IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හල්දුම්මුල්ලට - ඇල්ලට - පස්සරට ආපදා අවදානම තවදුරටත්

(සමන් පාලිත නානායක්කාර )

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල , ඇල්ල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉකුත් 22 අඟහරුවාදා නිකුත් කළ ආපදා අවදානම් පළමුවන අදියරට  අදාල කහ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැසි සහිත කාලගුණික තත්ත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන් ආපදා අවදානම දින හතරක් පුරා පැවති බවත් තවදුරටත් අධික  වැසි පැවතියහොත් ආරක්ෂිත ස්ථාන කරා යාමට අවදානම් කලාපවල වැසියන්ට උපදෙස් ලබාදී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩ බලන  සහකාර අධ්‍යක්ෂ  අමිල සජිත් මහතා පැවසීය .

මේ වන විට ගල් පෙරලීම හා පස් කදු කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති  ඇල්ල -වැල්ලවාය මාර්ගය යළි විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව සිදුවන බැවින් එතෙක් බෙරගල වැල්ලවාය හෝ පස්සර  බල්ලකැටුව මාර්ග විකල්ප මාර්ග ලෙස භාවිතා කරන ලෙස ද  බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි. 



අදහස් (0)

හල්දුම්මුල්ලට - ඇල්ලට - පස්සරට ආපදා අවදානම තවදුරටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 607 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site