගෙන් පසු රජ කිරුළට හිමිකම් කියන අනෙක් පුද්ගලයන් වනුයේ පිළිවෙලින් වේල්ස් කුමාරයාද වන රැජිනගේ පුත් චාල්ස්, කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා ද වන චාල්ස් කුමරුගේ පුත් විලියම්, ඔහුගේ දරුවන් වන චාල්ස්කුමරුගේ පුත් ජෝජ්, චාලට් හා අලුත උපන් කුමරුය. සය වැන්නා චාල්ස් කුමරුගේ දෙවැනි පුත‍්‍රයා හා විලියම් කුමරුගේ සොහොයුරා වන හෙන්රි (හැරී) කුමරුය.
දරුවාට තබන නම සම්බන්ධයෙන් ඔට්ටු අල්ලන්නන් අතර මේවන විට තරගයක් ආරම්භ වී තිබේ. දරුවාට ඇල්බට්, පිලිප්, තෝමස් හෝ හෙන්රි යන නම්වලින් එකක් තැබෙනු ඇතැයි ඔවුන් ඔට්ටු අල්ලා තිබේ. නිර්නාමික ඔට්ටු අල්ලන්නකු දරුවාට ආතර් යන නම තබන බවට පවුම් 5000ක ඔට්ටුවක් අල්ලා තිබේ. තවත් පිරිසක් ඔට්ටු අල්ලා ඇත්තේ ඇල්බට්, ෆ්‍රෙඩ්රික්, ජේම්ස් යන නම්වලින් එකක් තබනු ඇති බවටය.
ෙඩ්ලිමේල් ඇසුරිනි
ප‍්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
2025 දෙසැම්බර් මස 04
464
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රිතාන්‍ය රජ පවුලට ෙක්ට් කුමරියගෙන් පුතෙක්