(නිමල කොඩිතුවක්කු)
හදිසි නීතිය ඉවත් කොට ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ උපදෙස් හා මාර්ගෝපදේශ ලබා ගනිමින් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගනු සඳහා ආපදා කළමනාකරණ ජාතික සභාව පිහිටුවීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත ප්‍රකාරව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපතිවරයා කොවිඩ්-19 වසංගත තත්ත්වය පදනම් කරගනිමින් මහජන ආරක්ෂක ආඥාපනතේ 2වන කොටස ක්‍රියාත්මක කරමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් සාවද්‍ය ලෙස සීමා කිරීමේ හා තවදුරටත් එ්කාධිපතිවාදය කරා ගමන් කිරීමේ යටි අදහස සහිතව සිදුකොට ඇත්තේය යන්න විපක්ෂයේ දැඩි අවධානයට යොමුව ඇති බවත් මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
" වසංගතයට මාස 18ක් ගතවන මොහොතේ, වසංගතය සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කිරීම සඳහා අදාළ වන නීති ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත්ව ඇති බවද අප විසින් නිරීක්ෂණය කර ඇත. අන් බොහෝ රටවල් විසින් මේ සඳහා විශේෂ නීති පනවා ක්‍රියාත්මක කොට ඇත.
මෙම තත්ත්වය තුළ, සැබෑ ලෙසම මහජන ආරක්ෂක ආඥාපනත ප්‍රකාර හා එ් යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට නොමැති අතර, මෙම ප්‍රකාශයට පත් කිරීම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් සාවද්‍ය ලෙස සීමා කිරීමේ හා තවදුරටත් එ්කාධිපතිවාදය කරා ගමන් කිරීමේ යටි අදහස සහිතව සිදුකොට ඇත්තේය යන කරුණද අපගේ දැඩි සැලකිල්ලට ලක්ව ඇත" යයි ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd