
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය දක්වමින් ජාතික වෘත්තීය සමිති පෙරමුණ බොරැල්ල හන්දියේදී අද (27) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.
‘අපි මහ පාරේ, උන් මර නින්දේ’, ‘අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වහා පහත හෙළනු’, ‘ගොවි, ධීවර, රාජ්‍ය, වතු, කම්කරු අපි ඔක්කොම අනාථයි’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සාමාජිකයෝ විරෝධතාව දැක්වූහ.
මෙම විරෝධතාවට ජාතික වෘත්තීය සමිති පෙරමුණ සම්මේලනයේ කැඳවුකරු වසන්ත සමරසිංහ මහතා ද සහභාගි විය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd