ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ වෛද්‍ය සභාවෙන් පවත්වන කඩඉම් විභාගයෙන් සමත්වන විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබාගත් උපාධිධාරීන් දින 30ක් ඇතුළත ලියාපදිංචි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඊයේ ( 23) නියෝග කළේය.
වෛද්‍ය සභාව එම නියෝගය අනුව කටයුතු නොකරන්නේ නම් වෛද්‍ය සභාවේ වෛද්‍යවරුන් ලියාපදිංචි කරනු ලබන ලේඛනය කැඳවා ඔවුන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.
ශේ්්‍රෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබා ගත් එම්.එන් සහාබ්දීන් මහතා ඇතුළු 16 දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කොට තීන්දුව දෙමිනි.
මෙම තීන්දුව දෙනු ලැබුවේ ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
පෙත්සම්කරුවන් සිය පෙත්සමේ සඳහන් කර තිබුණේ තමන් පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන, වෛද්‍ය සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පැවැත්වෙන විභාගයෙන් සමත්ව තිබියදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමන් ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කර ඇති බවය.
වෛද්‍ය සභාවට මෙම ක්‍රියාවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, තමන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝග කරන ලෙසත් මෙම පෙත්සම්කාර වෛද්‍ය උපාධිධාරීහු පිරිස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් සුගත් කල්දේරා සහ නිරාන් ඇන්කිටෙල් යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුරේන් ඥානරාජ් මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු දැන් මොකද වෙන්නේ කියලා... හැබැයි ලියා පදිංචිකරලා රෝහලක් දුන්නත් මෙයාලට හම්බ වෙන්නේ කුඩම්මාගේ සැලකිලි... කවදාවත් ජීවිතේට වාට්ටුවක් දෙන එකක් නැහැ. ඔය මාෆියාව ඒ තරමට දරුණුයි. අර මතක නොවැ හලාවත පැත්තේ පිටරට උපාධි තියන දොස්තරවරියක් ප්‍රතිජීවක බිව්වා මැරෙන්න. තමන්ගේ "කන්සල්ටන්ට් " ගෙන් වන හිරිහැර නිසා (එක්කෝ එයාගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තියනවා. නැත්නම් බිව්වේ බොරුවට... මොකද පැරසිටමෝල් කොච්චර අහිංසක වුනත් අධි මාත්‍රාව මරණීයයි. නමුත් ප්‍රතිජීවක එහෙම නැහැ)