(ඩයනා උදයංගනී)
13 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි අන්තර්ගත ඇතැම් විධිවිධාන ප‍්‍රායෝගික නොවන බැවින් දේශපාලනඥයන් විසින් ඒ වෙනුවට විකල්ප විසඳුම් සෙවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
උදාහරණයක් ලෙස පළාත් සභාවලට පොලිස් බලතල ලබාදුනහොත් පොලිසිය දේශපාලනීකරණය වීම සිදුවිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී අද (06) පෙවරුවේ පැවැති හමුවක් අමතමිනි.
එම තානාපතිවරු පළමුව යුරෝපා සංගමය වෙනුවෙන් ජනාධිපතිවරයාට සහ නව රජයට සුභාශිංසන පළ කළහ.
මනා ලෙස සංවිධානය කර තිබූ ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳව සතුට පළ කළ තානාපතිවරු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් ජනාධිපතිවරයා කළ කතාව ද අගය කළහ.
ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප‍්‍රශස්තම පියවර බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති එරික් ලැවර්ටු, ජර්මන් තානාපති ජොන් රොඬේ, නියෝජ්‍ය ඉතාලි තානාපති අලෙග්රාම බයිස්ට්‍රෝචි, නෙදර්ලන්ත තානාපති තන්ජා ගොන්ග්‍රිප්, රොමේනියා තානාපති වික්ටර් චියුජ්ඬේ යන මහත්ම මහත්මීහු සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා දූත කාර්යාලයේ ඩෙනිස් චායිබ් මහතා ද මෙම හමුවට එක්ව සිටියහ.
සංවර්ධනය සහ බලය බෙදීම පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට නියෝජිත කණ්ඩායම උනන්දුවක් දැක්වූ අතර ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පැවසුවේ දේශපාලන විසඳුම් සංවර්ධන ක‍්‍රියා පිළිවෙත සමග ඉදිරියට යා යුතු බවයි.
පොලිස් ස්ථානාධිපති දක්වා ධූරයන්ට පළාත් සභාවලට අයත් දිස්ත‍්‍රික්කවල ජනතාව පත් කිරිම වඩාත් ප‍්‍රායෝගික බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය භාෂාව හා සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් හටගන්නා ගැටළු විසඳීමට මගපාදනු ඇතැයි පැවසීය.

COMMENTS
ජනාධිපතිතුමනි, 13වැනි සංශෝධනය ගැන ඔබගේ අදහස් අගය කරමු. 19 වතාවක් සංශෝධනය කළ '78 ව්‍යවස්ථාව ඉතා දුර්වල ව්‍යවස්ථාවක් බව ඔබතුමා හොඳින් දන්නා බව අපි දනිමු. එහි විවිධ සංශෝධන කලේ ඒ ඒ කාලයේ සිටි පාලකයින්ගේ අවශ්‍යතාව අනුව විනා මහජන අවශ්‍යතා අනුව නොවේ. ඔබගේ ක්ෂණික අවශ්‍යතාවය වන්නේ 19 ඉවත් කිරීමටයි. අපිද එකඟ වෙමු. එසේම 13වැනි සංශෝධනය ශ්‍රී ලංකාවට වුවමනාවට ඇති කළ එකක්ද නොවේ. එය ඉන්දියාව බලෙන් කළ දෙයකි. කෙසේවෙතත් දැනට අවුරුදු කීපයක සිට පළාත් සභා අක්‍රීයව පැවතුණත් රටේ වැඩ කටයුතු අඩාල වුයේ නැත. පළාත් සභා පවත්වන ලෙස මහජන උද්ඝෝෂණද නැත. එය ඉල්ලා සිටින්නේ දේශපාලකයින් පමණයි. ඒ රට පාලනය සඳහා නොව ඔවුන්ගේ වැජඹීම සඳහාය. ගරු ජනාධිපතිතුමනි, 19 පමණක් නොව 13ද අහෝසි කරන ලෙස ජනමත විචාරණයකට යන්න මහජනතාව රටට අවශ්‍ය දෙය ඔබතුමාට පෙන්වා දෙනු ඇත...
මුලින් කියනවා "පළාත් සභාවලට පොලිස් බලතල ලබාදුනහොත් පොලිසිය දේශපාලනීකරණය වීම සිදුවිය හැකියි" කියලා. දෙවනුව කියනවා "පොලිස් ස්ථානාධිපති දක්වා ධුරයන්ට පළාත් සභාවලට අයත් දිස්ත‍්‍රික්කවල ජනතාව පත් කිරිම වඩාත් ප‍්‍රායෝගික බව". මට ටිකක් පැටලිලි සහිතයි. මේ දෙක පරස්පරයි නේද?. මං හිතන්නේ පොලිස් බලතල පළාත් සභාවලට පවරා දීමේ පළමු පියවර මේක කියලයි. කොහොමත් පොලිසිය දේශපාලනීකරණය වෙලා බොහොම කල්. බලතල පවරා දුන්නාම පළාතේ දේශපාලුවන්ටත් ඇඟිලි ගහන්න ලැබෙනවා. එච්චරයි. ඕක මොකක්ද?
ලංකාව වැනි කුඩා ඒකීය රාජ්‍යකට පළාත්සභා අනවශ්‍යය.
පොලිස් දෙපාර්තමන්තුව ගැන මොන කතාද ? මහ ආණ්ඩුවෙන්, පළාත් සබා, ප්‍රාදේශී සභා මොනා තිබුනත් පොලිසිය? එදා පොලිසියේ ප්‍රධාන නිලධාරියගේ පුටුවේ හිටයේ කවුද කියලා රටම දන්නවා නේද ? මේවා ජනාධිපති නොදන්නා එක ??