මහජන තීන්දුවට ගරු කරමින් ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (17 වැනිදා) දහවල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරු වලින්ද ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනය කරයි.
“මගේ ධූර කාලය ඇතුළතදී මට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මා විසින් කරන ලද හොඳ දේවල් දිගින් දිගටම පවත්වාගෙන යනු ඇතැයි මා විශ්වාස කරනවා“ යයිද හරීන් ප්‍රනාන්දු මහතා සිට ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබේ.
COMMENTS
පක්ෂය බෙදුව ඔබ යන එක හොදයි.
එජාපය අමාරුවේ දැමූ අය.......
ඔබගේ ආගමික විශ්වාසය ඇදහූ සියගණනකගේ ජීවිතය බේරා නොගත්තාට ඉදිරි ජීවිත කාලය පුරා ඔබට පසුතැවිලි වීමට වෙයි.
බෝම්බ ගැන දන්නවනම් ආයේ අපිටත් කියන්න.
මෙන්න මිනිස්සු........
ගෙම්බන් පැනීම පටන්ගෙන ඇත.
ඔබ වැන්නන් ඉවත් වීම පුදුමයක් නොවේ.
කරුණාකරලා දේශපාලනෙන්ම ඉවත් වෙලා වෙන වැඩක් බලාගන්න. රටටත්, ජනතාවටත් ආශිර්වාදයක් වෙන්නේ ඔබ එහෙම තීරණයක් ගත්ත දාටයි.
නොගියත් දැන් කාලේ ඉවරයි ලොක්කා. ඔයාලා වපුරපුවගේ අස්වැන්න අරගෙනම යන්න. මගේ රටට ආදරේ මිනිස්සු තවම ඉන්නවා කියලා විතරක් මතක තියාගන්න.
තාත්තා කිව්වද ඉල්ලා අස්වෙන්න කියලා.....?
ඈ මහත්තයෝ, ඡන්දයෙන් පරදින්නම ඕනි යන්න නේද? දැන් ඉතින් ඕගොල්ලන් යන්න ඕනි නැහැ. නිකම්ම යැවෙනවා.