
(රොමේෂ් මධුෂංක)
මුලතිව් පුදුකුඩිඉරිප්පු විශ්වමඩු ප්‍රදේශයේ පැවති ඔන්ලයින් පංතියකට සහභාගී වූ සිසුහු 24 දෙනෙක් බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහලගත කරනු ලැබූහ.
විශ්වමඩු භාරතී මහා විද්‍යාලයේ සිසුදරුවන පිරිසක් මෙලෙස ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරමින් සිටියදී අසල තිබූ ඹඹර වදයක් සුලඟට කඩාවැටීමෙන් මෙම ඹඹර ප්‍රහාරයට ලක් වී ඇත.
එහිදී ඹඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහලට රැගෙන ගිය සිසු දරුවන් 24 දෙනාගෙන් 16 දෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවෙස් වෙතට ගොස් ඇති අතර තවත් 08 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd