IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


87 ලක් මව කැනඩා සරසවියකින් පශ්චාත් උපාධියක් ගනී

( තිළිණි ද සිල්වා )

කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම තැනැත්තා ලෙස ඉතිහාසගත වීමට  ශ්‍රී ලංකාවේ උපත ලැබූ  කාන්තාවක් සමත් වූවාය.

මෙලෙස සමත්කම් දක්වා ඇත්තේ  වරදා ෂන්මුගනාදන් නැමැති අසූහත් හැවිරිදි කාන්තාවකි .

ඇය කැනඩාවේ යොර්ක් විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් වන පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. වරදා ෂන්මුගනාදන් යාපනයේ වේලනයි ප්‍රදේශයේ උපත ලැබූ අයෙකු වන්නීය.

ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබාගත් ඇය පසුව මෙරට ඉංග්‍රීසි සහ ඉතිහාසය යන විෂයන් ඉගැන්වීමේ ගුරුවරියක් ලෙස සේවය කර ඇති බව වාර්තා වේ.ඉන්අනතුරුව ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක් ලෙස 1990 වසරේදී එංගලන්තයේ ලන්ඩන් වෙත ගොස් ඇති අතර එහිදී ඇය ව්‍යවහාරික වාග් විද්‍යාව පිළිබඳ පළමු පශ්චාත් උපාධි ලබා ගත්තාය.

2004 වර්ෂයේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති වරදා ෂන්මුගනාදන් පසුව  එරට ජ්‍යෙෂ්ඨ  පුරවැසියන් සඳහා කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් නොමිලයේ පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වෙන බවට දැනගැනීමෙන් අනතුරුව ඇය එම අධ්‍යයන කටයුතු සඳහා යොමු වූවාය.

වරදා ෂන්මුගනාදන් විසින් ලබාගත් දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියේ දී ඇය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳව සිය අධ්‍යයනයන් ඉදිරිපත් කර ඇත.



අදහස් (3)

87 ලක් මව කැනඩා සරසවියකින් පශ්චාත් උපාධියක් ගනී

යෝගා Monday, 08 November 2021 03:58 PM

සිවිල් යුද්ධය ගැන අතිනුත් දාලා ලිව්වේ නෑ නේද ඇන්ටි?

:       4       9

විපරමා Monday, 08 November 2021 07:36 PM

අපේ රටෙත් ඉන්නේ උපාධි අරන් ප්‍රසිද්ධියට පත්වෙච්චි දේසපාලුවෝ...?

:       0       1

dona Monday, 08 November 2021 07:40 PM

සිවිල් යුද්ධය ගැන ටිකක් කියාගෙන එනකොට මාධ්‍යය එය නතර කළා....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 245 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site