IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හමුදාපතිගේ රුව මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීම ගැන ලිඛිත පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ) 

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ රුව සහ ඔහුගේ ප්‍රකාශයක්, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගනිමින් සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මානව හිමිකම් කොමිසමට, ජනාධිපති ලේකම් කාර්යාලයට හා ආරක්ෂක අමාත්‍යංශයට ලිඛිතව පැමිණිලි කර ඇත. 

මෙවැනි සිදුවීමකදී අවවාද කිරීම්වලින් ඔබ්බට ගොස් අවසාන තීන්දුවක් ගත යුතු යැයි ද මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස ලිඛිතව පැමිණිලි කිරීමට කටයුතු කළේ ඒ නිසා යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

අදාළ දැන්වීම පළ කළ පාර්ශවයේ අනන්‍යතාව සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇතැයි කී හෙතෙම එය හෙළිදරව් කරගැනීම අනාගත මැතිවරණ ක්‍රියාවලියේ සුපිලිපන්නභාවයට අත්‍යවශ්‍ය යැයි ද අවධාරණය කර කීය.

මැතිවරණවලදී කෙරෙන සීමා මායිමක් නොදන්නා ප්‍රචාරණ වියදම් වර්තමානය වනවිට ප්‍රජාතන්ත්‍රවාදයත් මහජන කැමැත්තත් විකෘති කරන තැන දක්වා ගමන් කර ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වර්තමාන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම, ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුවත්පත් දැන්වීමක් පළ කිරීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා විසින් පසුගිය 14 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ වර්තමාන යුද හමුදාපතිවරයාගේ මෙන්ම  විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම නුසුදුසු ක්‍රියාවක් බවය.  එම දැන්වීම තමන්ගේ අනුදැනුමකින් තොරව පළ කළ එකක් යැයි යුද හමුදාපතිවරයා ද ප්‍රකාශයක් කර තිබිණි.



අදහස් (10)

හමුදාපතිගේ රුව මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීම ගැන ලිඛිත පැමිණිල්ලක්

saali Thursday, 24 October 2019 10:32 AM

දැන්වීම පල කළ කෙනෙක් සොයාගන්න නැත. එ් නිසා මෙහිදී දොසක් නැතියයි තීන්දු කළ යුතුයි. මෙවැනි දේ සාමාන්‍ය දේවල් ලෙස සිතීමට දැන්ම ඉඳලා පුරුදුවන්න...

:       32       50

Channa Thursday, 24 October 2019 10:39 AM

ගෝඨා නිසයි යුද්දේ දිනුවේ.

:       178       254

senaThursday, 24 October 2019 11:46 AM

ඒක තමයි මමත් කියන්නේ. එතුමාට පින් සිද්ධවෙන්න අපි පාරේ බැහැලා යනවා. ඒකනිසා එතුමාගේ ඡන්ද වැඩවලට වගේම පෞද්ගලික වැඩවලටත් මේ රටේ නීති පද්ධතිය මගින් යම් යම් සීමාවල් වගේම නඩු හබ දැමීමත් වැරදියි. මගේ පෞද්ගලික අදහස නම් ඡන්දයක් වැඩක්ම නැහැ. එතුමා යුද්දෙන් රට බේරා ගත්ත නිසා එතුමා කැමති කාලයක් රට පාලනය කළ යුතුයි. ඊට පස්සේ ඡන්දයක් තිබ්බට කමක් නැහැ.

:       54       42

athuraThursday, 24 October 2019 12:31 PM

2015 මහින්ද නිසා යුද්දේ දිනුවේ... 2019 ගෝඨා නිසා යුද්දේ දිනුවේ... එ්කක් කියන්න.

:       3       3

PereraThursday, 24 October 2019 06:06 PM

රාජකීය රාජපක්ෂවරුන් තිස් අවුරුදු ත්‍රස්තවාදය පරදවලා රට බේරගත්තට එම උත්තමයින්ට තව පරම්පරා ගණනාවකට ලංකාවේ රාජ්‍ය පාලනය තව අවුරුදු දෙතුන් සීයකටවත් ලැබෙන විදිහට රටේ ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි.

:       0       0

Chanak los angelesThursday, 24 October 2019 03:53 PM

එහෙනම් අර මාධ්‍යවේදිනියක් අහපු වෙලාවේ යුද්ධය කලේ මමවත්, අයියවත් නොවේ. ෆොන්සේකා කියලා හික් හික් ගාලා හිනාව දැම්මේ?

:       0       0

ranji Thursday, 24 October 2019 10:40 AM

හමුදාපති පිළිගත්තනේ ඒක එයා 2009 කියපු එකක් කියලා.

:       38       44

Buddiks Thursday, 24 October 2019 11:24 AM

යුද්දේ කාලේ හමුදාවෙන් අස්වෙලා ඇමෙරිකාවට පළාගිහින් අයියා ජනාධිපති වුනාම ආපහු ආවේ. හොදට හම්බකරලා අද යුද්ධය උලුප්පලා බලයට එන්නේ හොරකම් වහගන්න.

:       204       220

Mahee Thursday, 24 October 2019 12:15 PM

ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමනි, ඔබතුමා ගැන අතිවිශාල ගෞරවයක්, භක්තියක් අප තුල ඇත. ඒ ගෞරවනීය ප්‍රතිරූපය වැනසීමට දේශපාලුවන්ට ඉඩ හැරියොත් ඔබේ කීර්තිනාමයට ඇතිවන කැළල මැකිය නොහැකි වනු ඇත..

:       1       3

සෙනෙවිරත්න Thursday, 24 October 2019 12:56 PM

යුද්ධය සහ ජාතිවාදි පොහොට්ටුකරුවන්ට ගසට පොත්ත මෙනි. මෙයින් තොර ඡන්දයක් මොවුන්ට නැත. එහෙත් ජාතිවාදය අවුලවා ලබන ජයේ ප්‍රතිඵල කෙදිනක හෝ බියකරු ලෙස ඉස්මතු වනු ඇත. ඉතිහාසයේ ඒ බවට ඕනෑවටත් වඩා උදාහරණ ඇත. අවාසනාවට මොවුන් රටේ ඉතිහාසයවත් නොදන්නා කිසිදිනක පොතක් කියවා නැති මන්ද බුද්ධිකයින්ය. එක්කෝ දැනගත්තද තම වාසියට නිහඬව සිටියි...

:       40       152

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site