සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල නීඩ්වුඩ් වතුයායේ පෞද්ගලික සමාගමක් මගින් ඉදිකෙරෙන ස්වාභාවික පිහිනුම් තටාකය කින් හල්දුම්මුල්ල නගරයට නාය යාමේ අවදානමක් ඇති වන බවට සභා මන්ත්‍රී කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව එහි ඉදිකිරීම් අද 27 තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කියයි.
හල්දුම්මුල්ල නගරයට ඉහළින් පිහිටි කන්දක මෙම පිහිනුම් තටාකය පර්චස් පහක ට අධික වපසරියකින් යුක්ත ව ඉදි කරමින් පවතී.
මෙම පිහිනුම් තටාකයේ එක්රැස්වන ජලය කාන්දු වීමෙන් පහළින් පිහිටි හල්දුම්මුල්ල නගරයට අවදානමක් ඇති වන බවට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් පෙන්වා දී තිබේ .
මෙම ඉදිකිරීම් සඳහා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බැවින් ඉදිකිරීම් තහනම් කිරීමට පියවර ගත් බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට ගල් වැටි දාලා හදනවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ...
කොමිස් කුට්ටිය හරියට හම්බවෙලා නෑ වගේ... නැත්නම් විරුද්ධ වෙයි පරිසරයට හෙණ ගැහුවත්..
මේ ආණ්ඩුවට ඉස්සෙල්ලා ආණ්ඩුවට ඉස්සෙල්ලා ආණ්ඩුවේ, කට්ටියක් නම් හල්දුම්මුලේ හොඳ ගේමක් ගහන්න ප්ලෑන් කරලා තිබුනේ, එ්කට විදුලිය ගන්න එදපු හයි වෝල්ටේජ තවම තියෙනවා බෙලිහුල්ඔය හරහා හල්දුම්මුල්ලේ සොරගුණේ ගොල්ෆ් පිට්ටනියක් ස්ටේඩියම්, හෝටල් මේවා පුද්ගලිකව කරන්න (ආණ්ඩුවේ නමින්) ලොකු ප්ලෑන් එකක් තිබුණා... ඒ නැවතුණු වැඩේ ආයේ පටන් ගන්න යනවද දන්නේ නැහැ.., ගෝඨාභය මහත්තයාගෙන් සියලු විස්තර දැනගන්න පුළුවන් අවශ්‍ය නම්...
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ අවධානය අගේ කළ යුතුමයි.. මහජන නියෝජිතයන් හැටියට එවැනි කරුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යයි..
සභාපතිට ගානක් දීලා වැඩේ ආයේ පටන් ගමු.
දේසපාලුවන්ට දියබුං ගහන්න වෙන්න ඇති. දැන් එච්චර තමයි අඩු...
පර්චස් 5 ක් කියන්නේ හරිම කුඩා නාන තටාකයක්... මේකෙන් වන හානිය මට නම් තේරෙන්නේ නෑ. හැමදේටම විරුද්ධ වෙන කාලකන්නි ටිකක් හැමතැනම ඉන්නවා...
පිහිනුම් තටාකයක් කියන්නේ වැවක් නැතිනම් පතහක් නොවෙයි. පතුලත් පැති බැමිත් සියල්ල ෆයිබර් සිමෙන්ති වලින් සිල් කරලා සැදූ එකක්. මේ සමාගම ඒ පිහිනුම් තටාකය ස්වභාවික හැඩයකට සදන්නටයි යන්නේ. මේ හරක් එක නොදැන තප්පුලනවා. මේ අයට මොන ජාත්‍යන්තර මට්ටමේ සංවර්ධනයක්ද? ජිවිත කාලෙම හේනක් කොටාගෙන ලුනුමිරිසුයි, ආප්පයි කකා ඉන්නවා ඇරෙන්න.... තව අවුරුදු 50ක් ගියත් එතනමයි.