(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකානු " ෆයිසර් " වර්ගයේ තවත් එන්නත් 150,000 ක පමණ තොගයක් අද දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
කිලෝ ග්රැම් 815 ක් බරැති මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි.
ඉන්පසුව අද දින අලුයම 02.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට , ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ෆයිසර් එන්නත් තවත් 150,000 කටුනායකට
මාම Monday, 30 August 2021 10:37 AM
නුවර ස්පුට්නික් එන්නත ගහපු මිනිස්සු ලක්ෂයකට වඩා බලා ඉන්නවා දෙවැනි එන්නත කවද්ද එන්නේ කියලා... දැන් මාස තුනකටත් කිට්ටු වුණා.. එන්නත එන පාටක්වත් නැහැ. අපි අසරණයි... අපි කාටද මේවා කියන්නේ...