IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


හංවැල්ල පාලම හරහා යන වාහන සීමා කරයි

(කේ බුද්ධික කුමාරසිරි )
 
කොළඹ - ගම්පහ දිස්ති‍්‍රක් යා කෙරෙන හංවැල්ල පාලම හරහා වාහන ධාවනය නැවත දැනුම් දෙනතුරු සීමා කිරීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අවිස්සාවේල්ල විධායක ඉංජිනේරු සංජීව එදිරිසිංහ මහතා පැවසීය.

එම පාලමේ ආරුක්කුවේ පවතින දෝෂයක් හේතුවෙන් පාලම සුළු වශයෙන් ගිලා බැසීමකට ලක්ව තිබෙන බවත් පාලම ප‍්‍රතිසංස්කරණය කටයුතු සිදුකරන බවත් ඔහු කීය. 

වර්ෂ 1962 මැයි මස 3 වැනි දා හිටපු අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මිය විසින් මුල්ගල් තබා 1968 පෙබරවාරි මස 11 වැනි දා එවක තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය මේජර් මොන්ටේගු ජයවික‍්‍රම මහතා විසින් මෙම පාලම ජනතා අයිතියට පත් කෙරිණි.

දකුණ සහ මධ්‍යම පළාත යා කෙරෙන කෙටිම ගමන් මාර්ගය ලෙස මෙම පාලම භාවිතා කිරීම නිසාවෙනුත් හයිලෙවල් මාර්ගයේ සහ ලෝ ලෙවල් මාර්ගයේ පැමිණෙන රථ වාහන පූගොඩ කිරිඳිවැල හා නව නුවර පාරට සම්බන්ධ වීම සඳහාත් වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය කරන බව අවිස්සාවේල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි.



අදහස් (1)

හංවැල්ල පාලම හරහා යන වාහන සීමා කරයි

කපිල Tuesday, 15 January 2019 05:10 PM

පාලම හදල අවුරුදු 50ක් ඇතුලත ගිලා බහිනවා කියන්නේ ඒක හදලා තියෙන තත්ත්වය පේනවා.

:       28       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 101 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 248 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 596 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site