IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


හඳුනා නොගත් සලඹ විශේෂයකින් ලුණුගම්වෙහෙර ගම්වැසියෝ පීඩාවට

(අනීෂා මානගේ)   
                                            
හඳුනානොගත් සලඹ විශේෂයක් ස්පර්ශ වීමෙන් ඇතිවන අසාත්මිකතාවයක් හේතුවෙන් ලුණුගම්වෙහෙර රණවරනාව සහ දෙව්රම්වෙහෙර ප්‍රදේශවල ජනතාව ඉමහත් පීඩාවට පත්ව සිටිති.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දෙව්රම්වෙහෙර සහ රණවරනාව ප්‍රදේශවල මේ දිනලදී ව්‍යාප්ත වී ඇති හඳුනා නොගත් සලඹ විශේෂයක් නිසා ඇතිවන අසාත්මිකතාවයක් හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටිති. 

මෙම සලඹ විශේෂය සම මත ස්පර්ශ වීමෙන් කැසීම, බිබිලි මතුවීම සහ සත්ත්වයා ස්පර්ශ වූ ස්ථාන රතු පැහැවීම ආදී රෝග ලක්ෂණ ඇතිවන බව ජනතාව පවසති. මේ හේතුවෙන් කුඩා දරුවන්ට මෙමගින් වැඩි හානියක් වී ඇතැයි ද ඔවුහු කියති. මේ දිනවලදී තරමක වියළි කාලගුණයක් පැවතීම හේතුවෙන් මෙම සලඹ විශේෂයේ ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන බවද ඔවුහු පවසති. 

අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රීක් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් කුමාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ මෙම සලඹ විශේෂය එතරම් ප්‍රචලිත සලඹ විශේෂයක් නොවන තවමත් නිශ්චිතවම හඳුනාගෙන නොමැති  සලඹ විශේෂයක් වන අතර දහවල් කාලයේදී විදුලි පහන් කණු ආශ්‍රිතව රැඳී සිටිමින් විදුලි ආලෝකය පවතිද්දී එයට සතුන් ඇදී එන බවත්ය.

සළඹයන්ගේ ශරීරයේ පවතින සියුම් කුඩු වැනි ද්‍රව්‍යයක් මිනිස් ශරීරයේ ස්පර්ශ වීමෙන් අසාත්මිකතා ඇති වන බවට හඳුනාගෙන ඇති අතර අසාත්මිකතාවයන්ට ලබා දෙන ඖෂධ මගින් එය පාලනය කළ හැකි බවද ඔහු කියයි. 

කීට විද්‍යාඥයින් හරහා සලඹ විශේෂය හඳුනාගෙන එම සතුන් මර්දනය කිරීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයිද ඔහු කීවේය. 

 


 



අදහස් (2)

හඳුනා නොගත් සලඹ විශේෂයකින් ලුණුගම්වෙහෙර ගම්වැසියෝ පීඩාවට

Nuwan Tuesday, 15 January 2019 04:23 PM

ඔක්කොටම අමාත්‍යංශ. ඇමතිවරු වාහන සේවකයෝ මුදල්. ඒ වුනාට රටේ වසංගත ගොඩයි

:       0       9

appuhami Wednesday, 16 January 2019 02:18 AM

මේ සේනා දලබුවාගේ සලබයා වත් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 245 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site