(ජේ.කේ.එල්. චාමින්ද)
මුහුණු පොත සදහා අවශ්‍ය රූගත කිරිමක් බව පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගිය උපකාරක පංති ගුරුවරයකු හා ඒ සඳහා අනුබල දුන් රුපලාවණ්‍ය ශිල්පිනියක ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බැව යක්කලමුල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයා 24 හැවිරිදි වියේ පසුවන අයෙකි. පාසල් සිසුවිය 16 හැවිරිදි වියේ පසුවන අතර උපකාරක පංති ගුරුවරයා මෙම සිසුවියගේ නිවසට ගොස් ටියුෂන් ලබාදි ඇත. පසුව මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්දතාවයක් ගොඩනගාගෙන ඇතැයි වාර්තා වෙයි.
උපකාරක පංති ගුරුවරයාගේ වයස වැඩි නිසා දැරියගේ මව්පියන් එම සම්බන්ධයට අකමැතිවි ඇත.
පසුව මෙකි උපකාරක පංතිගුරුවරයා මෙකි සිසුවිය පැහැර ගැනිම සදහා දැනට සති දෙක තුනක සිට සැලසුම් කොට ඇතැයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
ඒ සඳහා සැකකරු යක්කලමුල්ලේ රුපලාවන්‍ය ශිල්පිනියකට සහය ලබාගෙන ඇති අතර ඇයට දුරකථන ඇමතුමක් ලබාදි මෙම දැරිය හා තවත් දැරියන් දෙදෙනකු මුහුණ පොත සදහා රුගත කිරිමකට රැගෙන එන ලෙස දැනුම් දි ඇත. එම දරුවන් රැගෙන එම සදහා මෝටර් රථයක් ද සැකකරු ලබා දී ඇතැයි පොලිසිය කියයි.
එම රූගත කිරීම සිතලදොළ ප්‍රදේහයේ සිදුකරණ බවට දැනුම් දි ඇත. ඒ අනුව දැරියන් තිදෙනා මෝටර් රථයෙන් රැගෙනවිත් ඇති අතර රුපලාවන්‍ය ශිල්පිනිය මොටර් රථය පිටුපසින් යතුරුපැදියෙන් පැමිණ ඇත. එම ස්ථානයට ත්‍රිරෝද රථයකින් පැමිණ උපකාරක පංති ගුරුවරයා මෝටර් රථයේ සිටි දැරිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත. ඔහුගේ සහායට තවත් අයකු ද පැමිණ ඇත.
සැකකාර උපකාරක පංති ගුරුවරයා දැරිය පැහැගෙන යන අයුරු අකුලහේන ප්‍රදේශයේ දි යතුරුපැදිකරුවකු මෙය දැක එම යතුරුපැදිකරු දැරිය පැහැරගෙන යන උපකාරක පන්ති ගුරුවරයා පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව ඔහුව අල්ලාගෙන ඇත.
මේ වනවිට උපකාරක පංති ගුරුවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබන අතර මෙකි සිද්ධියට ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියදුරු හා යතුරුපැදිකරු අත්අඩංගුවට නියමිතව ඇති බැව යක්කලමුල්ල පොලිසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
24 උපකාරක පන්ති ගුරා 16 හැවිරිදි සිසුවියක පැහැරගෙන යද්දී මාට්ටු
Demuni Uduwara Saturday, 26 June 2021 04:25 PM
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ...
Raveendra Saturday, 26 June 2021 06:09 PM
කාරුණිකව අපගේ මෙම අදහස් වැරදි නම් කිසිවෙකු එය නිවැරදි කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. වාර්තාකරු මෙම සිදුවීම ඇසින් දුටුවා ලෙස වාර්තා කර ඇති බව අපට දැනෙන අතර මේ සියලු විස්තර සොයාගත් නමුදු ගුරාගේ නම නොදැනීම අරුමයකි.
සංජීව Saturday, 26 June 2021 06:48 PM
යතුරු පැදිකරු අත්අඩංගුවට ගැනීමට නියමිතයි කියන්නේ පිටුපසින් ගොස් උපකාරක පංති ගුරුවරයා අල්ලා ගත් අයද?
ගමේ එකාලා Sunday, 27 June 2021 03:02 AM
ගුරු සංගම් සභාපති මේ දවස්වල සද්දයක් නැත්තෙ මොකො දන්නේ නැහැ. .ඉස්සර නම් වැඩ පෙන්නුවා.