(තරිඳු ජයවර්ධන)
වයස අවුරුදු 18 සම්පූර්ණ කිරීමෙන් පසු ඡන්ද අයිතිය ලැබිය යුතුය යන අදහසේ තමන් ද සිටින බවත්, පාර්ලිමේන්තුවේ නීතියට වඩා ව්‍යවස්ථාව ඉහළින් තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හුල් මහතා අද පැවසීය.
ආචාර්ය රත්නජීවන් හුල් මහතා මේ බව ප්‍රකාශ කළේ වයස අවුරුදු 18 සම්පූර්ණ වුවත් ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවලදී ඡන්ද අයිතිය අහිමිවන තරුණ තරුණියන් තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසකට ඡන්ය භාවිත කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලමින් දිස්ත්‍රික් 15ක් නියෝජනය කරණ තරුණ තරුණියන් පිරිසක් අද මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදීය.
පවතින නීතිරීතිවලට අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී භාවිතයට ගැනෙන්නේ 2018 වසරේ ඡන්ද හිමි නාමලේඛනය නිසා වයස අවුරුදු 18 සමූපර්ණවන ලක්ෂ තුනකට අධික තරුණ තරුණියන් පිරිසකට සිය කුළුඳුල් ඡන්දය භාවිත කිරීමේ හැකියාව නැතිවී යන බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.
එම පිරිසට ඡන්ද අයිතිය ඉල්ලා අද දවල් දිස්ත්‍රික් 15ක් නියෝජනය කරන තරුණ තරුණියෝ පිරිසක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතායවක් පවත්වා මැතිවරණ කොමිසමට ලිපියක් බාර දුන්හ.
ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණයෝ සංවිධානය එය සංවිධානය කර තිබිණි. ‘මැකෝ සීයේ අපිට 18යි : ඡන්දෙ කෝ‘ යන තේමාව යටතේ ඔවුහු මෙම විරෝධතාවය පැවැත්වූහ.
විරෝධතාවය අතරතුර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් හමුවීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා උද්ඝෝෂකයන්ට අවස්ථාව සලසා දුන්හ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාගේම සහභාගිත්වයෙන් මැතිවරණ මහලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සාකච්ඡාව පැවැත්විණි.
එහිදී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණයෝ සංවිධානය නියෝජනය කරමින් හසරිඳු චමල් බණ්ඩාර තරුණයා සිය ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළේය. මේ වසරේ ඡන්දවලදී ගිය වසරේ ඡන්ද හිමි නාමලේඛනය භාවිත කරන හෙයින් අවුරුදු 18 සම්පූර්ණ කළ ද තරුණ තරුණයක් ලක්ෂ තුන හමාරකට පමණ ඡන්දය භාවිත කිරීමේ හැකියාව නැතිවී යන බව කී ඔහු වයස අවුරුදු 18 සම්පූර්ණ කළ එම පිරිසට ද ඡන්ද අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
ඉන් පසු අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ වයස අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණයන්ට ඡන්ද අයිතිය ලබා දිය යුතුයැයි කියන ප්‍රකාශය තමන් ද ඉදිරිපත් කර ඇති බවයි.
‘‘මට සීයා කිව්වට කිසිම තරහක් නෑ. මොකද මට මාස පහක මිනිබිරියක් ඉන්නවා. මට අවුරුදු 18 මුනුබුරු මිනිබිරියෝ ඉන්නවා නම් මම සතුටු වෙනවා. අවසානාවකට වගේ අපි විශ්ව විද්‍යාලයේ හිටපු නිසා අවුරුදු 20න් කසාද බඳින්න බැරිවුණා. අපි අවුරුදු 20න් 22න් කසාද බැන්දා නම් අපේ දරුවොත් 20න් 22න් කසාද බැන්දා නම් මටත් 18 මුනුබුරෙක් ඉන්න තිබ්බා. මට සීයයි කිව්වත්, මාමා කිව්වත්, අයියා කිව්වත්, මචං කිව්වත් මට කිසිම අවුලක් නෑ.
18 ඡන්දෙ දෙන්න ඕනා කියන එක අපේ ස්ලෝගන් එකක්. අපි තමයි මේක යෝජනා කළේ. වැඩේ තියෙන්නේ අපේ ස්ලෝගන් එක අපිටම අනිත්පැත්තට ගැහෙන එකයි. තව කවුරු හරි ඒක අරගෙන අපට ඉදිරිපත් කරන එක අපට සතුටක්. අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච ගමන් තරුණයන්ට ඡන්ද අයිතිය නැතිවෙන එක ගැන කතා කළේ 2012 විතර පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඔහුට විශ්‍රාමික ග්‍රාම නිලධාරී කෙනෙක් ලියුමක් එවලා තිබ්බා. ඒක පත්තරේ ගියාම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කතා කළා ‘‘ යැයි සභාපතිවරයා කීවේය.
ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වන ආචාර්ය රත්නජීවන් හුල් මහතා ඡන්ද අයිතිය හා සම්බන්ධ නීති රීති ගැන තරුණ පිරිස දැනුම්වත් කළේය.
