IMG-LOGO

‘හොරට පොහොර මිලදීගන්නා සමාගම්වලට නීති ක්‍රියාමාර්ග ගන්නවා’

(මනෝජ් හර්ෂික)
 
ආනයනය කරනු ලබන රසායනික පොහොර කූඨ ලෙස වංචා කර භාණ්ඩ නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (31) පැවැසීය.

රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 35 කට අධික වියදමක් දරමින් ගොවින්ට වී සහ අනෙකුත් බෝග වෙනුවෙන් ලබා දෙන පොහොර සහනාධාරය වංචනිකව ලබා ගන්නන් සඳහා කඩිනමින් නීති ක්‍රියාමර්ග ගන්නා බව අමාත්‍යවරයා කීය.

පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

“කෘෂිකාර්මික නොවන භාණ්ඩ නිෂ්පාදනයේ දී ඇතැම් ප්‍රසිද්ධ ආයතන කිහිපයක් රජය විසින් ලබා දෙන පොහොර කූඨ ලෙස භාවිත කරනවා කියලා තොරතුරු ලැබිලා තිබෙනවා.

මෙම සමාගම්වලට පොහොර අවශ්‍යතාවයක් තියෙනවා නම් සහනාධාර මුදලට නොව ආනයනික මුදලට නිසි අවසරයක් ඇතිව මිලදී ගන්න පුළුවන්. නමුත් පොහොර කූඨ ලෙස මිලදී ගන්න මෙම සමාගම් කටයුතු කිරීම කනගාටුදායක කරුණක්. 

මේ පිළිබඳව නීතියෙන් කටයුතු කරන්න පොලිස්පති සහ නීතිපති දැනුවත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්තුමන්ට මම උපදෙස් දුන්නා. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ඉල්ලන්න කටයුතු කරනවා.”

රජයේ සහනාධාර යටතේ ගොවි ජනතාවට ලබා දෙන පොහොර අවභාවිතය,  1982 අංක 12 පොදු දේපළ පනත යටතේ රාජ්‍ය මුදල්  අවභාවිතා කිරීමක් වශයෙන් නඩු පැවරිය හැකි යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (1)

‘හොරට පොහොර මිලදීගන්නා සමාගම්වලට නීති ක්‍රියාමාර්ග ගන්නවා’

mp Friday, 31 May 2019 06:42 AM

මේ ක්‍රියාමාර්ගය ගන්නේ දවල් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 141 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site