IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


2020 විරුජන සම්මාන උළෙලට අයදුම්පත් කැඳවයි

(නිමල කොඩිතුවක්කු)

ජාතික විරුජන සම්මාන උළෙල - 2020 සඳහා නාම යෝජනා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇතැයි වීර පොදුජන පදනම සඳහන් කරයි.

ජාතික විරුජන සම්මාන උළෙල සඳහා 2019 වසරේ ජනවාරි 01 සිට 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සමාජ ප‍්‍රගමනය වෙනුවෙන් සිදුකළ කාර්යන් වෙනුවෙන් සම්මාන පිරිනැමේ.

ඒ අනුව ජාතික විරුජන සම්මාන, විරුජන  ප‍්‍රජා සබැඳියාව සම්මාන, ජෛව හිතකාමි සම්මාන, ශිෂ්‍ය විරුජන සමාජ ක‍්‍රියාකාරකම් සම්මානය යන අංශ හතර ඔස්සේ මෙවර සම්මාන පිරිනමනු ලබයි.

ජීවිත හෝ  ශාරීරික  අනතුරු නොසලකා අභීතව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ජීවිත බේරා ගැනීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාතික විරුජන සම්මානයත්, ජනවාර්ගික සබැඳියාව  තර්ජනයට ලක්වූ අවසථාවක සාමය පවත්වාගෙන යාම උදෙසා  ජීවිත පරදුවට තබා කටයුතු කිරීම වෙනුවෙන් විරුජන  ප‍්‍රජා සබැඳියාව සම්මානයත්, ස්වාභාවික පරිසර සංරක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් කරන ක‍්‍රියා වෙනුවෙන් ජෛව හිතකාමි සම්මානයත්, සමාජ සේවය උදෙසා පාසැල් තුළ සිදුකරන කාර්‍ය භාර්‍යය වෙනුවෙන් ශිෂ්‍ය විරුජන සමාජ ක‍්‍රියාකාරකම් සම්මානයත් පරිනැමේ.

අයදුම්පත් සම්මාන අපේක්ෂක විසින් හෝ වෙනත් අයකු විසින් ඉදිරිපත් කළ හැකි අතර ඒ වෙනුවෙන් අවශ්‍ය සාක්ෂි ඉදිරි පත් කළ යුතු බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාර ගැනීම  2020 මාර්තු 31 වැනිදායින් අවසන් වේ.

අයදුම්පත් ලැබිමෙන් පසුව විනිශ්චය මඩුල්ලක් විසින් සම්මුඛ පරීකෂණ සහ ඉදිරිපත් කර ඇති සාක්ෂි මත සම්මාන සඳහා පුද්ගලයන් තෝරා ගැනෙන අතර මේ පිළිවඳ වැඩිදුර තොරතුරු 038 2241 777 යන දුරකතන අංකයෙන් ලබා ගත හැකියි.

 



අදහස් (3)

2020 විරුජන සම්මාන උළෙලට අයදුම්පත් කැඳවයි

Rata Perata Friday, 30 August 2019 06:20 AM

ආයෙත් ගල් බලකායවල් හදන්න වගේ එන්නේ, චන්ද ලඟයි නේ. අහුවෙන්න එපා මේ මගඩි වැඩ වලට නම්.

:       5       23

LaalFriday, 30 August 2019 02:58 PM

කරුණු කාරණා හොයන්නේ නැතුව නිකම් හිස් කතා කියන්න එපා. හොයලා බලලා අදහස් ප්‍රකාශ කරන්න. විරුජන සම්මාන ප්‍රදානය 1993 ඉඳලා සිය ගණනකට සම්මාන දීලා තියෙනවා. ඒ අතරින් මිනිස් ජීවිත බේරාගත් අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. එම සංවිධානය කරන විශිෂ්ඨ සේවයට ගරහන්න එපා. ලංකාවේ සිද්ධ වෙන හැමදේම දේශපාලනයට ඈඳාගන්න එපා...

:       0       2

isuru Friday, 30 August 2019 02:14 PM

මෙයට එකම සුදුස්සා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිඳුන් වේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site