(රංජන් කස්තුරි)
පී.හැරිසන් මහතාගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂයන්වල වෙනසක් සිදුකර තිබේ.
ඒ අනුව පී. හැරිසන් මහතාගේ අමාත්‍යාංශයට අයත්ව තිබූ පශු සම්පත් සංවර්ධන විෂය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අමාත්‍යාංශයටත් ඒ මහතාගේ අමාත්‍යාංශය සතුව තිබූ ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය ධූරය පී. හැරිසන් මහතාගේ අමාත්‍යාංශයටත් පවරා තිබේ.
මෙම විෂයන් වෙනස්වීම හේතුවෙන් එම අමාත්‍යවරුන් නැවත ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
මේ වනවිට පී.හැරිසන් මහතාගේ අමාත්‍යාංශය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලෙස නම්කර තිබෙන අතර රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අමාත්‍යාංශය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලෙස නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජනාධිපතිට තියන එකම රාජකාරිය ඇමතිකම් දීම සහ විෂයන් වෙනස් කිරීම... මේ ආණ්ඩුවේ තරම් ඇමතිලා ඉල්ලා අස්වූ සහ නැවත දිවුරුම් දුන් කිසිම ආණ්ඩුවේ සිදුවුනේ නැහැ...