(මනෝප‍්‍රිය ගුණසේකර)
හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (10) දවස පුරා කොළඹ උතුර ප‍්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.
හෙට (10) පෙරවරු 8.00 සිට අනිද්දා (11) පෙරවරු 8.00 දක්වා පෑලියගොඩ, වත්තල, ජා-ඇල, සීදුව සහ කටුනායක යන නගර සභා බල ප‍්‍රදේශවලටත් කැලණිය, බියගම, මහර සහ දොම්පේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශවලටත් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෙට කොළඹ උතුරට පැය 24ක් වතුර කපයි
රංගන Monday, 09 March 2020 02:22 PM
වැඩ කරන අපේ විරුවා ආපු දවසේ ඉඳන් වැස්සත් නැහැ, වතුරත් නැහැ, මිනිස්සුන්ට කන්නත් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ රෝග බිය විතරයි. නරක පාලකයින් ආවම සොබාදහමත් දරුණු වෙනවා කියලා දහමේ සඳහන් වෙන්නේ මේකට වෙන්න ඇති...
athuraTuesday, 10 March 2020 04:24 AM
පහු ගිය කාලෙ මෙතන පොහොට්ටුවට කඩේ යමින් අදහස් පලකල පුද්ගලයන් අදහස් දාල තිබුන "රාජා භවතු ධම්මිකෝ"කියලා.
ගොන් වස්සාTuesday, 10 March 2020 05:12 AM
හැම මාසෙම දවස් හත අටක් ගම්පහ කඩවත පැත්තට වතුර කපනවාම තමා. ඊට පස්සේ වතුර එන්න තවත් දවස් තුන හතරක් යනවා.
sugath Tuesday, 10 March 2020 12:06 AM
එහෙනම් ඉතින් උතුරු කොළඹ කටිටියට හෙට වැසිකිළි යන්න දකුණු කොළඹට එන්න වෙයි.
mahida Tuesday, 10 March 2020 01:12 AM
වෙනම කපන්න දෙයක් නැහැ බියගම හැමදාම කපලා...............
lalithm Tuesday, 10 March 2020 02:47 AM
මොකක් වුනත් එක දෙයක් ඇත්ත. බලාපොරොත්තු වුනේ සාධාරණ මිලට බඩු, නිදහස් චින්තනයක්. එහෙත් දැන් පෙනෙන්නේ කාපාලු හොර දේශපාලුවන්ගේ පාරම් බෑම සහ අධික බඩු මිල. දරාගත නොහැකි අන්දමින් කඩාවැටුණු සාමාන්‍ය ජන ජීවිතය. මේ ඔක්කොටම හේතුව 19 ව්‍යවස්ථා සංශෝධනයද ? ජනපති තුමනි, පොදු ජනයා දෙස බලන්න.