‘‘ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතාම ඉහළයි. අවුරුදු 18 සම්පූර්ණ වුණු අයට ඇති ඡන්ද අයිතියත් ඒ වගේම තමයි. සෑම අවුරුද්දකම ජුනි වෙනකොට ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් වෙනකොටයි එම අයිතිය ලබා ගන්නේ. ජුනිවලට කලින් 18 සම්පූර්ණ වුවත් ලැයිස්තුව කසස් කරන කල් එම අයිතිය ලැබෙන්නේ නෑ. 18 සම්පූර්ණ වුණාම ඒ අයිතිය දුන්නොත් ඒත් නීතිය උල්ලංඝණය වෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව ඒ අයිතිය දුන්නොත් නීතිය උල්ලංඝණය. ව්‍යවස්ථාවේ තිබෙනවා 18 සම්පූර්ණ වුණාම ඒ අයිතිය ලැබෙනවා කියලා. 18 සම්පූර්ණ වුණු ගමන් ඔබට ඒ අයිතිය ලබා දෙනවා කියන්නේ පාර්ලිමේන්තුවේ නීති උල්ලංඝණය වෙනවා. මේ නීති දෙකෙන් කොයිකද මහ නීතිය? මම විශ්වාස කරන පරිදි ව්‍යවස්ථා නීතිය තමයි ඉහළ නීතිය. ඒ නිසා අනිත් නීතිය උල්ලංඝණය කළ හැකියි කියන එක තමයි මගේ අදහස. තව නීති සංශෝධනයක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඒ බන්ධනාගාර ගත වෙලා ඉන්න අයටත් ඒ අයිතිය දෙන්න කියන දේ පිළිබඳ. ඒ අයට ඡන්ද අයිතිය දෙන්න පුලුවන්ද කියලා සාකච්ඡාවක් තිබෙනවා. ‘‘ යැයි රත්නජීවත් හුල් මහතා ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ මාමා හිතන්නේ ළමයි හම්බවෙන්න පොතේ ලියලා කසාද බඳින්නම ඕනෑ කියලා. පව් මැකෝ මාමා අපේ... අපි එතුමාට මහදැනමුත්තාට වඩා ආදරෙයි...
අපෝ ලඟදි 18 සමුර්ණ කරපු අයට නම් ඡන්දෙ අයිතිය දීලා වැඩක් නැහැ, මොකද ඒගොල්ලේ මුහුණුපොතෙයි ඉන්ස්ටග්‍රෑම් එකෙයි වට්ස් අප් එකේ තමයි ජිවත් වෙන්නේ, ඒවායේ දාන ඔක්කම බොරු උඩින්ම විශ්වාස කරනවා. අන්දන්න හරි ලේසියි
නුඹලා රැකියාවක් කරනවාද? තමන්ගේ නඩත්තු තමන් කර ගන්නවාද නැතිව දෙමව්පියන්ගෙන් යැපෙනවාද? දෙමව්පියන්ගෙන් යැපෙනවානම් නුඹලාට ඡන්ද බලය මොකටද? දෙමව්පියන් නුඹලාව නඩත්තු කරන මහන්සිය නොදන්නා නුඹලා ජීවන බර නොදැන කාට ඡන්දෙ දෙන්නද?
මම දන්නේ නැහැ... පුද්ගලයෙක් ඡන්දය පාවිච්චි කිරීමේ සීමාවට පැමිණි වහාම සිදුවන ක්‍රමවේදය ලංකාවේ තියෙන ක්‍රමය අනුව කෙසේ සිදුවෙනවාද කියා. නමුත් ප්‍රංශයේදී නම්.. අපි කියමු ලබන මාසේ ඡන්දය පවත්වනවා. එදාට මට අවුරුදු 18යි දවස් ගණනක්. මට ඡන්දය පාවිච්චි කරන්නම අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මට පුළුවනි, මම අයත්වන ප්‍රදේශයේ දිසාපති කාර්යාලයට (ප්‍රංශයේ මෙයට කියන්නේ ප්රිෆෙක්ට්චර් එක කියලා) ගිහින් මට අවශ්‍ය ඡන්දය පාවිච්චි කිරීමේ අවසරපත ඉල්ලන්න. එවිට සතියක් ඇතුළත එය ගෙදරටම තැපෑලෙන් එවනවා. දැනට වසර ගණනකට ඉහතදී ප්‍රංශයේ ජනාධිපතිවරණයකදී පළමු වටයට උග්‍ර දක්ෂිණාන්ශිකයෙක් බවට පත්වුණා. එතකොට අවුරුදු 18 දින ගණනකින් පසුවුණු තරුණ තරුණියන් දහස් ගණනක් තමන් අයත් දිසාපති කාර්යාලවලට ගොස් මේ අවසර පත ඉල්ලා සිටියා. එතැන ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් ඒ පැමිණි තරුනියෙකුගෙන් මෙසේ ඇසුවා.. " මොකද මේ තරුණ නෝනා හදිස්සියේම චන්ද පත්‍රිකාව ඉල්ලන්නේ .." කියා. " එවිට ඇය කීවා " උග්‍ර දක්ෂිනන්ශිකයාට විරුද්ධව චන්දය පාවිච්චි කරලා, අපේ රට එවැන්නෙක් පත්වීමෙන් ලබන අපකීර්තියෙන් ගලවා ගන්නයි.." කියා. අපේ රටටත් එවැනි ක්‍රම වේදයක් තියෙනවානම් ..