(රංජන් කස්තුරි)
වසර ගණනාවක් තිස්සේ ස්ථාපනය නොකළ හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
ඉකුත් 2009 වසරේදී විසුරුවා හැරීමෙන් පසුව හෝමියෝපති වෛද්‍ය සභාව මේ දක්වා ස්ථාපනය කර නැත හෝමියෝපති වෛද්‍යවරුන් පිරිසක් ඉකුත්දා ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව ඇමතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය නොකිරීම නිසා 2009 වසරෙන් පසුව ලියාපදිංචි කෙරුණු හෝමියෝපතී වෛද්‍යවරුන්ට නීත්‍යානුකුල භාවයක් නැතැයිද එම සාකච්ඡාවේදී හෝමියෝපති වෛද්‍යවරු පෙන්වා දුන්හ.
COMMENTS
හෝමියෝපති මිත්‍යාවට නැවත ඉඩ දෙන්න එපා. අහිංසක ජිවිත වලට වහකියන්නේ කවුද? හෝමියෝපති මිත්‍යාව ගැන නොදන්නා කෙනෙක් ඉන්නවනම් විකිපීඩියා එකේ හොමියෝපති ගැන කියවල බලන්න.
හෝමියෝපෙති කියන්නේ ගොඩවෙදකමක්.. ගොඩක් රටවල දොස්තර කෙනෙක්ට මේක රෙකමෙන්ඩ් කරන්නත් තහනම්.. අපිට මොකටද මේක...?