(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ දැන් පවතින ‘කොවිඩ් 19’ වයිරස අවදානම මුහුණදීමට අවශ්‍ය අමතර ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතුව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔක්සිජන් සිලින්ඩර් 7500 ක් මේ වන විට සමස්ත රට පුරා භාවිතයට ගනිමින් තිබෙන බවත් හදිසි අවස්ථාවක භාවිතයට කාර්මික ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතුව ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතාගේ අස්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
ඇනවුම්කර ඇති අතිරේක ඔක්සිජන් සිලින්ඩර් 395 ක් ලබන සතියේ ලැබෙන බවත් තවත් සිලින්ඩර් 1000 ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශය ද තවත් ඔක්සිජන් සිලින්ඩර් ගෙන ඒමට කටයුතු කර ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘‘හදිසි අවස්ථාවකට ගන්න ඔක්සිජන් රට තුළ තිබෙනවා‘‘
Hafeel Saturday, 01 May 2021 01:31 AM
ඒ වුණාට අර සනත් නිශාන්ත, නිමල් ලාන්සාගෙන් උපදෙස් ගත්තා නම් හොඳයි. ඔවුන් කියාවි ඔක්සිජන් නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා.
කමල් Saturday, 01 May 2021 01:37 AM
දැනට භාවිතා වන්නේ 7500ක් නම් තව 2000කින් පමණ වැඩිවීම සැලකිය යුතු වැඩිවීමක් නොවෙයිනේ..?
සිරිබිරිස් Saturday, 01 May 2021 02:23 AM
ඔක්සිජන් සිලින්ඩර් වගේම අමතර වායුව ලොකු ටැංකි වලත් තියා ගන්න. හදිසි අවස්ථාවක් ආවොත් ඉක්මණට පුරවන්න පුලුවන් එතකොට....
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 01 May 2021 02:28 AM
පටු වාසි බලාගෙන අපේ පුංචි දේවල් ගැන නිකන් පුරාජේරු කතා කියා ජනතාව නොමඟ යවන්න එපා. යථා තත්ත්වය ගැන සිතා කතාකරන්න. අර තරම් බලවත්ව සිටි ඉන්දියාවේ තත්ත්වය දැන් කොහොමද? ඒ විදිහට බලන විට, අපට මොන කජ්ජක් කරන්න පුළුවන්ද? කූඹියා මුත්‍රා කොට ළමයින්ට කීවාලු "මෙන්න පුතේ ගංවතුර ගලලා" කියා. අාන්න ඒ වගේ කතාවක් තමයි මේ කියා තියෙන්නේ. තරහ වෙන්න එපා ඔන්න ඕක තමයි ඇත්ත.
siri Saturday, 01 May 2021 09:07 AM
රටතුළ තිබුණාට වැඩක් නෑ. ඔක්සිජන් ටැංකිවල නෑනේ. එ්කයි අවුල. අපි දැක්කා කොරෝනා වාට්ටුවක් බාර දොස්තර මහත්තයෙකුගේ සහෝදරයෙකුත් ඔක්සිජන් නැතුව මියගියා කියලා. කයිවාරුව නම් ඇතිවෙන්න තියෙනවා. ඒ වුණාට වැඩ බැරි ටාසන්ලට තමයි වැඩ බාර දීලා තියෙන්නේ. බෝම්බ ගහපු අයට දඬුවම් දෙනවා කියලා බලයට පත්වෙලා දැන් දඬුවම් කරන්නේ මහපාරේ නලා ගහපු අයට. 69 ලක්ෂයක නොවැම්බර් වරුන්ට පව්...!
Bamunuarachchi Saturday, 01 May 2021 10:50 AM
ඔක්සිජන් කන්නද?
Sam Saturday, 01 May 2021 12:40 PM
මේ බලන්න මෙයාලා ගාව හොද අදහස් තියනවා නේ
ranjith Saturday, 01 May 2021 02:37 PM
ICU ඇඳවල් එහෙම තියෙනවා කියලා නේද? කළින් කිව්වේ දැන් ICU තියා රෝහල් ඇඳක්වත් නෑනේද?
sena Saturday, 01 May 2021 02:48 PM
අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තියෙනවද?