IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


හල්දුම්මුල්ලේ ස්වාභාවික පිහිනුම් තටාකය ඉදිකිරීම අත්හිටුවයි

සමන් පාලිත නානායක්කාර 

හල්දුම්මුල්ල නීඩ්වුඩ් වතුයායේ පෞද්ගලික සමාගමක් මගින් ඉදිකෙරෙන ස්වාභාවික පිහිනුම් තටාකය කින් හල්දුම්මුල්ල නගරයට නාය යාමේ අවදානමක් ඇති වන බවට සභා මන්ත්‍රී කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව එහි  ඉදිකිරීම් අද 27 තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව   කියයි.

හල්දුම්මුල්ල නගරයට ඉහළින් පිහිටි කන්දක මෙම පිහිනුම් තටාකය පර්චස් පහක ට අධික වපසරියකින් යුක්ත ව ඉදි කරමින්  පවතී.  

මෙම පිහිනුම් තටාකයේ එක්රැස්වන ජලය කාන්දු වීමෙන් පහළින් පිහිටි හල්දුම්මුල්ල නගරයට අවදානමක් ඇති වන බවට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් පෙන්වා දී තිබේ .

මෙම ඉදිකිරීම් සඳහා හල්දුම්මුල්ල ප්‍රාදේශීය  සභාවේ කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බැවින් ඉදිකිරීම් තහනම් කිරීමට පියවර ගත් බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ  සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවසීය. 



අදහස් (12)

හල්දුම්මුල්ලේ ස්වාභාවික පිහිනුම් තටාකය ඉදිකිරීම අත්හිටුවයි

eresh S kumara Wednesday, 27 May 2020 08:29 AM

හොඳට ගල් වැටි දාලා හදනවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ...

:       59       67

චුට්ටා Wednesday, 27 May 2020 10:13 AM

මන්ත්‍රීලාගේ පැමිණිල්ලක්ලු. අනේ මේ අපි නොදන්නා ශ්‍රී ලංකාවේ මන්ත්‍රීලා. ඒ අය ඉස්කෝලේවත් ගිහින් තියෙනවද...? කෝච්චිවල ගැහැණුන්ගේ මාල කඩපු අය ඇමතිලා වෙලා ඉන්න රටක මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගැන මොන කතාද...?

:       0       81

chinthakaWednesday, 27 May 2020 10:43 AM

ශුවර් එකටම රටේ හැම හොඳ වැඩකටම විරුද්ධ එජාපය සහ ජෙප්පන් වෙන්න ඇති...

:       58       26

PrabhaWednesday, 27 May 2020 05:12 PM

බැනලා වැඩක් නැහැ.. එයාලා ඒ තැන්වලට යැව්වේ කව්ද?

:       0       0

yenuraWednesday, 27 May 2020 01:05 PM

නිකමට අහන්නේ. හදන එකක් නම් කොහොමද ස්වභාවික එකක් වෙන්නේ?

:       0       7

otuwa Wednesday, 27 May 2020 08:32 AM

කොමිස් කුට්ටිය හරියට හම්බවෙලා නෑ වගේ... නැත්නම් විරුද්ධ වෙයි පරිසරයට හෙණ ගැහුවත්..

:       0       303

amila Wednesday, 27 May 2020 10:06 AM

මේ ආණ්ඩුවට ඉස්සෙල්ලා ආණ්ඩුවට ඉස්සෙල්ලා ආණ්ඩුවේ, කට්ටියක් නම් හල්දුම්මුලේ හොඳ ගේමක් ගහන්න ප්ලෑන් කරලා තිබුනේ, එ්කට විදුලිය ගන්න එදපු හයි වෝල්ටේජ තවම තියෙනවා බෙලිහුල්ඔය හරහා හල්දුම්මුල්ලේ සොරගුණේ ගොල්ෆ් පිට්ටනියක් ස්ටේඩියම්, හෝටල් මේවා පුද්ගලිකව කරන්න (ආණ්ඩුවේ නමින්) ලොකු ප්ලෑන් එකක් තිබුණා... ඒ නැවතුණු වැඩේ ආයේ පටන් ගන්න යනවද දන්නේ නැහැ.., ගෝඨාභය මහත්තයාගෙන් සියලු විස්තර දැනගන්න පුළුවන් අවශ්‍ය නම්...

:       35       59

ප්‍රේමතිලක පෙරමුණ Wednesday, 27 May 2020 11:00 AM

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ අවධානය අගේ කළ යුතුමයි.. මහජන නියෝජිතයන් හැටියට එවැනි කරුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යයි..

:       3       16

mahesh jayawickrama Wednesday, 27 May 2020 11:22 AM

සභාපතිට ගානක් දීලා වැඩේ ආයේ පටන් ගමු.

:       0       3

ගමේ එකා Wednesday, 27 May 2020 12:00 PM

දේසපාලුවන්ට දියබුං ගහන්න වෙන්න ඇති. දැන් එච්චර තමයි අඩු...

:       1       1

banda Wednesday, 27 May 2020 12:02 PM

පර්චස් 5 ක් කියන්නේ හරිම කුඩා නාන තටාකයක්... මේකෙන් වන හානිය මට නම් තේරෙන්නේ නෑ. හැමදේටම විරුද්ධ වෙන කාලකන්නි ටිකක් හැමතැනම ඉන්නවා...

:       0       12

chandima Wednesday, 27 May 2020 12:42 PM

පිහිනුම් තටාකයක් කියන්නේ වැවක් නැතිනම් පතහක් නොවෙයි. පතුලත් පැති බැමිත් සියල්ල ෆයිබර් සිමෙන්ති වලින් සිල් කරලා සැදූ එකක්. මේ සමාගම ඒ පිහිනුම් තටාකය ස්වභාවික හැඩයකට සදන්නටයි යන්නේ. මේ හරක් එක නොදැන තප්පුලනවා. මේ අයට මොන ජාත්‍යන්තර මට්ටමේ සංවර්ධනයක්ද? ජිවිත කාලෙම හේනක් කොටාගෙන ලුනුමිරිසුයි, ආප්පයි කකා ඉන්නවා ඇරෙන්න.... තව අවුරුදු 50ක් ගියත් එතනමයි.

:       121       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1860 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1499 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site