

ඉතාම දුර්ලභ ගනයේ දළ දෙකකින් යුත් කුකුළකු ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියාන ගමේ සිටියි.
මෙම කුකුළාගේ හිමිකරු වන්නේ වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල බටහිර කිරිමැටියාන අක්කර 80 අංක 46 දරණ ලිපිනයේ පදිංචිව සිටින එච්.ඇල්. කරුණාජීව මහතාය.
බ්‍රොයිලර් වර්ගයේ මෙම සුදු පැහැති කුකුල් පැටවා ගෙනවිත් අවශ්‍ය කෑමබීම හොඳින් දුන්නා. මෙවැනි දළ දෙකක් ගැන මම මුල් අවස්ථාවේ කිසිවක් දුටුවේ නැහැ. සතා වැඩෙත්ම උගේ හොටට ඉහළින් දෙපසට පුංචි දළ දෙකක් වැනි දෙයක් මතුවී ඇති බව දැක්කා. කෙසේ වෙතත් සතාගේ වර්ධනයත් සමග මේ සුදු පැහැති දළ දෙක ඉතා වේගයෙන් වැඩෙන්නට පටන් ගත්තා. මම මුලින් සිතුවේ මේ කුකුල් වර්ගයාගේ විශේෂයක් වෙන්න ඇති කියලයි. ඒත් ප්‍රදේශවාසී ජනතාව කීවේ දළ ඇති කුකුලන් මේ ලෝකෙ නැහැ කියලයි. මම තවදුරටත් මේ සතාව ආරක්ෂා සහිතව තබා ගත්තා. සතාට කවුරු හෝ හිරිහැරයක් කළොත් හෝ දළ දෙක කඩා දැමුවොත් කියා සිතූ මම කුකුලු කොටුවේ ආරක්ෂාව තවදුරටත් තරකළා.
(ලුණුවිල - ආර්. ප්‍රනාන්දුපුල්ලේ)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.