යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් අද (08) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.
ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට හලාවත, මහනුවර සහ ගාල්ලේ සිට පා ගමනින් පැමිණි කමාන්ඩෝ භටයින් සහ නිලධාරීන් අද (08) නැවතත් පා ගමනින් ගාලු මුවදොර පිටිය දක්වා පැමිණීමෙන් පසුව මෙම උත්සවය ආරම්භ කෙරිණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී වූ අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(ළහිරු හර්ෂණ)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
40 වසරක අභිමානය සමරන්න කමාන්ඩෝ භටයින් ගාලු මුවදොරට
Kumar (Gulf) Sunday, 08 March 2020 08:21 PM
රටෙහි උදාර පුතුන්, ඔබට උත්තමාචාරය...
ලුම්බිණි Tuesday, 10 March 2020 04:37 AM
මේ කාලයේ වියදම් අඩු සැමරුමක් තිබුනා නම් තමයි රටට හොඳ.