අංජුල මහික වීරරත්න
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හැකි ඉක්මණින් අමාත්‍යධූර දිය යුතු බව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රබල ඉල්ලීමක් කර තිබේ.
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඉහත ඉල්ලීම කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දිර්ඝ ලෙස අදහස් දක්වනු ලැබිණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිගෙන් පිහිටවනු ලැබු දින 52 ක ව්‍යාජ ආණ්ඩුව පැවැති සමයේ පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් සිදුවූ සේවය ද එහිදි ප්‍රකාශ වී ඇත.
තිබෙන ගැටළු හැකි ඉක්මණින් විසඳා ගනිමින් ජාතික ආණ්ඩුව පිහිටුවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට අමාත්‍යධූර දිය යුතු බවට එහිදී අවධාරණය කර තිබේ.
COMMENTS
මේ එක්කෙනෙක්ටවත් දෙන්න වටින්නේ නෑ. කැබිනට් මණ්ඩලය ඕනෑවටත් වඩා ලොකුයි.
ඇමතිවරුන් 10කට උපරිමය සීමා කල යුතුයි. ලංකාව ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා දේශපාලන අධිකාරියත්, ජනාධිපති ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලදාරී දක්වා සමාන්තර පරිපාලන ව්‍යුහයකුත් තියෙනවා. මේ දෙකම නඩත්තු වෙන්නේ ජනතා බදු මුදලින්. ඒ නිසා ඇමතිවරු ආණ්ඩුකාරවරු පළාත් සභා මහ ඇමතිවරු ප්‍රාදේශීය සභා සභාපතිවරු දස දහස් ගණනක් ඉන්නවා මෙය ඉතා කුඩා රටක්
කැබිනට් ඇමති දේපලක් ඉල්ලා අස්වී ඒ පුරප්පාඩුවට මේ දෙදෙනා පත්කිරීම නිර්දේශ කරමි
රංග බණ්ඩාරගෙන් එජාපෙට උන සේවය සලකනවානම් එජාපෙ ඉහල තනතුරක් දුන්නාට අපිට කමක් නැත. මොවුන්ගෙන් දේශපාලකයෝ හැටියට රටට සේවයක් වෙලා නොමැත. එමනිසා ඇමතිකම් දෙනු එපා. ව්‍යවස්ථාවේ හැටියට තව ඇමතිකම් වලට ඉඩ නැත.
සිංහල කියමනක් තිබෙනවා කැහි ගැහැණි දීලා හොටු ගැහැනියක් ගත්තා කියලා. එජාපෙ කවුරු ගොස් කව්රු ආවත් රටට උන නස්පැත්තිය එහෙම්මමයි.
ජනතාවට සේවයක් කරන එක්කෙනෙක් සොයන්න අන්වීක්ෂයක් ඕන
සහන මලු බෙදන්න කට්ටිය මදිද
වෝඩ්කා බෝතල් වලට වතුර පුරවන්න ඇමතියෙක් අපේ උතුම් රටට ඕනෑ කර තිබේ.